spot_img
spot_img
Saturday, April 27, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ කූට ලේඛන කප්පිත්තා ලෙනාඩ්ව , නාගරික කොමසාරිස්වරයා රකින්නේ ඇයි ?

Must read

bribery-1newමීගමුව මහනගර සභාවට හිමිවිය යුතු අදායම් රුපියල් කෝටි ගණනින් අහිමිකිරිම  සදහා කිසිදු බියකින් තොරව නීති විරෝධි ලෙසින් කූට ලේඛණ පවා සකසමින් රු මිලියන් ගණනින් මහපරිමාණ ගසා කැම් වල නිරතව සිටින අදායම් නිළධාරියෙකුව මීගමුව නාගරික කොමසාරිස්වරයා විසින් දිගින් දිගටම ආරක්ෂාකරමින් සිටින බව දැන් ප්‍රසිද්ධ රහසකි.
විශේෂයෙන්ම සංචාරක කලාපයේ හෝටල් ඉදිකරන ව්‍යාපාරිකයන්ගෙන් ලක්ෂ ගණනින් ලෙනාඩ් පොන්සේකා නැමැති අදායම් නිළධාරියා විසින් අල්ලස් ගෙන ඇත.
පසුගිය දිනක කුඩා සංචාරක හෝටලයක් ඉදිකරන ව්‍යාපාරික කාන්තාවකගෙන් රු 50000 මුදලක්  ලෙනාඩ් පොන්සේකා විසින් ඉල්ලා ගෙන තිබුනේ නාගරික සංවර්ධන අධිකාරියේ නිළධාරින්ට සන්තෝෂම් දිය යුතු යැයි කියමිනි.
ඒ එක් උදාහරණයක් පමණි.
රු 50000 සිට මිලියන ගණනින් සිදුකර ඇති අල්ලස් ගැනිම්  දැන් මීගමුවේ බහුතරයක් දෙනා අතර ප්‍රසිද්ධියේ කතා බහ වන දෙයක් බවටද පත්ව ඇත.
මෙය වඩාත් කථාබහට ලක්වුයේ මේ ලෙනාඩ් නැමැත්තාගේ දියණියගේ සුපිරි වෙඩිම පසුගිය සතියේ රුපියල් මිලියන 7 කට වඩා වැඩි වියදමකින් සිදුකර තිබිමත් සමගින්ය.
මසකට රුපියල් 40000 ක වැටුපක් ලබන ලෙනාඩ් පොන්සේකාගේ දියණියගේ සුපිරි සාදයේ සංගිතට එක්වු තිබුනේ ජිප්සීස් සංගිත කණ්ඩායමයි. එහි බරපැන ලක්ෂ 5 ක් ඉක්මවා ඇති බවද සැලය.,
එපමණක් නොව භාති්‍ය සන්තුෂ්ලා වෙනුවෙන් ද වැය කර තිබුණ මුදල ලක්ෂ ගණනකි.
මසකට රුපියල් 40000 ක වැටුපක් ලබන මීගමුව මහනගර සභාවේ බහුතරයක් සේවකයන්ගේ දියණිවරුන් නිසි කල වයසට  දීග දිමට නොහැකිව ලතවෙමින් සිටින්නේ කැම පිගානක් රුපියල් 800 ක් තරම් අඩුවෙන් හෝ  ලබාගෙන ලගම ඥාතින්ට වත් කියා සාදයක් පැවැත්විමට ඇති නොහැකියාව නිසාමය.
තතු එසේව තිබියදි ලෙනාඩ් ෆොන්සේකා ජේට්වින්ග් බ්ලු ආයතනයෙන් එක් කැම පිගානක් සදහා  රු 6350 ක් ගෙවමින්  550 දෙනෙකුටත් වඩා වැඩි පිරිසක් මේ සුපිරි සාදයට කැදවා තිබුණි.
මීගමුව මහනගර  සභාවේ කුප්‍රට කොමිස් කාක්කන් රැසක්ද මේ සුපිරි සාදයකට එක්ව තිබුණි.
ඒ බහුතරයක් දෙනා මිගමුව මහනගර සභාවට අදායම් අහිමි කළ නිමල් ලංසා පවුලේ සහචරයන් විමද විශේෂයකි.එපමණක් නොව හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසා විසින්ම  ලෙනාඩ් පොන්සේකා හරහා කූට ලේඛන රැසක් සකසාගෙන ඇති අතර මේ සියල්ල ගැනද නගාරික කොමසාරිස් සුගත් කුමාර දනි.
ඒසා බරපතල දේවල් සිදුකර ඇති වංචනිකයෙකුව සුගත් කුමාර විසින් රකින්නේ ඇයිද යන්න ඇත්තටම විමතියකි.

Save

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article