spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කෝටිපතියෙකුට මහජන බදුමුදලින් සහන දෙන්න ගෙනා ලංසා සකා හවුල් යෝජනාව පරදියි !

Must read

sarath and saka at MR(11.50 pm )මීගමුව පෝරුෙතොට ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ස්ථානයක ඉදිරිපිට ඇති විදුලි කණු දෙකක් ඉවත් කරදිමට පසුගිය මුදල් කමිටුවට ගෙනා යෝජනාවක් පරාජය කිරිමට එජාපය ප්‍රමුඛ නියෝජිතයෝ පෙරමුණ ගෙන තිබුණි.
මෙම යෝජනාව මීගමුව ජනමතය බලතන්හාව වෙනුවෙන් එළිපිට පාවා දුන් එම් .සකාවුල්ලා විසින් මුදල් කමිටුව වෙත ඉදිරිපත් කරන ලද්දක් බව දැන් ප්‍රකටය.
අදාල විදුලි කණු ඇති මාර්ගය අඩුම තරමින් මහනගර සභාවට අයත් එකක් වත් නොවේ. රන්මුතු නම් වු තාක්ෂණික නිළධාරියාම විසින් තබා  ඇති සටහනකින්ද දක්වා ඇත්තේ මේ මාර්ගය අයත් වන්නේ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය වෙතය.
තතු එසේව තිබියදි මීගමුවේ බදුගෙවන ජනයාගේ මුදලින් මේ කණු ඉවත් කිරිමට අදාල ලක්ෂ 3 කට වැඩි මුදල දැරිමට මේ අනුව සකාවුල්ලා සැලසුම් කර තිබුණි.
මෙයින් පැහැදිලි පෙනි යන එක් කරුණක් වෙයි .
තම තමන්ගේ දේශපාලනික සහ ගතමානා උවමනාවන් වෙනුවෙන් මීගමුව බදුගෙවන ජනයාගේ මුදල් කිසිදු වගකිමකින් තොරව වැය කිරිමට වත්මන් නගර පාලකයන් කටයුතු කරමින් සිටින බවය.
තතු එසේ වුවද සාකා ලංසා ඒකාබද්ධ යෝජනාව පැරදවිමට කටයුතු කර තිබුණි.
මෙහිදි එජාප මුදල් කමිටු නියෝජිතයන් තිදෙනා මෙන්ම ශ්‍රිලනිපයේ ලලිත් ටෙන්සිල්ද හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිරද මෙම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කර තිබුණි.
මුදල් කමිටුවෙන් පැරදුන මේ යො’ජනාව ලංසා සාකා හවුල් පාලනය විසින් දැන් කල්පනා කරන්නේ මහසභාවේදි අනුමතිය ලබාගැනිමටය.
එහෙත් එහිදි මෙම යෝජනාවට අත්වන ඉරණම විසින් මීගමුව නගරයේ අනාගත පාලනය ගැන නවතම පණිවිඩියක්ද ලබාදිමට නියමිතව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article