ෆුට් බෝල් කින් මෙසී පවා පාපන්දු පිටියේදී අසරණ කරපු බස් ඩ්‍රයිවර්..
කේප් වර්ඩ් දූපතෙන් ලෝකයම හොල්ලපු අවුරුදු 40 දුප්පත් ගෝල්කීපර් වොසීනියා..
අද මම ඔයාලට කියන්න යන්නේ මේ දවස්වල මුළු ලෝකයේම අවධානය දිනාගත්ත, හැමතැනම ෂෙයාර් වෙන, ඇස්වලට කඳුළු උනන විදියේ සැබෑ කතාවක්. මේක තමන්ගේ හීන වෙනුවෙන් කටුක ජීවිතයත් එක්ක සටන් කරපු, අත නොහැරපු සැබෑ මිනිසෙක්ගේ ආත්ම අභිමානය පිළිබඳ කතාවක්
ජොසිමාර් හොසේ එවෝරා ඩයස් (Josimar José Évora Dias).. අප්‍රිකානු මහද්වීපයට අයත් පුංචි දූපත් සමූහයක් වන කේප් වර්ඩ් (Cape Verde/Cabo Verde) කියන රටේ ඉපදුණු මේ කොල්ලට තිබුණේ ලොකු පාපන්දු හීනයක්. හැබැයි ජීවිතේ ඊට වඩා දරුණුයි. බඩගින්න, දුප්පත්කම ඉස්සරහා හීන විතරක් හඹාගෙන යන්න ඔහුට පුළුවන්කමක් තිබුණේ නැහැ.
ජීවත් වෙන්න, ගෙදරදොරේ වියදම් පියවාගන්න මේ තරුණයා රස්සාවල් දෙකක් කළා. එකක් තමයි බස් රථ ධාවනය කරන එක. අනෙක ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් විදියට වැඩ කරන එක.
පැය ගණන් මහන්සි වෙලා බස් එකේ සුක්කානම කරකවන ගමන්, වයර් කෑලි අමුණන ගමන් එයා දැක්කේ කවදා හරි ලෝකයක් හඳුනන ගෝල්කීපර් කෙනෙක් වෙන හීනය. මිනිස්සු හිනාවුණා. උඹට පිස්සුද? බස් එලවන එකයි, වයර් අදින එකයි කරන් හිටපන්… ඕවා අපිට හරියන හීන නෙවෙයි.
හැබැයි ඔහු ඒ හැම කතාවක්ම දරාගත්තා. කවුරුත් නැති වෙලාවට තනියම ප්‍රැක්ටිස් කළා. දහඩිය මුගුරු පෙරනකම් මහන්සි වුණා. 🏃♂️💨
⏳ සාමාන්‍යයෙන් ෆුට්බෝල් ක්‍රීඩකයෙක් වයස අවුරුදු 17-18 වෙද්දී ප්‍රොෆෙෂනල් (Professional) ක්ලබ් එකකට සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඒත් අපේ කතාවේ වීරයාට, ඒ කියන්නේ වොසීනියා කියන ආදරණීය නමින් ලෝකයම හඳුන්වපු මේ මිනිහට පළමු වෘත්තීය පාපන්දු අවස්ථාව ලැබෙද්දී වයස අවුරුදු 25ක්
ලෝකයා කිව්වේ දැන් ඉතින් උඹ පරක්කු වැඩියි, ඔය වයසට ෆුට්බෝල් පටන් අරන් කරන්න පුළුවන් දෙයක් නැහැ කියලා. ඒත් වොසීනියා විශ්වාස කළේ කැපවීම සහ මහන්සිය තියෙනවා නම්, ජීවිතේ වෙනස් කරන්න කිසිම වෙලාවක වයස බාධාවක් නෙවෙයි කියලා
2022 කටාර් ලෝක කුසලාන තරඟයේදී ආර්ජන්ටිනාව ලෝක ශූරයෝ වෙද්දී, ලියොනෙල් මෙසී රන් කුසලානය අතට ගද්දී, මුළු ලෝකයේම මිලියන ගණනක් රසිකයෝ වගේම මේ වොසීනියාත් තමන්ගේ පුංචි නිවසට වෙලා ටීවී එකෙන් ඒ දිහා බලාගෙන හිටියා. මොකද ඒ වෙනකොටත් කේප් වර්ඩ් කියන පුංචි රට කිසිම දවසක ලෝක කුසලානයකට සුදුසුකම් ලබාගෙන තිබුණේ නැහැ.
වසර 4ක් ගතවුණා…
වයස අවුරුදු 40ක් වෙච්ච මේ වයසක සිංහයා (කේප් වර්ඩ් කණ්ඩායමේ නායකයා සහ ගෝල්කීපර් විදියට) තමන්ගේ මව්බිම ඉතිහාසයේ පළමු වතාවට 2026 FIFA ලෝක කුසලානය කරා අරන් ආවා.. ඒක ලෝක පාපන්දු ඉතිහාසයේ ලොකුම පෙරළියක්.
හැබැයි මේ කතාවේ හොඳම හරිය ලියවුණේ ඊට පස්සේ. ලෝක කුසලානයේ ස්පාඤ්ඤය වගේ ප්‍රබල කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරලා, ගෝල 0-0ක් විදියට තරඟය සම කරගන්න වොසීනියා සුපිරි ගෝල රැකීම් 7ක්ම කළා.. මුළු ලෝකයේම අවධානය මේ 40 හැවිරිදි ගෝල්කීපර් වෙත යොමු වුණා.
