spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ දැන් අනතුරු අඩුයි. ???

Must read

මේ වන විට මීගමුව පොලිස් බල ප්‍රදේශයේ රිය අනතුරු වැඩි වී ඇතැයි ජනතාව අතර අදහසක් තිබේ. එලෙසම රිය අනතුරුවලින් අගතියට පත් වන පිරිසට මීගමුව රථ වාහන පොලිස් අංශයෙන් බලාපොරොත්තු වන සාධාරන ඉටු නොවෙනවා යැයි චෝදනාවක් ද මේ වන විට පවතී. මීගමුව පොලිස් බල ප්‍රදේශයේ සිදුවන රිය අනතුරු ගැන ජනතා අදහස් සහ, මීගමුව රථ වාහන පොලිස් අංශයට එල්ලවී ඇති චෝදනාත් අප මීගමුව රථ වාහන පොලිස් අංශයේ ස්ථානාධිපති ඇන්ටන් පෙරේරා මහතා වෙත ඉදිරිපත් කලෙමු. මේ ඒ මහතා සමගින් කල කෙටි පිලිසදරේ සංක්ෂිප්තයකි.

මෑතක සිට මීගමුව පොලිස් බල ප්‍රදේශය තුල සිදු වන රිය අනතුරු වල වැඩිවීමක් දක්නට ලැඛෙනවා නේද?

හරියටම බැලූවොත් වැඩිවීමක් නොවෙයි අඩුවීමකුයි තියෙන්නේ. මොකද සමහර අය ඔහොම කියන්නේ කිසිම පදනමක් නැතිවයි. අඩුම තරමින් වෙනත් වර්ෂයන් හෝ මාස සමග සන්සන්දනය කිරිමක් නැතිවයි එහෙම කියන්නේ. දැන් පිට පිටම අනතුරු කිහිපයක් වුනොත් ඒ අය කියන්නේ අනතුරු වැඩිවෙලා කියලයි.

මොකක්ද ඒකට හේතුව?

වසම තුල වැඩි පුර යතුරු පැදි සංචාර සදහා  යොමු කර තිඛෙනවා. ඒත් එක්කම බීමත් සහ නොසැලකිලිමත්ව මාර්ග නීති කඩන රියදුරන්ට එරෙහිව නඩු පැවරීම ආදී නීතිමය කටයුතු සිදු කිරීම වැඩි කරලා තියෙනවා, ඒවාගේම මහජනතාව සහ රියදුරන්ව අපි සෑම විටම පාහේ විවිධ වැඩසටහන් මඟින් දැනුවත් කරනවා මේ අනතුරු වලක්වා ගැනීමටත් අවම කර ගැනීමටත්.

මීගමුව ප්‍රදේශයේ සිදු වන රිය අනතුරු වලින් වැඩිපුරම අනතුරු සිදු වීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද ?.

මීගමුව ප්‍රදේශය තුල සිදු වන රිය අනතුරු බොහෝමයක්ම සිදු වන්නේ රියදුරන් තුල පවතින නොසැලකිල්ල නිසයි. එලෙසම බීමත්කම නිසාද රිය අනතුරු හුඟාක් මීගමුව ප්‍රදේශය තුල සිදු වෙනවා. ඊට අමතරව දැනට සිදුවන යතුරු පැදි අනතුරු ගත්තොත් කාන්තාවන් පදවන යතුරු පැදි නිසාද සිදු වන අනතුරු වල වැඩිවීමක් දක්නට ලැඛෙනවා. . එක්කෝ ස්කූටි පෙෆ්  එහෙම නැතිනම් ප්ලේෂර් ˜ වාගේ ගියර් නැති යතුරු පැදි (ස්කූටර්) කාන්තාවන් විසින් විශේෂයෙන්ම මව්වරුන් විසින් පැදගෙනයාම අද මාර්ගයේ බොහෝ සුලභව දැකගන්න පුළුවන්. හැබැයි මේ ස්කූටර් පදවන බොහෝ කාන්තාවන්ට යතුරු පැදි පදවන්න ලයිසන් නැහැ.

