spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව සම්බන්ධිකරණ කමිටුවට නගර සභාවේ දොර වැසේ ?

Must read

 මීගමු ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද( 17දා) රජයේ වඩුකාර්මික පාසැල් ශාලාවේදී  මීගමුව ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සමසභාපති වරුන් රොයිස් විජිත මහතා සහ ශ්‍රී.ල.නි.ප  මීගමුව සංවිධායක නාගරික මන්ත්‍රී  ලලිත් ටෙන්සිල් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් පවත්වන ලදී. මෙම අවස්තාවට මීගමුව නගරයේ  ප්‍රධාන රාජ්‍ය ආයතන වල ප්‍රධාන නිලධාරින් හා අධ්‍යක්ෂකවරුන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් මෙන්ම විපක්ෂයේ එජාප නාගරික මන්ත්‍රීවරුන් මෙන්ම  ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් සහභාගී වූහ. DSC_0290 DSC_0278 DSC_0306 DSC_0292 DSC_0304
මිගමුව සංවර්ධනය කිරීමේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් තිබෙන ව්‍යාපෘති කීපය් සම්බන්ධයෙන් මෙම කමිටුවේදී  සාකච්ඡා කළ අතර සමසභාපති රොයිස් විජිත මහතා මෙම කමිටුව පෙර පරිදි මීගමු නගර සභාවේ පැවත්වීමට ඉඩ ලබානොදීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්  සම්බන්ධීකරණ කමිටුව අවසානයේදී සිදුකරන ලදී.” අපි ජයග්‍රහණය කරපු පක්ෂය. නමුත් මැතිවරණ ක්‍රමය තුළ වෙනත් පක්ෂයක් බලය පිහිටෙව්වා. එහෙම වෙච්ච වෙනත් පලාත් වල පළාත් පාලන ආයතන වලට ගල් ගැහුවා, කලබල කළා සමහරු මට දෝෂාරෝපනය කළානමුත් මම ප්‍රකාශ කළේ අපි නිරංකාරීව ඒකට හිස නැමුවා. මේක මැතිවරණ ක්‍රමය, ගල් ගැහුවා කියලා ඩෙස් පැලුවා කියලා අපිට බලය ගන්ඩ බැහැ. ඒ නිසා අපි නිහතමානීව අපි මගේ මන්ත්‍රී මණ්ඩලය මෙහෙයවගෙන  මේ 23 වෙනිදාට නගර සභාව පිහිටුවලා මාස 2ක් වෙනවා.
ජනාධිපතිතුමා පත්තකරපු රාජ්‍ය නිලධාරීන් මෙතන ඉන්නේ.ජනාධිපතිතුමා පත්කරපු සම සභාපතිවරු මෙතන ඉන්නේ. මේ රාජ්‍ය නිලධාරින්,ග්‍රාම නිලධාරීන් මෙතන ඉන්නේ නමුත් ඔවුන්ට මේ රාජ්‍ය රැස්වීම පවත්වන්ඩ අද මීගමුව නගර සභාව  තුළ ඉඩක් දුන්නේ නෑ. එතනදී අපි ඝට්ටන වලට යන්නේ නෑ. මමත් හොද වීදි සටන් කාරයෙක් නමුත් මීගමුවේ සංවර්ධන වැඩකටයුතු වලට අපි  නගරාධිපතිවරයාට සහයෝගය දෙනවා. මේ වගේ කුඩම්මාගේ සැලකිලි මේ ප්‍රාදේශීය ලේකම්තුමාට, රාජ්‍ය නිලධාරීන්ට කරන්ඩ එපා කියලා මම ඉල්ලනවා.
නොවැලැක්විය හේතුවක් උඩ කියලායි දැනුම්දුන්නේ. නමුත් ඊළග පාරත් ඒක දෙන්ඩ බැහැ කියලා කියන්ඩ එපා. නිරංකාර,නිහතමානී නගරාධිපතිකෙනෙක් මීගමුවට අවශ්‍යයි. අපිට අවශ්‍ය වෙන්නේ සියලු දේට ඇහුම්කන් දෙන බලය තියෙන කන්ඩායම එක න්‍යාය පත්‍රයක් තුළ සියලු දෙනා ඒකරාශීකරගෙන යන ගමනක් තමා අපිට අවශ්‍ය වන්නේ. නගරාධිපතිවරයා වෙන්ඩ හිටපු කෙනා හැටියට මෙහෙම කතාවක් කවුරුත් කරන්නේ නෑ. මම මේ නගරයට ආදරෙයි. පළාත් සභාවේ මගේ පඩිය එක් ලක්ෂ හැත්තෑපන්දාහක්. වාහන පර්මිට්  තුන්කෝටි පනස් ලක්ෂයක්.   සේවකයෝ තුන්දෙනාගේ පඩිය 35000ක්. ඒ ඔක්කොම දාලා මේ නගරයට ආවේ ,දේශපාලනය ආරම්භ කලේ මම නගරාධිපති වෙනවා කියලා.මොකද නගර සභාවේ  විසදගන්ඩ ගොඩාක් දේවල් තියෙනවා. මේ රාජ්‍ය දේපළ ආක්‍රමණය කරලා තියෙන්නේ. ඒවා ගැන කතා කර පලක් නෑ. මම ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා මේ කමිටුව ශක්තිමත් වීම සදහා ඔබේ ආයතන වල නිලධාරීන් ආවොත් පමණයි. ඒ සියල්ලන්ගේ දායකත්වය අපි දිගටම බලාපොරොත්තු වෙනවා.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article