spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නොමිනිසුන් අතරේත් මිනිසුන් හමුවෙන හැටි ගැන වෙන්නප්පුවෙන් තවත් අත්දැකිමක් .

Must read

හෝටලයක අමතක වී ගිය රුපියල් ලක්ෂ තිස්පහක් දමා තිබූ මුදල් බෑගයක් එම හෝටලයට පැමිණි පුද්ගලයකු විසින් පොලිසිය දැනුවත් කර අයිතිකරුට භාරදීමේ මහඟු සත්ක්‍රියාවක්  මහවැව දිවයින වාර්තා කරු අමරනන්ද විජේසේකර අගනා සටහනක් පළකර තිබේ.
මෙම සිදුවිම වාර්තා වන්නේ වෙන්නප්පුව ප්‍රදේශයෙනි

එම සටහනට අනුව සිදුවිම සැකවෙමින් මෙසේය.

හලාවත, ඉරණවිල ප්‍රදේශයේ ධීවර යාත්‍රා හිමියෙක් ඉකුත් 30 දා උදෑසන සිය ධීවර යාත්‍රා සඳහා ඉන්ධන ලබා ගැනීමට මීගමුව නගරයට පැමිණෙන අවස්ථාවේ වෙන්නප්පුවේ හෝටලයකින් උදෑසන ආහාරය ගෙන පිටත්ව ගොස් ඇත්තේ සිය මුදල් බෑගය අමතක වීමෙන් පසුවය.

ඉන් සුළු වේලාවකට පසුව එම හෝටලයට පමිණි අයෙක් උදෑසන ආහාරය ලබාගැනීමට වාඩි වී ඇත්තේ දමාගිය මුදල් බෑගය තිබූ ස්ථානයේය. පසුව ඔහු ආහාර ගෙන පිටව යෑමේ දී හෝටලයේ සේවය කරන සේවකයා බෑගය ඔහුගේ යැයි සිතා එය රැගෙන යන ලෙස ඔහුට ලබා දී ඇත.

එහිදී ඔහු එය විවෘත කර බැලීමේ දී මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් තිබෙනු දැක වහාම පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කර ඇත. සමාජයට මහඟු ආදර්ශයක් ලබා දෙමින් මෙම උතුම් සත්කාරය සිදු කළේ උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි ගුවන් හමුදාවේ සේවය කළ සෙබළෙකු වන ප්‍රතාප් රණසිංහ මහතාය.

පොලිසිය එහි අයිතිකරු සොයා වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය් මූලස්ථාන ප්‍ර.පො.ප. තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත ප්‍රතාප් රණසිංහ මහතා විසින් ධීවර යාත්‍රා හිමියාට අදාළ මුදල් පසුම්බිය ලබාදීමට කටයුතු කළේය.

ප්‍රතාප් රණසිංහ මහතා වෙන්නප්පුව ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකට රුමේනියාවට යෑමට අවශ්‍ය කටයුතු සිදුකර ගැනීමට එදින පැමිණ තිබේ. ඔහු විදෙස්ගතවීමට තම ඉඩම උකස් තැබීමට සැලසුම් කර ද තිබිණි. මෙසේ මුදල් අවශ්‍යතාවයක් තිබියදීත් මෙම සත්කාරය කිරීම ගැන පොලිසියෙන් විශේෂ ස්තුතියක් ඔහුට පිරිනැමිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article