මීගමුව රෝහලේ නේවාසික රෝගීන් සදහා කෑම පිළියෙල කිරිමේ දි අවැසි හාල් එළවළු සහ මාළු මස් සැපයිමේ කොන්ත්‍රාත්තුව භාරව සිටින්නේ මීගමුව සමුපකාරයයි.
ටෙන්ඩර් ගිවිසුමට අනුව ඒ බඩු සැපයිය යුතු වෙලාවක් තිබේ.එමෙන්මට මාළු සැපයිමේදි ඒවාට කොන්දේසි තිබේ.
එහෙත් පසුගිය කාලය තුල රෝහලට මේ සියළු සැපයුම් කොන්දේසි ප්‍රකාර සිනොවුන බවට පැමිණිලි විය.රෝහල් පරිපාලනයටද මේ ගැන අවස්ථා කිපකදිම අදාල සමුප බලධාරින් වෙත ලියන්නට සිදුව තිබුණි.
පසුගිය දිනක රෝහල වෙත එවා තිබුණු මාළු තොගයක් ආපසු හරවා යවන්නට ද සිදුව තිබුනේ එය නියමිත ප්‍රමිතියෙන් එවා නොතිබුණ නිසාය.


















