spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව මහ නගර සභාවේ, තාක්ෂණ නිලධාරිනියකට පහරදීමේ තැතක් ? T.O.රන්මුතුට චෝදනා !

Must read

අමාත්‍ය නිමල් ලංසා මීගමුව නගරාධිපති ධුරයේ කටයුතු කරන කාලයේ සිට මහා නගර සභාව තුළ කලින් කලට පුවත් මැවූ අපුරු චරිතයක් තමයි තාක්ෂණ නිලධාරී “රන්මුතු” කියලා කියන්නේ. කාලෙන් කාලෙට මහ නගර සභාවේ රාජකාරී කරන කාටහරි මොකක් හරි ලෙඩක් දාලා ඒකට ලොකු කලබලයක් ගැටුමක් ඇතිකරගන්න එක තමයි ඔහුගේ සිරිත.

ඔහු සාමාන්‍යයෙන් එහෙම කරන්නේ ඔහුට නගර සභාවේ ඇතුළේ තියෙන දේශපාලන බලයත් එක්ක , කියලයි හැමෝම කියන්නේ. මෙදා පාර මේ රන්මුතු කියන තාක්ෂණ නිලධාරියා ලෙඩක් දාලා තියෙන්නේ නගර සභාවේ රාජකාරි කරන සැලසුම් තාක්ෂණ නිලධාරිනියට. එයා තමයි මීගමු මහ නගර සභාවේ ඩ්‍රෆාට්මන්.ඒ කියන්නේග සැලසුම් සම්බන්ධව ඉන්න තාක්ෂණ නිලධාරිනී. රන්මුතුට ප්‍රශ්නයක් වෙලා තිබුනේ මේ නිලධාරිනියගේ රාජකාරී නිල නාමය. ආරංචි විදිහට මීට දවස් කීපයකට කලින් ගම්පහ දිස්ත්‍රික් කාර්යාලයේ තිබිලා තියෙනවා වැඩමුළුවක්. ඒ කියන්නේ වර්ක්ෂොප් එකක්.ඒකට ඇවිල්ල තියෙන ගම්පහ දිස්ත්‍රික්කයේ සියළු මහා නගර සභාවල නගර සභාවල සහ ප්‍රාදේශීය සභාවල රාජකාරී කරන තාක්ෂණ නිලධාරීන්.

එතැනදී මුලින්ම පැමිණ සිටින අයව තම තමන්ව හඳුන්වාදීම කරන්න සිදුවෙලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේ මේ තාක්ෂණ නිලධාරිනිය එයාව හඳුන්වා දීලා තියෙන්නේ එයාගේ නම කියලා ” මම මීගමුව මහා නගර සභාවේ , තාක්ෂණ නිලධාරි  කියලා “. ඔන්න ඕක තමයි රන්මුතුගේ බොක්කටම වැදුණු තද බල ප්‍රශ්නය වෙලා තියෙන්නේ. ඒ වර්ක් ෂොප් එකෙන් පස්සේ රන්මුතු මහා නගර සභාවට ඇවිල්ලා නාගරික ඉංජිනේරුවරයාට කියලා ඇයට සැලසුම් තාක්ෂණ නිලධාරිනියක් කියන්න අයිතියක් නෑ, ඇය තමාව හඳුන්වා දෙන්න ඕනේ “සැලසුම් ශිල්පි” යනුවෙන් කියලයි.

මේ ප්‍රශ්නය ගැන නාගරික ඉංජිනේරුවරයා මේ නිලධාරිණියව  තමන්ගේ ඔෆිස් එකට කැඳවලා ඒ ගැන විමසලා තියෙනවා.

ඒ වෙලාවේ ඇය නාගරික ඉංජිනේරුවරයාට හරි හැටි පැහැදිලි කරලා දුන්නලු. ඇයගේ තනතුර සම්බන්ධව සියලු විස්තර. ඒ බව ඒ මොහොතේම රන්මුතුටත් දැනුවත් කරන්න හන්දා නාගරික ඉංජිනේරු වරයා එයාගේ ඔෆිස් එකට රන්මුතුවත් කැඳෙව්වලු. එතනදිත් රන්මුතු කියන්නෙම මේ තාක්ෂණ නිලධාරිනියට , ” තාක්ෂණ නිලධාරීනී” කියන තනතුර පාවිච්චි කරන්න එපා කියලාමලු.

