මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ රැඳවියන් 20 කට අධික පිරිසක් රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. මේ වන විට රෝහල් ගත කල දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. තවත් රැඳවියන් දෙදෙනකු පලා ගොස් ඇත. මේ වන විට තත්ත්වය සමනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකායද කැඳවා ඇත.
බන්ධනාගාරය තුළ ඇති වූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය සහ ගැටුමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

















