spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ටෙනිස් පිට්ටනියේ ලොක්කා කාන්තාවකට පහරදි දැන් හිරේ.

Must read

Negombo-News මීගමුව මහනගර සභාවට අයත් ටෙනිස් පිට්ටනිය දැන ් පාලනය කරනු ලබන්නේ ශ්‍රි ලංකා ටෙනිස් සංගමය විසිනි.

දැනට එය භාරව කටයුතු කරන ප්‍රියංකර නැමැත්තා නාරා ආයතනයේ නිළධාරි මහතෙකුගේ  බිරිදට පහර දි ඇතැයි වාර්තා වන අතර මේ සම්බන්ධයෙන් පසුගිය 28 වනදා මීගමුව පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත.

ටෙනිස් පිට්ටනියේ දැනට ලමුන් 100 ක් පමණ දෙනා මාසිකව රු 2000 බැගින් ගෙවමින් පුහුුණුව ලබමින් සිටින අතර නත්තල් නිවාඩුව වෙනුවෙන් මෙය දින කිපයකට වසා තිබියදි මේහි කළමණාකරු වන උදය ප්‍රියංකර නැමැත්තා පිටින් ළමුන් ගෙනවිත් විශේෂ පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

මේ සදහා තමන්ගේ දරුවාද සම්බන්ධ කර ගත හැකිදැයි නාරා ආයතනයේ ප්‍රධාන නිළධාරියාගේ බිරිඳ විමසා සිටි අවස්ථාවේ එය ප්‍රතික්ෂේප කර ඇත. පසුව ඇය පෙන්වා දි ඇත්තේ අනෙක් ළමුන් මෙසේ පුහුණු වන නිසා තමන්ගේ දරුවාව සම්බන්ධකර ගතනොහැක්ෙක් ඇයි ද යනුවෙනි.

මෙය නොරිස්සු මේ කළමණාකරු නාරා ආයතනයේ නිළධාරි නිල නිවසට පැන  ඇයට පහරදි ඇතැයි වාර්ථා වේ.

පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් උදය ප්‍රියංකර නැමැති කළමණාකරු 2013 ජනවාරි 01 වනදා දක්වා බන්ධනාගාරගත කර ඇත.

කාන්තාවන්ට පහර දෙන්නට තරම් පහත් මානසිකත්වයක් සහිත කළමණාකාරිත්වයක් යටතට මීගමුවේ මහනගර සභාවට අයත්  දේපල ලබා දි ඇත්ෙත් කව්ද..??

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article