spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ සෞඛ්‍ය කමිටු සභාපතිගේ බබා පාට් ?????

Must read

බස්නැවතුමේ වැසිකිලවල තත්වය
බස්නැවතුමේ වැසිකිලවල තත්වය

වත්මන් නගරාධිපති මෙොසෙස් ලංසා යනු මීගමුවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති සහ සෞඛ්‍ය කමිටුවේ සභාපතිය.මේ දිනවල ඔහු මහපාරවල් වලත් කාණු වලත් වැසිකිලි වලත් බැසගෙන ඒවා  ඡායාරුප ගතකරමින් දැවැන්ත මාධ්‍ය සංදර්ශනයක් පවත්වාගෙන යමින් කටයුතු කරන්නේ මිගමුව නගර පාලනය කටයුතු සදහා අගහරු ලොවින් බැස පැමිණි අයෙකු ලෙසිනි.
ඔහු නියෝජ්‍ය නගරාධිපතිවරයා ව සිටි සමයේ සහ සෞඛ්‍ය කමිටු සභාපතිව සිටි සමයේ මෙලෝ දෙයක් නොකර සිටිම නිසා මිගමුව නගරය අන්තයටම පිහිරි ගොස් තිබුණි.
පසුගිය වසරේ මිගමුව ඩෙංගු වසංගත තත්වයක් කරා ගමන් කිරිමට පාර කැපු පළමු පුද්ගලයා වන්නේ මොසෙස් ලංසාය.ඒ ඔහු වසර 8 ක් තිස්සේ සෞඛ්‍ය කමිටු සභාපතිවරයා විමේ ඵලවිපාකය.
ඔහු නගරයේ කාණු ගැන හෝ මදුරුවන් බෝවිම ගැන කිසිවක් සිදුකර තිබුනේ නැත.ඔවුන්ගේ ගෝලයන්ට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ලබාදුන්නා මිස ඒ අයගෙන් වැඩගත්තේ නැත.,ඒ නිසාම ඔවුන් නගර සභාවට පැමිණ අත්සන් කොට ත්‍රිරෝද එළවිම වැනි රැකියාවල ප්‍රසිද්ධියේ නිරත විය..නවත් කම්කරුවෝ සපත්තු මේස් ඇද වැඩට පැමිණ දයාන් ලංසාගේ අවාතේව කම්කළේය.ළමුන්ව පාසැල් ගෙනගියේය. මාර්කට් ගියේය.dengu protest 3JPG
කොටින්ම කියන්නේ නම් තම සහෝදරයාට සහ සහෝදරයාට සහ ඔහුගේ  ගෝඩ් ෆාදර්ටද හිමි ග්‍රැන්ඩිසා හෝටලයේ ඉදිකිරිම් සිදුකරමින් තිබියදි එහි සේවය කළ සේවකයන් 11 දෙනෙකුට ඩෙංගු වැළදුනි. එවිට අප සෞඛ්‍ය කමිටු සභාපතිවරයා ලෙසින් ඔහුගෙන් මේ ගැන විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ තමන් මේ ගැන කිසිවක් නොදන්නා බවය.
ඒ එදා ඔහුගේ බබා පාට්ය.
මේ පබා පාට් නිසා මිගමුවේ අසරණයන් ගණනාවකට ජිවිත වලින්ම වන්දි ගෙවන්නට සිදුව තිබුනේ මීගමුව තුල ඩෙංගු වසංගත තත්වයක් කරා ගමන් කළ නිසාවෙනි.
මීගමුව  නගරය මෙසේ කුණු වෙන්නට ඉඩහැර ලංසා පවුලට නගරයේ හැකි සියළු අදායම් මාර්ග හරවා ලමින් සහ ඔහු දැරු තනතුරුද යොදාගනිමින් විවිධ හම්බ කිරිම් සදහා පමණක් කාලය මිඩංගු කළ ලංසා දැන්  මේ කිසිවක් නොදන්නා බබෙකු ලෙසින් පසුගිය දිනක මිගමුව බස්නැවතුමේ කැඩුණු වැසිකිලි ගැන කියා තිබුණ කථා ඇසු බොහොමයක් සිනාසුනේ පස්සා පැත්තෙනි.
සැලසුමකින් තොරව බස්නැවතුම ඉදිකළේ ඔහුගේ සොහොයුරු නිමල් ලංසාය. ඇත්තටම එහිදි සිදුවුනේ කඩ හදන ලද සංකිර්ණයක ඉඩ ඇති තැන්වල බස්ද නැවැත්විම කටයුතු යෙදුවා මිස බස්නැවතුමක් ඉදිකිරිම නොවේ.
එය අද වන විට ඇත්තටම සුදු අලියෙකි.එහි වැසිකිල කැඩිගොස් වසර ගණනකි. අපි ඒවා අවස්ථා ගණනාවකදිම ජනතාවගේ නාමයෙන් හෙළිදරව් කර සිටියෙමු.
එහි හදිස්සියේ යන මොසෙස් ලංසා නින්දෙන් ඇහැරුණාක් මෙන් සතියක් ඇතුලත එය නිසි නඩත්තු කරන්නේ යැයි කියයි.
මේ මාධ්‍ය සංර්ශණවලින් රවටා ලිය හැක්කේ කුකුළු පැටව් මහන මැෂින් දේශපාලනය වෙනුවෙන් එදත් අදත් අත්වැල් බැදන් සිටින බයියන් සුළුතරයක්ව පමණි.
බහුතරක් දෙනා මිගමුවට ඇත්තටම ලංසා පවුල සිදුකරන ලද විනාශය ගැන හොදින් දනි.
එය කිසිසේත්ම පාරවල් කාණු සුද්ද කරමින් දැන් මේ සිදුකරනා මාධ්‍ය සංදර්ශන වලින් වසා ගත නොහැක.
.අපි මේ සියල්ල එකින් එක විස්තර ඇතිවම යළිත් වරක් හෙළිදරව් කරන්නේමු.
එවිට ගල උඩ කැත කළ බළලුන්ට සිදුවන දේ ගැනද අප බලා සිටින්නෙමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article