තමන්ගේ දරුවන් කිහිප දෙනෙකුත් මේ ස්කූටර් වල තියාගෙන උදේ සවස ගමන් කරන අම්මලා වැඩි ප්‍රමානයකටම ලයිසන් නැහැ. හදිසියක් වෙලා හරි ස්කූටරයේ බ්‍රේක් ගැහැව්වොත් ඒකේ පිටුපස ඉදගෙන යන අයයි, ඉස්සරහ හිටෝගෙන යන අයයි, විසිවෙනවා. ඊළගට පදවන කෙනාවත් විසි වෙනවා. මේ ස්කූටර් වල රෝද පොඩියි. ඒක නිසා හදිසියේ බ්‍රේක් කලාම යතුරු පැදිය පාලනය කර ගන්නබැරි වෙනවා. මේක භායනක තත්වයක්. මේ භයානක තත්වය අපි ල`ගකදී සිට මීගමුව තුල සිදු වෙන අනතුරු වලින් හඳුනා ගෙන තියෙනවා.

බීමත් රියදුරන් අල්ලන්න ක්‍රියාත්මක කීරීමට ගෙන ඇති වැඩපිලිවෙලක් එහෙම තියෙනවාද ?

ඔහුගේ බීමත්කම හරියටම ස්ථීරව සනාථකර ගත යුතු නිසා එහිදී අපි විශේෂිත බැලූමක් යොදා ගෙන ස්වසන පරීක්ෂනයක් කරනවා. ඒ පරීක්ෂනයට කියන්නේ ඇල්කොලයිසර් පරීක්ෂනය කියලා.

මේකට අවශ්‍ය වෙන ඒ විශේෂිත බැලූනය අඩංගු කට්ටලය භාවිතා කරන්න පුළුවන් එක වතාවයි. ඒ කට්ටලය පිටරටින් තමයි ආනයනය කරන්නේ . පසුගිය මාස කිහිපය තුල මීගමුව පොලිසිය ඇතුළු බොහෝ පොලිසි වලට ඔය කට්ටලය ලැබී තිබුනේ නැහැ. එම කට්ටලය නොමැතිනම් ඒ රියදුරාව අධිකරණ විශේෂඥ වෛද්‍යවරයෙකු ඉදිරිපත් කල යුතුයි. විශේෂයෙන්ම රාත්‍රි කාලයේදී අධිකරණ විශේෂඥ වෛද්‍යවරු රෝහලට පැමිණෙද්දී පැය කිහිපයක් ගත වෙන්න පුළුවන් .ඒ වන විට අර සැකකාර රියදුරාගේ මත් ගතිය නැති වෙන්නත් පුළුවන්. සමාන්‍යයෙන් යම් අයෙකුගේ රුධීරය මිලී ලීටර් 100 ක ඇල්කොහොල් 0.08 ක් අඩංගු වුනොත් ඔහුට විරුද්ධව බීමත්කම යන චෝදනාව යටතේ නඩු පැවරිය හැකියි. ඒහෙම නොවුනොත් ඔහුට විරුද්ධව බීමත්කම යන චෝදනාව යටතේ නඩු පවරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා ඒ කට්ටල පොලිසියට තිබීම අත්‍යාවශයයි. දැන් නම් මාසෙකට ඒ කට්ටල 50 බැගින් අපිට ලැඛෙමින් පවතිනවා. නමුත් මීගමුව පොලිස් වසමේ බීමත් රියදුරන් ඉන්න ප්‍රමානය අනුව සහ පොලිස් වසමේ විශාලත්වය අනුව මාසෙකට අඩුම තරමින් ඒ කට්ටල 100 ක් වත් ලැබිය යුතුයි කියයි මා හිතන්නේ.

මීගමුවේ රිය අනතුරු දැනට සිදු වෙන ප්‍රමානයටත් වඩා තව අවම කිරිමට රථ වාහන පොලිස් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස ඔබේ යෝජනා මොනවාද ?

