ක්‍රීඩා සංස්කෘතියක් බිහිකිරීමේ ජාතික අරමුණ යටතේ, පාසල් සහ මහජන ක්‍රීඩාංගණ සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවමින් මීගමුව දළුපත සමනළ ක්‍රීඩාංගණය සහ කොච්චිකඩේ ක්‍රිස්තුරාජ විදුහල් ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීමේ කටයුතු නුදුරේදීම ආරම්භ කිරීමට නියමිතය.
මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන සහ සැලසුම් පිළිබඳ විස්තර පහත පරිදිවේ.


- දළුපත සමනළ ක්‍රීඩාංගණය සංවර්ධනය: රුපියල් මිලියන 64.71 ක මූල්‍ය ප්‍රතිපාදනයක් යටතේ සිදු කෙරෙන අතර, ක්‍රීඩාපිටිය තුළ ජලය බැසයාම විධිමත් කිරීම සඳහා ප්‍රධාන පිවිසුම ඉදිරිපිට මාර්ගයේ පිහිටි පැරැණි කානුව දක්වා නව කානුවක් ඉදිකිරීම මෙයට ඇතුළත් වේ.
- කොච්චිකඩේ ක්‍රිස්තුරාජ විදුහල් ක්‍රීඩාංගණය සංවර්ධනය: රුපියල් මිලියන 50.5 ක මුදලක් මේ සඳහා වෙන් කර ඇත.
මේ වන විට මෙම ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන කටයුතු අවසන් අදියරට ළඟා වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන ක්ෂේත්‍ර නිරීක්ෂණ චාරිකාවක් මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ගේ ප්‍රධානත්වයෙන් (සැප්තැම්බර් 02 දින) සිදු කෙරිණි.
මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා නාගරික මන්ත්‍රී සංගීත් පෙරේරා, නාගරික මන්ත්‍රීනි රූපිකා නාමලී, නාගරික මන්ත්‍රී ක්‍රිශාන් මැක්සිමස් යන අය ඇතුළු තාක්ෂණික නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

















