spot_img
spot_img
Saturday, May 11, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව මහා නගර සභාවෙන් ශිෂ්‍යත්ව අධාර සහ දහම් පාසල් අධාර

Must read

 

මීගමුව මහා නගර සභාවේ ප‍්‍රජා සංවර්ධන කම්ටුවේ මග පෙන්වීම සහ උපදේස් මත නගර සභා සුභ සාධන අරමුදල් වලින් මෙම ප‍්‍රදානයන් සිදු කරන ලදී. මීගමුව නගරාධිපති ඇන්ටනී ජයවීර මහතාගේ
ප‍්‍රධානත්වයෙන් 2013/03/21 දින සවස නගර සභා ශාලාවේදී පැවැති විශේෂ උත්සවයකදී මෙම ශීෂ්‍යත්ව අධාර සහ දහම් පාසල් ආධාර පිරිනැමිණි.
2011 වසරේ අපොස සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිට මේ වන විට උසස් පෙල හදාරන නගර සභා බල ප‍්‍රදේශයට
අයත් අඩු ආදායම්ලාභී පවුල් වල තොරාගත් පාසල් සිසු සිසුවියන් 55 දෙනෙකුට රු.9000 බැගින්
මෙලෙස ශිෂ්‍යත්ව අධාර ප‍්‍රදානය කෙරිනි. එලෙසම මහා නගර සභා බල ප‍්‍රදේශයේ පිහිටි සිය`ඵ ආගමීක
මධ්‍යස්ථාන මුල් කර ගෙන පවත්වනු ලබන දහම් පාසල් 40 ක් ස`දහා සහභාගී වන සිසුන් ප‍්‍රමානය අනුව
රු.3500 සිට රු7500 ක් බැගින් වන දහම් පාසල් අධාරයන්ද මෙහිදී ප‍්‍රදානය කෙරිනි.
මෙම උත්සව සභාව ඇමතූ මීගමුව නගරාධිපතිවරයා ස`දහන් කලේ නගරයේ කැලි කසල බැහැර කිරීමට
එහා ගිය, අනාගත පරපුර වෙන්වෙන් කලයුතු මෙවැනි යහපත් අත්‍යවශ්‍ය සේවාවන්ද ප‍්‍රදේශයේ දුවා දරුවන්
වෙනුවෙන් මහා නගර සභාව නොපිරිහෙලා සෑමවිටම බාධක මධ්‍යයේ වුවද ඉටු කල යුතු බවයි. ඒ අනුව ලබන
වසරේ සිට දහම් පාසලකට ලබා දෙන අධාර මුදල රු.7500 සිට රු.15000 ක් දක්වා වැඩි කීරිමටත් , එලෙසම ලබන
වසරේ සිට ශිෂ්‍යත්ව අධාර ප‍්‍රදානය කෙරෙන පාසල් ළමුන් ගනන 55 සිට 100 දක්වා වැඩි කීරිමටත් අවශ්‍ය
කටයුතු සම්පාදනය කරන ලෙස මෙහිදී නගරාධිපතිවරයා ප‍්‍රජා සංවර්ධන කමිටු සභාපතිවරයාගෙන් ඉල්ලීමක් ද
කලේය. ඒ ස`දහා තමන් අවශ්‍ය ප‍්‍රතිපාදන නගර සභාවෙන් වෙන් කරන බවද නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
පසුව දහම් පාසල් සහ පාසල් සිසු දරුවන් ට ආධාර බෙදාදීම නගරාධිපති ඇන්ටනී ජයවීර මහතා ,ප‍්‍රජා
සංවර්ධන කමිටුවේ සභාපති විපක්ෂ නගාරික මන්තී‍්‍ර රෝයිස් විජිත ප‍්‍රනාන්දු මහතා සහ නාගරික
මන්තී‍්‍රවරුන්වන් වන දයාල් නිලංග, වෛද්‍ය හෙන්රි රෝසාරියෝ යන මහත්වරුන් අතින් සිදු වුහ.
මෙම අවස්ථාවට ප‍්‍රදේශයේ බෞද්ධ , කතෝලික , මුස්ලිම් ආගමීක නායක නායිකාවන් කිහිප දෙනෙකු ද සහභාගී වුහ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article