spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ ”වියළි සහන මලු මගඩිය” ගැන එජාපය මුදල් කාරක සභාවේදි විරුද්ධ නොවුනේ ඇයි ??

Must read

dayan 100පසුගිය දිනවල බදුගෙවන ජනයා අතරද කථාබහට ලක්ව තිබුණ වියළි සහන මලු පිළිබද කරුණ ඊයේ දිනයේ මිගමුව මහනගර සභාව තුල පැවැති මුදල් කාරක සභාවේදි සාකච්ජාවට ගෙන ඇත.
එජාපය නියෝජනය කරමින් එය සහභාගිව සිටි කැලිසන් ජයකොඩි මන්ත්‍රිවරයාගෙන් අප මේ  ගැන විමසා සිටි අවස්ථාවේදි  ඔහු කියා සිටියේ දැනට මුදල් කාරක සභාව වෙත ඉදිරිපත්ව ඇති වාර්ථා අනුව  මිගමුවේ නාගරික මන්ත්‍රිවරුන්ට බෙදා ඇති වියළි සහන මලුවල මුලු  ගණනේ වටිනාකම රු ලක්ෂ 24 ක් පමණ බවට තමන් ගණන් බලා ඇති බවය.
ඉතිරි වියළි සහන මලු නගරාධිපතිවරයා වෙත පැමිණි  විවිධ ඉල්ලිම් අනුව බෙදා දි තිබුන බව නගරාධිපතිවරයා පැවසු බව  කැලිසන් ජයකොඩි කියා සිටියේය.
එහිදි අප විමසා සිටියේ පැහැදිලි විනිවිදභාවයක් නැති මේ ගණුදෙණුව සදහා එජාප නියෝජිතයන් දෙදෙනා අනුමත කරමින් සහය පළකලේද යන්නයි.
එහිදි ඔහු කියා සිටියේ මේ වියලි සහන මලු බෙදා දි ඇත්තේ කාටදැයි පැහැදිලි වාර්ථාවක් ඊලග මහසභාවට ඉදිරිපත් කරන ලෙසත් එජාප ඒ අනුව තින්දුවක් ගන්නා බව දැනුම් දුන් බවය.
මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු එජාප වෙනුවෙන් මුදල් කාරක සභාව නියෝජනය කරන නස්මියාර් මන්ත්‍රිවරයා කියා සිටියේ තමන්ට රු ලක්ෂයක පමණ සහන මලු ලැබුන බවය.
විපක්ෂයේ බහුතරයක් මන්ත්‍රිවරුන් හට සහන මලු 50 බැගින් ලැබි තිබියදි සමහරක් එජාප මන්ත්‍රින් හට සහන මලු 100 බැගින් ලැබි තිබුණ බව පසුදිනවල ප්‍රකාශ වි තිබුණි.
නස්මියාර් මන්ත්‍රිවරයාගේ ප්‍රකාශය විසින්ද එය සනාථ වි තිබේ.
කෙසේ වෙතත් මුදල් කාරක සභාවට මෙම වියළි සහන මලු බෙදා දි ඇත්තේ කාටදැයි යන්න විස්තරාත්මක වාර්ථාවක් ඉදිරිපත් නොවිමෙන් පෙනි යන්නේ එය විනිවිදභාවයකින් තොර බවය.
ඊයේ දිනයේදි මුදල් කාරක සභාවට  ලක්ෂ 52 කට ආසන්න මුදලක් වැය කර ඇති අන්දම ගැන ඇතුලත් විස්තරයක් ඉදිරිපත්ව තිබේ.
එහෙත් සැබැවින්ම වියළි සහන මලු සදහා මහනගර සභාව විසින් වැය කර ඇති මුදල් මෙයට වඩා වැඩියැයි වාර්තාවේ.
මුදල් කාරක සභාවේ සිටි මන්ත්‍රිවරයෙකුම කියා සිටියේ තවත් වියදම් සහිත වාර්තාවක් යළිත් වතාවක් ඉදිරිපත්විමට බොහෝ විට ඉඩ ඇති බවය.
නම සදහන් කිරිමට අකමැතිවු නාගරික මන්ත්‍රිවරයෙකු මිපුරට කියා සිටියේ වියලි සහන මලු සදහා මිගමුව මහනගර සභාව ලක්ෂ 80 කට ආසන්න මුදලක් වැයකර ඇති බව පසුගිය දිනවල නගර සභාවේ මන්ත්‍රිවරුන් අතර සිදුව තිබුණ ප්‍රධාන මාතෘකාවක්ද වු බවය.
විනිවිදභාවය පිළිබදව පැහැදිලි ගැටළු ඇති මෙවන් මගඩි ගණුදෙනුවක් මුදල් කාරක සභාවට ඉදිරිපත් වු විට සැබැවින් විපක්ෂයේ මන්ත්‍රිවරුන්  දෙදෙනා විසින් කළ යුතුව තිබුනේ කුමක්ද ?
එයට සිය විරෝධය පළකිරිම නොවේද ?
එහෙත් එවැන්නක් ඊයේ දිනයේ සිදුව තිබුණේ නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article