spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ක්‍රිස්තු ප්‍රතිමාවේ කටයුතු නවිකරණයට මහසභාවේ එ්කමතික අනුමැතිය…

Must read

මීගමුව මහ නගර සභා භූමිය තුල ස්ථාපිත කර ඇති ක්‍රිස්තු ප්‍රතිමාව නවිරකරණය සදහා කලාපිය අනුනායක පැට්ට්‍රික් ප්‍රනාන්දු පියතුමන් විසින් නගරාධිපතිවරයා හට ඉදිරිපත් කර ඇති ලිපියක් අද දිනයේ මහසභාෙව් අනුමැතියට ඉදිරිපත් කරන ලද්දේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි දයාන් ලංසා මහතා විසිනි.

තමා ලෝගුවත් සිවුරවත් ජිවිතේ කිසි දිනක මින් මන්තට විශ්වාස නොකරන බව එදා මහසභාවේදි සපථ කළ ඇන්ටනි ජයවිර මන්ත්‍රිවරයා අද දිනයේ සභාවට පවසා සිට ඇත්තේ තමන් සියළු ආගම්වලට ගරු කරන්නෙක් වන හෙයින් මෙයට සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි කියාය.

ඔකතෝබර් මස සභාව එකම කාලගෝට්ටියක් වි තිබුනේ දැනට ස්ථාපිත කර ඇති බුදු පිළිමය එතනින් කඩා ඉවත් කර දැමිටම යෝජනාවක් වැඩි ජන්දයෙන් සම්මත කරගැනිම නිසාය.

බුදු පිළිමය කඩා ඉවත් කර දමන්නැයි කියමින් ජන්දය දුන් ඇන්ටනි ජයවිර ඇතුළු ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රිවරුන් සහ විපක්ෂයද අද ක්‍රිස්තු ප්‍රතිමාව නවිකරණය කිරිමට ඒකමතික අවසරවය ලබා දි තිබුණි.

බුද්ධ ප්‍රතිමාව සහ බුදු කුටිය සංවර්ධනය  කිරිම සදහා 2012.06.02 දාතමින් අබේසේකරාමයේ ගරු සුමේධ හිමියන් විසින් නගරාධිපතිට ලිපියක් යොමුකර තිබුණ අතර එහි සදහන් කර තිබුෙන් දැනට වර්ග අඩි 142 ක පිහිටා ඇති බුද්ධ ප්‍රතිමාවේ සංවර්ධන කටයුතු සදහා වර්ග අඩි 218 ක් ලබාදෙන ලෙසය.

මේ සම්බන්ධයෙන් අපට දුරකථන ඇමැතුමක් ලබාදුන් නම හෙළි කිරිමට අකැමැති පාඨකයෙක් සදහන් කලේ අයබදු නිසි වේලාවට ගෙවිමට  මහනගර සභාව කාර්යාලය ට යාමට සහ ඒමට ඇති ඉඩකඩ අහුරානොගෙන  ක්‍රිස්තු ප්‍රතිමාවේ සංවර්ධන කටයුතු පුළුල් කරනු ඇතැයි තමා විශ්වාස කරන බවය.

එමෙන්ම හින්දු සහ මුස්ලිම් භක්තියන්දැ මෙවන් ඉල්ලිමක් කිරිමට බලාපොරොත්තුවෙන් සිටින්නේ නම් බදු ගෙවිම සදහා මීගමුව බස්නැවතුමේ හිස්ව ඇති කඩයක් බදු ගෙවන ජනයා වෙනුවෙන් වෙන්කර තැබිමට නගරාධිපතිවරයා දුර්දර්ශි වන බවට තමාට දැඩි විශ්වාසයක් පවතින බවටද හෙතෙම අවධාරණය කර සිටියේය.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article