spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

අවසන් වැඩ කොටස රූ ගතකළ සංගීත් සියළු දෙනා හඩවමින් අවසන් ගමන් යයි !

Must read

 IMG_20180707_204350

මීගමුව  දළුවකොටුව   ප්‍රදේශයේ   කොලණිය  පාරේ   පදිං.චි   සංගීත්  උදය
ප්‍රසංග  නම්  අයෙකු  පසුගිය  7දා   උස  ස්ථානයක  සිට   බිම  පතිතවීමෙන්
එම  ස්ථානයේදීම  මියගිය  පුවතක්  දැනගන්නට  ලැබින. ඔහු  තමන්  වැඩකළ  තැන
පලංචියක්  සකසා  ඒ  උඩ  හිඳ වැඩකරමින්  සිට  ඇත.මේ  අවස්ථාවේ  ඔහු
මෝල්ඩ්වින්  නමින්  හදුන්වන  කැටයම්  නිර්මාණයක  යෙදී  සිට  ඇත. මෙම
කලාවේ  දක්ෂයෙකු වූ  මොහු  තමා  විසින්  කළ  නිර්මාණය    රූගත කිරීමට
යාමෙන්  මෙම  විපත  සිදුවූ  බව  ප්‍රදේශවාසීන්  පවසයි.     1981/  7/  22
උපත  ලද  මොහු   මිය ගියේ  2018/  6/  7 වනදිනදීය. යම්තම්  තරුණවිය
ඉක්මවූවා  පමණි.   කුඩා  දරුවන්  දෙදෙනෙකුගේ  පියෙකුවන  මොහු පවුලේ
සියළුබර  තම  අතට ගෙන  ජීවිතය  ගොඩනගා  ගැනීම  උදෙසා  උත්සාහවන්ත  ලෙස
කටයුතු  කළ  පුද්ගලයෙකු  විය.   එසේම  පවුලේ   අය  ,තම  ඥාතීන් පමණක්
නොව  තම  හිත මිතුරන්  යනාදී  සියළුදෙනා  සමග  හොඳ හිත  දිනාගෙන  සිටි
අයෙකු බවද ප්‍රකාශවේ.   අකාලයේ  අවසන්  ගමන්  ගිය  සංගීත්  වෙනුවෙන්   අපි
මේ  අවස්ථාවේ  අපේ  ශෝකය  ප්‍රකාශ  කරමු.death news

සටහන – ඡායා සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article