spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව නාගරික මන්ත්‍රිලාගේ ඇක්සයිස් පොත් දේශපාලනය!

Must read

මීගමුව මහනගර සභාවේ බදුමුදල් වලින්  පොදු සංවර්ධන ප්‍රතිලාභ සදහා ප්‍රධාන අවධානයක් යොමුකලයුතුව තිබුනද මන්ත්‍රිවරුන්ගේ දේශපාලන ප්‍රතිරූපය නංවාගැනිම වෙනුවෙන් සෟජු ප්‍රධාන ලෙසින් අවුරුද්දකට වරක් පාසැල් දරුවන් සදහා ලබාදිමට අභ්‍යාස පොත් ලබාදිමේ  වැඩසටහනක් දැනට වසර කිපයක සිට ක්‍රියාත්මකය.
මේ වැඩසටහන හරහා විවිධ මන්ත්‍රිවරුන් මේ අභ්‍යාස පොත් පිටකඩවලට විකුණා ඉන් හම්බකරගැනිම පිළිබදව මගඩි පවා පසුගිය කාලයේ වාර්ථා වුණි.
මෙලෙසින් මුදල් ගසා කෑමට ඇති ඉඩ කඩ නිසා තමන් ගේ නමට ලක්ෂ ගාණක පොත් ලබාගැනිමට මේ මන්ත්‍රිවරු පසුගිය කාලය තුල කටයුතු කර තිබුණි.FB_IMG_1522513254076
(8.00 am ) නිදසුනක් එවකට  උපනගරාධිපතිව සිටි  එම් සකාවුල්ලා පමණක් රු ලක්ෂ 8 ක අභ්‍යාස පොත්   ලබාගෙන තිබුණි.
මීගමුවේ වැඩිම දරුවන් ගණක් සිටින මන්ත්‍රිවරයා ලෙසින් ඔහුට නම් පටබැදුණි.
මේ පොත් අලෙවි කොන්ත්‍රාත්තුව ලබාගැනිමට අවස්ථා කිපයකදි වාසනාවන්ත   වුයේ ද ආණ්ඩුවට ඉතාමත් සමිපයෙන් කටයුතු කරගෙන යන විපක්ෂයේ මන්ත්‍රිවරයෙකි.
ඔහු විසින් ඉදිරිපත් කර තිබුණ වැඩි මිල ටෙන්ඩරය අනුමත කරවාගැනිමට කෙසේ හෝ ඔහු කටයුතු කර තිබුණි.
ඒ ටෙන්ඩර්කරු විසින් මන්ත්‍රිවරුන් හට ලබාදි තිබුණ ගසා කෑමේ පැකේජ නිසාය.
නිදසුනක් ලෙසින් රු ලක්ෂ 5 ක පොත් ලැබිමට අනුමත මන්ත්‍රිවරයෙකුට රු ලක්ෂ 3 ක පොත් ලබාගෙන ඉතිරි ලක්ෂ 2 මුදලින් ලබාගැනිමට පහසුකමක්ද ඔහු සලසා තිබුනේ තමන් වෙතද ගානක් කැපෙන ලෙසිනි.
මේ අතර මීගමුවේ එක් නාගරික මන්ත්‍රිවරයෙකි තමන් විසින් දරුවන්ට බෙදාදෙන්නට යැයි කියා ලබාගත් පොත් කඩයකට විකුණා තිබියදි අසුවිමේ පුවතක්ද අප පසුගිය කාලයේ වාර්ථා කළෙමු.
පසුකලෙක ඔහු පොත් මාමා ලෙසින් නගර සභාව තුල ප්‍රසිද්ධියට පත්විය.දයාන් 6 ලේ අත්සන් කළ මන්ත්‍රිවරිය
පිරිසිදු බොදුනුවෙකු සේ පෙනි සිටිමට හැම විටකම උත්සාහ දැරු මේ මන්ත්‍රිවරයා පැවැති නගර සභා පාලනය තුල සිටි එක්තරා ප්‍රධාන අවස්ථාවාදි මන්ත්‍රිවරයෙකු ලෙසින්ද ප්‍රකටය.
පසුගිය මැතිවරණ සමයේදි ලංසා විරෝධියෙකු ලෙසින් හැසිරුණු මේ පොදුජන පෙරමුණු මන්ත්‍රිවරයා අද ලංසා පවුලට උපරිමයෙන්ම කඩේ යන අංක එකේ මන්ත්‍රිවරයා වි ඇති බවද සැලය.
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් යැයි පිරුළ හැදුනේ මේ මන්ත්‍රිවරයා නිසාදෝ යැයි සිතෙන තරමටම හේ කපටි බොදුනුවෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article