විශේෂයෙන්ම මීගමුව නගරය දෙපස යකඩ වැට වල් ඉදි කිරිම. එම යකඩ වැටවල් ඉදිකිරීම මඟින් නගරය තුල අනතුරු බොහෝ ප්‍රමානයක් මේ වන විට වලක්වා ගන්නත් , අවම කර ගන්නත් හැකි වෙලා තියෙනවා. ඒ යකඩ වැටවල් තව මීගමුව නගරය තුල සවි කල යුතු තව තැන් කිහිපයක්ම තියෙනවා . මේ වෙද්දීත් මම නගරාධිපතිතුමා සමගත් ඒ පිලිබදව සාකච්ඡා කරලා තියෙනවා.

ඒවාගේම ඔය නගරයේ මාර්ග 05ක් හමුවෙන තැන ඒ කියන්නේ තිලන්දුව හංදිය (සාන්ත ජෝශප් විදියේ රේල් ගේට්ටුව අසල) `දහා ගුවන් පාලමක් ඉදි කලයුතුයි කියා මා සිතනවා.

ඒ ස්ථානයේ විදුලි සංඥා පුවරු සවි කිරීම යෝග්‍ය නැහැ. ඒවාගේම නගරය තුල රථ වාහන ගාල් කර තැබීමට නිසි රථ ගාලක් ඇති කල යුතුයි. අද මීගමු නගරයට ඇතුල් වෙන වාහන නවතා ගන්න නිසි තැනක් නැතිව නගරය වටේම ධාවනය කරන්න රියදුරන් කටයුතු කරනවා.

මේ මෑතකදී පෙරියමුලල ප්‍රදේශයේ සිදුවූ මාරක රි අනතුරින් සිව් දරු මවක් මිය ගියා . නමුත් ප්‍රදේශවාසීන් සහ සමහර පිරිස් පොලිසියට චෝදනා කරනවා එම රිය අනතුර සිදු කල රියදුරා සම්බන්ධව නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොවුනා කියා.

ඒ චෝදනාව සම්පුර්ණයෙන්ම මම ප්‍රතික්ෂේප කරනවා. මොකද ඔය අනතුර සම්බන්ධයෙන් සිදු කල මුලික පරීක්ෂනය කලේ මගේ ප්‍රධානත්වයෙන්මයි. පොලිසියට ඔය විදිහට චෝදනා කරන්නේ ඒ පවුලේ උදවිය නෙවෙයි, පිට අයයි. අනතුරෙන් පසුව ඒ රියදුරු පැනලා ගිහිල්ලා, පොලිසියට ඇවිත් භාර වුනා. අපි ඔහුව දවස් 16 කට රක්ෂිත බන්ධනාගාර ගත කලා. ඔහුට ඇප දීම සම්බන්ධව තීරණය කරන්නේ අපි නෙවෙයි , මහාධිකරණයයි. ඒ අනතුර සිදු වීමෙන් පසු යම් පිරිසක් ඒ වාහනයට ගිණි තියන්න උත්සහ කර තිබුනා. පොලිස් නිලධාරියෙක් විදිහට මට ඒ වාගේ දේකට ඉඩ දෙන්න බැහැ. ඒක නිසා හැකි පමන ඉක්මනින් මම ඒ වාහනය එතැනින් ඉවත් කලා. ඒවාගේම භාර වුනු ඒ රියදුරාගේ ජීවිතය සම්බන්ධ වගකීමත් අපිට පැවරිලා තිබුණු නිසා ඔහුගේ ජීවිතයට යම් ප්‍රශ්නයක් ඇති වේවී කියා මම ඔහුව මරණ පරීක්ෂනය සිදු වන ස්ථානයට පවා රැගෙන ගියේ නැහැ. මොකද එම ස්ථානයේදී කිසිවෙක් ඔහුගේ ජීවිතයට යම් අනතුරක් කලොත් එහි වගකීමද පැවරෙන්නේ පොලිසියට නිසයි එහෙම කලේ. එහෙම නැතිව අපි නීතිය කි්‍රයාත්මක නොකෙරුවා නෙමෙයි. ඒ මිය ගිය මවගේ දීයණියත් ඒ පවුලේ අයත් ඒ ගැන හොදින් දන්නවා.(( මෙම සාකච්ඡා සටහන සැකසීමේදී සහය වූ මීගමුව රථවාහන පොලිස් අංශයේ පොලිස් සැරයන්අධිකාරී මහතාට අපගේ ස්තූතිය ))

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article