ඒ කතාව ටිකත් ටිකක් දුර දිගට ඇදිලා ගිහිල්ලා. කතාව අන්තිමේදී බහින් බස්වීමකට පෙරළිලා. ඒ වෙලාවේදී රන්මුතු කියන මේ තාක්ෂණික නිලධාරියා නාගරික ඉංජිනේරුවරයාගේ මේස උඩ තිබුණු වතුර බෝතලයකින් මේ තාක්ෂණ නිලධාරිනියට පහර දෙන්න ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාව එතැන ඉඳලා තියෙනවා සංවර්ධන සහකාර නිලධාරණීයක්, කොහොම හරි පහරදීම නම් වළක්වලා තියෙනවා. ආරංචි විදියට මේ වෙද්දි මේ තාක්ෂණ නිලධාරිනිය නාගරික ඉංජිනේරුවරයා වගේම නාගරික කොමසාරිස්වරයාවත් මේ පිළිබඳව දැනුවත් කරලා ඇගේ මතු ආරක්ෂාව වෙනුවෙන් මීගමුව පොලිසියේ, සුළු පැමිණිලි අංශයේ රන්මුතු කියන මේ තාක්ෂණ නිලධාරියාට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කරලත් තියෙනවලු.

ආරංචි වුන විදිහට නම්, මේ තාක්ෂණික නිලධාරිනියට රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ,2000 වසරේ තමයි ,වයඹ පළාතට පත්වීම් දීලා තියෙන්නේ. 2010 වසර වෙද්දි ඒ තිබුණු විභාග සියල්ලක්ම වාගේ සමත් වෙලා, 2011 වසරේ ඇය මීගමුව මහ නගර සභාවට මාරුවීමක් හම්බවෙලා  තියෙන්නේ, තාක්ෂණික නිලධාරිනියක් විදිහට. මේ වෙද්දි ඇය තාක්ෂණික නිලධාරීන්ට තියෙන ඉහළම විභාගය පවා සමත් වෙලා ඉන්නේ. ඇය මේ වන විට සුපර් ශ්‍රේණියේ පසුවන තාක්ෂණ නිලධාරිනියක්. යම් තැනක සුපර් ශ්‍රේණියේ තාක්ෂණ නිලධාරියෙකුගේ පුරප්පාඩුවක් ඇතිවූ විට සම්මුඛ පරීක්ෂණයට කැඳවීමකින් අනතුරුව ඇයට එම සුපර් ශ්‍රේණියේ පත්වීම සෘජුවම ලබාගත හැකි බවට තමයි වාර්තා වූයේ. ඉතින් වැඩිදුරටත් වාර්තා වෙන විදිහට ඇයට පෙනී සිටින්නට කිසිදු විභාග පරීක්ෂණයක් නැහැල්ලු, තාක්ෂණික නිලධාරී අංශයේ. වාර්තා වෙන විදිහට තාක්ෂණය නිලධාරීන්ගේ අංශ හතරක් තියෙනවා.

ඒවා නම් විදුලි ,සිවිල් , යාන්ත්‍රික සහ සැලසුම් කියන අංශ හතරයි.අපි කවුරුත් දන්න විදියට රන්මුතු කියන්නේ සිවිල් අංශයේ තාක්ෂණ නිලධාරීයෙක්. ඔහු සුපර් ශ්‍රේණියේ තාක්ෂණ නිලධාරි⁣යෙක් නොවෙයි. ඒ අතින් බැලූ විට මේ කියන තාක්ෂණ නිලධාරිනිය රන්මුතුට වඩා ජේෂ්ඨයි. මහා නගර සභාවේ බොහෝ දෙනෙක් කියන්නේ හරියටම කියනවනම් රන්මුතුට තියෙන්නේ රාජකාරී නිල නාමය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයිලු .

ඔහුට තියෙන්නේ වෙනම ගේමක්ලු. ඔහු ඔහොම ගේම් දෙන්නේ නගර සභාවේ ඉන්න සහ නගර සභාවට සම්බන්ධ දේශපාලකයන් බලය තියෙන හින්දලු. ටික කාලෙකට කලිනුත් නගර සභාවේ නිලධාරිනියක් එක්ක රන්මුතු කියන මේ තාක්ෂණ නිලධාරියා ගැටුමක් ඇතිකර ගත්තලු. මීගමුව මහ නගර සභාව මේ වන විට කොමසාරිස් පාලනයේ තිබුනත් එතැන තවම ක්‍රියාත්මක වන්නේ නමි දේශපාලන බලයක් කියලයි බොහෝ දෙනෙක් කියන්නේ. ආන්න ඒ දේශපාලන බලය හින්දලු රන්මුතුලා වගේ අය තාමත් ඔතන ඔය විදිහට අනුන්ට ගේම් ගගහා ඉන්නේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article