spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ රාත්‍රි සමාජ ශාලාවකට රජයේ ඉඩමක් හරහා කොන්ක්‍රිට් පාරක් දැම්මේ කව්ද ?

Must read

club-1024x434රට විනය ගත කිරිම සදහා ජනාධිපතිවරයාට දැන් තුනෙන් දෙකක බලයක් ලැබි තිබේ.ජනතාව දැන් බලාපොරොත්තු වන්නේ දැන්වත් ජනාධිපතිවරයා නීතිය නමන්නට කිසිවෙකුටත් ඉඩක් නොදි විනය ගරුක රටක් හදන්නට වගබලා ගනු ඇතැයි කියාය.
රට තුල විනය ස්ථාපිත කිරිමේ අභියෝගයේදි එය වඩාත් අපහසු වන නගරය වන්නේ මිගමුව බවට සැක නැත.
එයට හේතුව වන්නේ රජයේ කිසිදු නීතියකට වඩා පවුලක නිතියක් මිගමුව තුල රජකරන බැවිනි.( මේ අනිතික ක්‍රියා ගැන අප කොන්දේසි විරහිතව හෙළිරදව් කරද්දි ඉන් රිදෙන ලංසා පවුලේ හිතවතුන් පිරිසක් අපට දිගින් දිගටම ෆේස්බුක් එක හරහා බැන වදින්නට පටන් ගෙන තිබේ. ඉදිරියේදි ඒ සියළු දෙනාගැනද අප කොන්දේසි විරහිතව හෙළිකරන බවද මෙහිලා සටහන් කළ යුුතුව තිබේ.)

නගර සංවර්ධනය භාරව ඇත්තේ වියත්මග නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කොට අංක එකට පැමිණි ජනපතිගේ සමිපතමයෙකු වු නාලක ගොඩහේවාටය.
ඔහුටද මිගමුවේ විශාල ඡන්ද ප්‍රමාණයක් වැටි තිබුණි. .
එයට එක් හේතුවක් වි තිබුනේ  ඔහු විවාහ වි සිටින්නේ මිගමුවෙන් බැවිනුත් සරත් ගුණරත්න වැනි ජේෂ්ඨ දේශපාලකයන්ද නාලක ගොඩහේවා වෙනුවෙන් මිගමුව තුල විශාල මැදිහත්විමක් කර තිබිමත්ය.
රාජ්‍ය ඇමති නාලක ගොඩහේවාවට ඇති එක් අභියෝගයක් පමණක් අප මෙසේ අවධානයට ගෙනඒමට කැමැත්තෙමු.
මිගමුව දුම්රිය පළ ආසන්නයේ සෙනසුරාදා රාත්‍රි පොළ පවත්වන පාර ආසන්නයේ ඇති රාත්‍රි සමාජ ශාලාවකි. මෙහි හිමිකරු මිගමු නගරාධිපතිවරයාගේ සමිපතමයෙකු වන පිටිපන ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි.
ඔහු විසින් නගර සභා ඉඩමක නීති විරෝධි ලෙසින් ඉදිකරන්නට යෙදුන ගොඩනැගිල්ලක් තිබේ. දැන් එය සැබැවින්ම රාත්‍රි සමාජ ශාලාවකි.
ඒ අසල ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමකි.raily-shops-7
ලංසා පාලනය විසින් මෙම ඉඩම තුල තහඩුවලින් කඩ 50 කට ආසන්න ප්‍රමාණයක් තනා එය වෙළදුන් හට ලබා දි තිබුන අතර මේ ගණුදෙනුවේදි වැඩියෙන්ම හම්බ කරගත් තැන්තා ලෙසින් ප්‍රසිද්ධියට පත්ව තිබුනේ මිගමුව නියෝජ්‍ය නගරාධිපති ෆරිස්ය.
වත්මන් නගරාධිපති දයාන් ලංසා සිය ධුරයට පැමිණි පසු අනවසර කඩ කඩා ඉවත්කරන්නේ යැයි යන ජනප්‍රිය ලේබලය යටතේ මාධ්‍ය සංදර්ශණයක්ද පවත්වමින් මෙහි තිබු කඩවල් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් කඩා ඉවත් කර දමන ලදි .
එසේ කඩ ඉවත් කිරිමේදි අප ඉතා පැහැදිලිව එදාම කියා සිටියේ මේ අනවසර ඉදිකිරිම් ඉවත් කරනවා යැයි කියා ජනතාව රවටා කරන්නට යන්නේ රාත්‍රි සමාජ ශාලාවට අවැසි පහසුකම් ලබාදිමට බවය.
අපි එදා කිව්වා හරිය.
සිදුවුයේ ඒ කඩ කැඩු ප්‍රදේශයද ප්‍රයෝජනයට ගෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමේ  රාත්‍රි සමාජ ශාලාවට පාරක් සහ රථ ගාලක් ලබාදිමට කටයුතු කිරිමය.
රජයට හිමිකාරිත්වයක් ඇති ඉඩමක කොන්ක්‍රිට් පාරක් සහ රථ ගාලක් රාත්‍රි සමාජ ශාලාවක් වෙනුවෙන් ඉදිකරන්නේ කෙසේ දැයි විමසා බලන කළ නීතිය කොයිතරම් නමා ඇතිදැයි තේරුම් ගැනිම පහසු වනු ඇත.
නාලක ගොඩහේවා වැනි වියත් ඇමතිවරුන් දැන්වත් මිගමුවට නීතිය සහ පිළිවෙල ගෙනඒමට කටයුතු කළ යුතුව ඇත්තේඑබැවිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article