spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුළු වර්ෂාවකදී ජලයෙන් යටවෙන වෙන්නප්පුව සහ පාලකයන්ගේ පම්පෝරි

Must read

32859123_1695020137250396_20383438045446144_n
සුළු වර්ෂාවකදී වුවද වෙන්නප්පුව නගරය හා අතුරු මාවත් රාශියක් ජලයෙන් යටවීමේ තත්ත්වය දැනට වසර ගණනාවක් පුරා පවතින ගැටළුවකි. වෙන්න්පුව නගරයේ සංවර්ධන සැලැස්මක් තිඛෙනවාද යන්න කිසිවෙකුත් මේ වනතෙක් විමසා නැති වන්නට පුලුවන. වෙන්නප්පුව වර්තමාන ප්‍රාදේශිය සභාපතිවරයා පාලනය කළ කාලය ඇතුළු තවත් සභාපතිවරුන් මෙන්ම කොමසාරිස්වරයාගේ පාලන කාලය තුළ මේ ප්‍රශ්නය විසදුනේ නැත. දේශපාලකයන්ගේ  හිතවතුන්ට කැමති ආකාරයට නිවෙස් වල තාප්ප ගසා ගැනීමට ඉඩ කඩ ලැඛේ.  ඉතාලියේ සේවය කරන වෙන්නප්පුවේ පදිංචිකරුවන්ගේ  නිවෙස් සියල්ලටම තාප්ප ගැසූ පසු පෙර කාලයේ තිබූ ජලය බැස යාමේ මාර්ග වැසී ගිය අතර එක වර්ෂවකදි මුළු නගරයම ජලයෙන් යටවන අයුරු දැකගත හැක. බෝහෝ තැන්වලින් මුහුදට  ගලා ගිය වතුකාණු ඇහිරී එම ජලය මාවත් වලට  පිරී ඉතිරීමත්  ප්‍රධාන මාවත  වන හලාවත – පුත්තලම ප්‍රධාන මාර්ගය  තැනීමේදී සිදුවී ඇති අක්‍රමිකතා හේතුවෙන්  සුළු වැස්සකදී වුවද නගරයේ ජලය බැස නොයා  පාරේ එක්රැස්වීම සිදුවේ.
නගර සැලැස්මක් අනුගමනය නොකරමින් සිදුකරන අනවසර  ඉදිකිරීම්, ගොඩකිරීම් ආදී සියල්ල මේවාට හේතුවේ. එමෙන්ම නගර පාලනය කිරීම නීතියකට හා පිලිවෙලකට නොමැතිව හිතවත්කම් වලට හා පුද්ගලික ඔ්නෑ එපාකම් වලට පාවාදුන් විට ඇතිවන ප්‍රතිපළය මේ ආකාරයේ ප්‍රතිපළයකි.
වර්තමාන සභාපති සුසන්ත පෙරේරා මහතාගේ කලින් පාලන කාලයේදී ඔහු කීප විටක් ඉතාලියේ ද සංචාරය කරමින් වෙරෝනා නගරයේ පුරපතිවරයා වද හමුවී වෙන්න්පුව පාලනය කිරීමට අවශ්‍ය ආදර්ශ ලබාගත් අයුරු අපට අමතක නැත. නමුත් ඒවා තමන් පාලනය කරන නගරයට අදාළ කරගන්නට ඔහුට තවමත් හැකිවූයේ නැත. වෙන්නප්පුව ප්‍රාදේශීය සභාව ඉදිරිපිට බස්නැවතුම්පළ උදුරා දැමූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් අප විසින් ඔහුගෙන් විමසූ විට ඔහු පැවසූවේ ටවුන් ප්ලෑන්  එකේ මම ඔය බස් හෝල්ට් එක නැවත ස්ථාපිත කරනවා යනුවෙනි. නමුත් ටවුන් ප්ලෑන් එකක් කිසිදා එළියට ආවේ ද නැත. දැන් ජලයෙන් යට වන ප්‍රශ්නයට ද කිසිදු පිළිතුරක් හෝ වැඩපිළිලෙක් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට තිඛෙනවාද කියා අප නොදනිමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article