රටට බලපෑ දැවැන්ත ව්‍යසනයෙන් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 3043 ක පුද්ගලයින් 12121 ක් පීඩාවට පත්ව ඇති බව ප්‍රාදේශීය ලේකම් රසික මල්ලවආච්චි පැවසීය.
අඛණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මීගමුවේ ග්‍රාම සේවක කොට්ඨාශ කිහිපයක් ගංවතුරට යටවී ඇත.
ගෝමස්වත්ත, රබර්වත්ත, සෙල්ලකන්ද, දෙනියාවත්ත,සහ දළුපත පෙරියමුල්ල ප්‍රදේශයේ බොහෝ ස්ථාන ගංවතුරට යටවී ඇති අතර, බොහෝ දෙනෙක් තම නිවාස තුළ සිරවී සිටිති.
.
ඔවුන් බේරා ගැනීමට සම්බන්ධ වූ සමාජ සේවා සංවිධාන බෝට්ටුවලින් ඔවුන් පිටතට ගෙන කටයුතු කර ඇති අතර තවත් බොහෝ දෙනෙක් උඩුමහල්වල රැඳී සිටිති.
මේ අකාරයෙන් ඉවත් කළ අයගෙන් සමහරක් ඥාතීන්ගේ සහ මිතුරන්ගේ නිවෙස්වල රැඳී සිටින අතර සමහරුන් තාවකාලික කඳවුරුවල නවාතැන් ගෙන සිටිති
මීගමුවෙහි පවුල් 3043 ක පුද්ගලයින් 12,121 ක් පීඩාවට පත්ව ඇති බවත් පවුල් 270 ක පුද්ගලයින් 958 ක් සහන කඳවුරු 07 ක නවාතැන් ගෙන ඇති බවත් ප්‍රාදේශීය ලේකම් රසික මල්ලවආරච්චි මහත්මිය පැවසීය.
දළුපත, දූවන, කට්ටුව,පෝරුතොට බොරතොට, කොච්චිකඩේ දේවස්ථාන, සුගතාරාම විහාරය සහ පෙරියමුල්ල අල් හිලාල් මධ්‍ය මහා විද්‍යාලය යන ස්ථානවල ඔවුන් නවාතැන් ගෙ ඇති බව ඇය තවදුරටත් පවසා සිටියාය.
. ඔවුන් සඳහා පිසූ ආහාර සපයනු ලැබේ. ජලයෙන් යට වූ නිවාසවල සිරවී සිටින අයට බෝට්ටු ආධාරයෙන් ආහාර බෙදා හරිනු ලැබේ.
කටාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 108 ක පුද්ගලයින් 1031 ක් මීගමුව කඳවුරුවල නවාතැන් ගෙන ඇත.
මීගමුව මුස්ලිම් මහා පල්ලිය ජනතාවගේ සහයෝගයෙන් ඔවුන් 3,000 ක් පමණ දෙනාට ආහාර පිස ආහාර සපයනු ලැබේ.
ඒ හා සමානවම, දේවස්ථාන හරහා ආහාර සැපයීමට පියවර ගෙන තිබේ.
මීගමුව මැතිවරණ කොට්ඨාශය භාරව කටයුතු කරනු ලබන නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, අවශ්‍ය පියවර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරිය සමඟ ස්ථාන නිරික්ෂණ චාරිකාවද නියැලි සිටියේය..
මීගමුව-පුත්තලම ප්‍රධාන මාර්ගයේ දළුපත සහ මීගමුව-මීරිගම මාර්ගයේ ඩීන් හන්දියේ රථවාහන තදබදයක් ඇති වී තිබේ.
මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කඳවුරු වෙත ගොස් වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වමින් අවශ්‍ය ඖෂධ ලබා දෙමින් සිටී.
මීගමුව නගරය හරහා ගලා යන හැමිල්ටන් ඇලේ ජල මට්ටම ඉහළ ගොස් තිබේ. ප්‍රදේශයේ බොහෝ ස්ථානවල විශාල ගස් කඩා වැටී ඇත. ගිනි නිවන භටයින් ඒවා කපා ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටිති..
ස්ථානවල නිතර විදුලිය ඇනහිටීම් සිදු වේ.
කොටුව පිට්ටනිය ජලයෙන් යට වූ ජාලාශයක් මෙනි.
නගරයේ බොහෝ වෙළඳසැල් වසා දමා තිබුණි. සතිපතා සෙනසුරාදා රාත්‍රී වෙළඳපොළ ද නොපැවැත්විණි.
බොහෝ ස්ථානවල පීඩාවට පත් ජනතාවට විවිධ පාර්ශවයන් උපකාර කරමින් සිටී
ඉස්මාදුල් රහුමාන්












