spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ කොරෝනා මරණ ඉහල යන ලකුණු ?

Must read

කොරෝනා පිළිබදව ජනතාවගේ අවධානය අඩුවෙමින් යන අතරේ සෞඛ්‍ය අංශ වල වැඩි අවධානය මේ දිනවල එන්නත්කරණය වෙත යොමු ඇති පසුබිමක රටතුල දිනපතා කොරෝනා ආසාදිතයන් ගණන මෙන්ම මරණ ගණනද ඉහල යමින් තිබේ. ඊයේ දිනයේ පමණක් ආසාදිතයන් ගණන 2000 ද ඉක්මවා ගොස් තිබුණ අතර මරණ ගණනද 66 ක් ලෙසින් වාර්තා වි තිබුණි.

මේ අතර මිගමුව තුලද පසුගිය තුනාමාරක් වැනි කාලයක් තුල කොරෝනා මරණ ගණන ඉහල යන බවක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය බලධාරින් පවසා සිටිති.
එ අනුව සිදුව ඇති මරණ ගණන ‌මේ වන විට 60 කට ආසන්න වෙමින් තිබෙන අතර පසුගිය කාලය තුල පෝරුතොට පළගතුර වැනි ප්‍රදේශවලින් මරණ කිපයක් වාර්තා වි තිබුණි.
ඒමෙන්ම මිගමුව රෝහල තුලින් කොරෝනා මරණ 6 ක් පසුගිය දින 2 ක තුල පමණක් වාර්තා වි තිබේ.
පසුගිය දිනක යතුරු පැදි අනතුරකින් මිය ගොස් තිබුන තරුණයෙකු එ අතර වන බව දැක්වේ .පොදුවේ ගත් කළ මිගමුවේ බොහොමයක් දැන් වලදි කොරෝනා නිති රිති නිසි පරිදි පිළිපදින්නේද යන ගැටළුව ප්‍රබල ලෙසින්ම මතුවෙමින් තිබේ.

මේ අතර කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වැඩි වුවහොත් පසුගිය මැයි මාසයේ ඇතිවූ බරපතළ තත්වයට රට යළි ගමන් කළ හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.කාර්යාල සහ සුපිරි වෙළඳසැල්වල සෞඛ්‍ය නීති පිළිපැදීම අඩාල වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය .

සුපිරි වෙළඳසැල්වල කාර්යාලවල අත සේදීම වැනි ක්‍රියාමාර්ග හරියට පිළිපැදිය යුතු බවද ඔහු කීවේය.

කොරෝනා රෝගීන්ගේ යම් වැඩි වීමක් පෙනෙන්නට තිබෙන බවත් මේ තත්වය සුළුවෙන් නොතකන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article