ඊළඟට ආවේ ජීවිතයේ විශාලත්ම අභියෝගය… 2026 ජූලි 4 වෙනිදා (ඒ කියන්නේ අද), මියාමි නුවරදී ලෝක ශූර ආර්ජන්ටිනාවට එරෙහිව කේප් වර්ඩ් කණ්ඩායමට තරඟ වදින්න සිද්ධ වුණා.
මැච් එකට කලින් වොසීනියා මාධ්‍යයට අපූරු කතාවක් කිව්වා
“මෙසී කියන්නේ ලෝක ඉතිහාසයේ බිහිවෙච්ච විශාලත්ම ක්‍රීඩකයා. ඕනෑම ප්‍රබල කණ්ඩායමක් මෙසී ඉස්සරහා ගැහෙනවා. එයා එක්ක එකම පිටියක් බෙදාගන්න ලැබෙන එක මගේ ජීවිතේ ලොකුම හීනයක්. කවදා හරි දවසක මගේ දරුවන්ට මම ආඩම්බරයෙන් කියනවා මම මෙසීට එරෙහිව සෙල්ලම් කළා කියලා…”
තරඟය ආරම්භ වුණා. මුළු ලෝකයම හිතුවේ ආර්ජන්ටිනාව කේප් වර්ඩ් කණ්ඩායමට ගෝල වැස්සක් වස්සවලා ලෙහෙසියෙන්ම දිනයි කියලා. තරඟයේ 29 වැනි මිනිත්තුවේදී තමන්ගේ සුපුරුදු දස්කම් දක්වපු ලියොනෙල් මෙසී ආර්ජන්ටිනාවට පළමු ගෝලය ලබා දුන්නා.
සාමාන්‍යයෙන් කුඩා කණ්ඩායමක් මෙසීගෙන් ගෝලයක් කෑවම මානසිකව වැටෙනවා. හැබැයි කේප් වර්ඩ් වැටුණේ නැහැ. ඔවුන් පෙරළා පහර දුන්නා. ඩෙරෝයි ඩුවාර්ටේ (Deroy Duarte) සුපිරි ගෝලයක් ගහලා තරඟය 1-1ක් කළා..
තරඟය නියමිත කාලය අවසන් වෙද්දීත් සම තත්ත්වයෙන් තිබුණු නිසා අතිරේක කාලය (Extra Time) ලබා දුන්නා. එහිදී ආර්ජන්ටිනාවේ ලිසැන්ඩ්‍රෝ මාර්ටිනස් නැවතත් ගෝලයක් ගහලා ආර්ජන්ටිනාව 2-1ක් ලෙස ඉදිරියට ගත්තත්, සිඩ්නි ලෝපස් කේප් වර්ඩ් වෙනුවෙන් නැවතත් ගෝලයක් ගහලා තරඟය 2-2ක් කළා.. ලෝක ශූරයෝ අසරණ වෙලා හිටියේ.
මේ හැමදේම අස්සේ ආර්ජන්ටිනාවේ දරුණු ප්‍රහාර රැල්ලක් ඉස්සරහා පවුරක් වගේ හිටගත්තේ කවුද දන්නවද? අර වයස 40ක අපේ වීරයා, වොසීනියා.. එයා එදා තරඟයේදී ලෝක පූජිත ආර්ජන්ටිනා ප්‍රහාරකයින්ගේ නිසැක ගෝල ලැබීම් 8ක් වළක්වා ගත්තා نا
හැබැයි දෛවය සමහර වෙලාවට හරිම කුරිරුයි. තරඟයේ 111 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාවේ ක්‍රිස්ටියන් රොමේරෝ හිසෙන් එල්ල කරපු ප්‍රහාරයක්, කේප් වර්ඩ් ක්‍රීඩක ඩිනී බෝර්ජස්ගේ ඇඟේ වැදිලා Own Goal විදියට දැල තුළට රීංගුවා. අවසානයේදී ආර්ජන්ටිනාව 3-2ක් ලෙස තියුණු ජයක් ලැබුවා.
අවසාන විසිල් හඬත් එක්ක කේප් වර්ඩ් කණ්ඩායමේ ලෝක කුසලාන සිහිනය නිමා වුණා. සමහර ක්‍රීඩකයෝ පිටිය මැද ඇඬුවා. හැබැයි වොසීනියා තමන්ගේ හිස කෙළින් තියාගෙන ආඩම්බරයෙන් පිටියෙන් සමුගත්තා.
ඔහු එදා තමන්ගේ ආදර්ශමත් වීරයා වෙච්ච මෙසීව පරාජය කරන්න බැරි වුනා… හැබැයි ඔහු ඊට වඩා ලොකු දෙයක් කළා.
ටීවී එකෙන් මෙසී දිහා බලාගෙන හිටපු සාමාන්‍ය බස් ඩ්‍රයිවර් කෙනෙක්, අවුරුදු 4කට පස්සේ ලෝක කුසලාන පිටියක ඒ මෙසීටම දහඩිය දාන්න, තමන්ගේ රට වෙනුවෙන් සිංහයෙක් වගේ සටන් කරන්න පුළුවන් තත්ත්වයට ආවා කියන්නේ ඒක පරාජයක් නෙවෙයි… ඒක මහා විජයග්‍රහණයක්..
මේ අපූර්ව මිනිසාට සහ කේප් වර්ඩ් කණ්ඩායමට අපේ උපහාරය…!❤️
(Srilankawa ෆේස්බුක් පිටුවෙනි)

















