spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නගරාධිපතිට දැන් නහයක් ඇත.!

Must read

dayan 1( 8.00 am ) මීගමුව නගරයේ වසර 10 කටත් වැඩි කාලයක් පාලනය කරන ලද්දේ ලංසා පවුලයි. එහි ප්‍රථිඵලයක් ලෙසින් මුළු නගරයම කුණු වු තත්වයකට පත්වෙමින් තිබුණි.
කව්රුත් මික් කිවේ නැත.
වරක් දකුණු ආසියාවෙ සුපිරිම බස්නැවතුම යැයි නිමල් ලංසා විසින් කියු මීගමුව බස්නැවතුමට දයාන් ලංසා පුසුගිය දිනක ගොස් තිබුනේ නහය වහගෙනය.
එයට හේතුව වි තිබුනේ ගෙවුන වසර 10 ක කාලයක් තුල දයාන් ඇතුළු පිරිස ඇස්කන් වසාගෙන සිටිය බැවිනි.
දැන් එක්පාරටම නින්දෙන් ඇහැරුණාක් මෙනි.
එහෙත් අපට නම් කියන්නට ඇත්තේ ගෙවුණු වසර 10 පුරාවටම අපි නම් හොදින් ඇස්ඇරගෙන සිටි බවය.
එක දවසකට එක වැඩක් යැයි කියා මාධ්‍ය සංදර්ශණ පැවැත්වුවද ගෙවුන වසර 10 ක් තුල මිගමුවට සිදුකරන ලද විනාශයෙන් ගැලවි යා ගත නොහැක.
ඒ විනාශය මීගමුව ඉතිහාසය තුල සිදුකරන ලද දැවැන්තම විනාශයයි.
රාජපක්ෂ මුදලිදු වැනි ත්‍යාගවන්ත නගරාධිපතිවරයෙකු විසින් මිගමුවේ ජනයා හට විවේකය ගතකරන්නට යැයි කියා නගරය මැද අක්කර 7 ක් රාජපක්ෂ උද්‍යාන නමින් වෙන්කොට ඉන් කිසිසේත් මුදල් අයකළ නොකළ යුතු යැයි කියා ගිවිසුම් ගසා තිබියදි ඒ ඔප්පුවද විනාශ කොට රාජපක්ෂ උද්‍යානය කොම්පැණියකට බදුදි  ලංසා පවුල මිගමුවටම සිදුකරන ලද ගන්දස්සාර වැඩේ පමණක් වුව ඒ ලංසලා ගැන ලෝකයාටම දැනගැනිමට කදිමම නිදසුනයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article