spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ කාණු පද්ධතිය පිරිසිදු කිරිමේ ඒකාබද්ධ මෙහෙයුමක් ඇරඹේ !

Must read

මීගමුව නගරය අපිරිසිදු යැයි කියා විදේශිකයන්ද දැන් මිගමුවට පැමිණිම මගඅරිමින් සිටිති. මේ අතර ඩෙංගු රෝගින් ගණනද දිනපතා ඉහල යමින් තිබේ.
මේ ආකාරයෙන් නගර තුල සෞඛ්‍ය ගැටලු ගණනාවක් මතුව ඇති පසුබිමක මිගමු සංවර්ධන පදනමේ සභාපති වෛද්‍ය ඉයන් මහතාගේ මැදිහත්විමෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ මිගමු කලාපයේ ඉජිනේරු රුවන් මහතා මිගමුවේ කාණු පද්ධතියේ පිරිසිදු කිරිම් කටයුතු සදහා ඒකාබද්ධ මෙහෙයුමකට දායකත්වය ලබා දි තිබේ.

ඒ සදහා මිගමුව නගරික කොමසාරිස්වරයාගේ මෙන්ම මිගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ නිලධාරින්ගේද උපරිම දායකත්වය ලැබි තිබුණි.
එමෙන්ම මිගමුව මුලස්ථාන පොලිස් පරික්ෂකකතුමන් මෙන්ම රථවාහන අංශයේ මුලස්ථාන පොලිස්පරික්ෂක තුමාද මේ කටයුත්තට සිය උපරිම සහය ලබාදිමට මැදිහත්වි සිටිති.
කාණු කැට අතර සිරවි ඇති විවිධ අපද්‍රව්‍ය නිසා ජලය බැස නොයාම  මුළු නගරය පුරාම බරපතල අර්බුදයක් නිර්මාණය කර තිබේ.
මේ පසුබිම තුල කාණු කැට ඉවත් කර ඒවා පිරිසිදු කිරිමට දැන් පියවර ගෙන තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article