මුස්ලිම් කොංග්‍රසයෙන් මීගමුව මහ නගර සභාවට නවක මන්ත්‍රීවරයෙක්.

0
5

 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් සභිකයෙකු වූ අබ්දුල් අසිස් සිය නාගරික මන්ත්‍රී ධූරයන් ඉල්ලා අස්වීමෙන් පසු ඔහු වෙනුවට පක්ෂය විසින් මොහොමඩ් ඉස්රත් යන අය පත්කර ඇත .මීගමුව නගර සභා බල ප්‍රදේශය වන පෝරතොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි වියේ පසුවන මෙම නවක මන්ත්‍රීවරයා 10 වෙනිදින පැවති මීගමුව නගර සභා මහ සභා රැස්වීමේදී තම මංගල සභා වාරය අමතමින් මෙසේ පවසන ලදී.

ජනතාවගේ විශ්වාසය ලෙස මෙම වගකීම තමන් පිළිගන්නා බවද ඔහු කතාව ආරම්භයේදී පැවසීය. මේ රට නව සංවර්ධන මාවතකට ගමන් ගන්නා ආකාරය අපට පේනවා,සෑම කෙනෙකුම මෙම අවස්ථාව නිසි ලෙස භාවිතා කර කැපවීමෙන් යුතුව අප ප්‍රදේශය සංවර්ධනය කිරීමට එක්ව කටයුතු කළ යුතු යැයි මම විශ්වාස කරනවා.මා ජීවත්වෙන පෝරතට ප්‍රදේශයේ දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන පවුල් රාශියක් සිටිනවා ,ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුයි.මහජනතාව තරුණයින් සමාජ සංවිධාන සහ පෞද්ගලික සමාගම් වල සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘති සිදුකළ හැකි බව ඔහු පැවසීය..

රේමන් අපෝන්සු , මීගමුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here