spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ මුස්ලිම් පල්ලි 11 ක් වසාදැමේ..

Must read

මුස්ලිම් පල්ලියමීගමුවේ මුස්ලිම් පල්ලි 11 ක් වසා දැමිමට එහි පාලක මණ්ඩල විසින් තින්දු කර ඇතැයි වාර්ථාවේ. එයට හේතුව වි ඇත්තේ අද පෙරවරුවේ කොරෝනා බිය හේතුවෙන් වසා දැමුන මිගමුව දිනපතා පොළ සහ මහනගර සභා නාගරික වෙළඳ සංකිර්ණය තුල මුස්ලිම් බැතිමතුන් ගණනාවක්ම ව්‍යාපාර කටයුතු වල යෙදි සිටින බැවිනි.
පවතින වතාවරණ්‍ය තුල කොරෝනා වෛරසය මේ පිරිස් අතරද පැතිර ඇතිදෝයි යන සැකය නිසාම එයට මුහුණ දිමට ගත් පියවරක් ලෙසින් මෙසේ මිගමුව මුස්ලිම් මහපල්ලියේ පාලන කමිටුවට අයත් පල්ලි 10 ක් සහ සා.පීතර විදුහල අසල පිහිටි මුස්ලිම් පල්ලියත් සමගින් පල්ලි 11 ක් ආගමික කටයුතු සදහා වසා දමා ඇතැයි වාර්ථාවේ.
පවතින තත්වය හමුවේ මුස්ලිම් දේවස්ථාන පාලන කමිටු විසින් මේ ගෙන ඇති තීන්දුව මහජන සෞඛ්‍ය නිළධාරින්ගේද පැසසුමට ලක්ව ඇතැයි වාර්තාවේ.
සැබැවින්ම මේ අර්බුදය හමුවේ ඕනෑම තැනක නායකයන් කටයුතු කළ යුත්තේ එලෙසිනි.එය තමන්ගේ බැතිමතුන්ගේ පමණක් නොව සියළු දෙනාගේම ආරක්ෂාව පතා මේ ගැන ඇති තීන්දුව සැබැවින්ම පැසසුම් කටයුතුය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article