spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ කොටුදැල් කාරයෝ වයඹ තෙප්පම් ධිවරයන්ටත් හිරහැර කරයි ! ධිවර ලොක්කෝ බුදි !

Must read

බෝට්ටු වලින් ගොස් මසුන් කොටුකරමින් වේගයෙන් බෝට්ටුව ඒ දැල් වටා කරකවමින් මුහුද කළබා මසුන් අල්ලා ගැනිමේ නිති විරෝධි ක්‍රමයක නිරතව සිටින මිගමුව වැල්ලවිදියේ සහ පළගතුරේ ධිවරයන් පිරිසක් මේ වන විට මිගමුව වැල්ලවිදියේ තෙප්පම් රැකියාකරුවන්ට පමණක් නොව වයඹ මුහුදු තීරයේ තොඩුවාව , කුඩාමඩුවැල්ල ප්‍රදේශවල තෙප්පම් ධිවරයන්ටද දැන් හිරහැර කරන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ

This image has an empty alt attribute; its file name is %E0%B6%AD%E0%B7%99%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B6%B8%E0%B7%8A-1.jpg
මෙයට එරෙහිව පසුගියදා කුඩාමඩුවැල්ල ප්‍රදේශයේදි උද්ගෝෂණයක් සංවිධානය කර තිබුනේ මිගමුවෙන් සහ මුප්පුව වැනි ප්‍රදේශවලින් එන කොටුදැල් රැකියාකරුවන් තෙප්පම් ධිවරයන්ට නිදහසේ මසුන් අල්ලා ගැනිමට ඉඩ නොදෙන බව කියමිනි.

වාරකන් සමයේ තෙප්පමේ රැකියාවට යා නොහැකි සිය දරු පවුල්වල පවා අඩක් කුසගින්නේ තබා ජිවන අරගලයට මුහුණ දුන් තෙප්පම් රැකියාකරුවන් බලාසිටින්නේ වලාලය පැමිණෙන තෙක්ය.

එහෙත් වලාලයත් සමගින් පැමිණෙන හෙනහුරන් වු කොටුදැල්කරුවන් මිගමුව වැල්ලවිදියේ පමණක් වයඹ මුහුදු තිරයේ තෙප්පම් ධිවරයන්ට හිරහැර කරන්නට  පටන් ගෙනය.

මේ සම්බන්ධයෙන් මිගමුවේ පමණක් නොව තොඩුවාව ප්‍රදේශයේදි ධිවර ලොක්කෝ බුදි දැයි අපට අසන්නට සිදුව ඇත්තේ තෙප්පම් ධිවරයන් ඒ තරම්ම පිඩාවකට පත්ව ඇති නිසාය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article