spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු කලපුවට බැස්ස අමුත්තා ….

Must read


සුදු කොක්කු, කළු දියකාවො මීගමුව , පිටිපන මාළු ලෙල්ලම අසල කලපුවට එන්නෙ තමන්ගෙ ආහාර වේල හොයා ගන්න . ඉතින් එහෙම ඇවිල්ල කව්රු කව්රුත් විසිකරන මාළු කූරියව එකවිටම ගිල දාන්නෙ හත් වේලක් බඩගින්නෙ හිටිය වගේ.

එහෙම කොයිතරම් ගිල දැම්මත් , ඒකෙ ඉවරයකුත් නෑ. නමුත් කට්ටිය සමූහයක් ⁣ලෙස මේ කටයුත්තට සම්බන්ධ වන අවස්ථාව දර්ශනීය එකක් වගේම සාමාන්‍ය එකක්.මේ සාමාන්‍ය දසුන වෙනස් කරන කෙනෙක් අද අපි දැක්ක.

එයාගෙ ශරීරය අනෙක් අයට වඩා විශාලයි . දැල් බේරන කට්ටිය විසිකරන මාළු එකවිටම එයාගෙ දිග හොටෙන් අරගෙන ටිකක් ඈතට ගිහිල්ල ගිල දානව. ඒ අතර වටයක් ගිහිල්ල නැවත මාළුවෙක් ගන්න දැල් බේරන අය ආසන්නයට එනව.ධීවර කට්ටිය එක්ක මේ යහළුවගෙ පැමිණීම ගැන කතාකළා.



” මෙයා කොහෙන්ද ආවෙ? මුතුරාජවෙල ඉඳලද? ගුරුගේ ගෙනත් දාලද?

මේ ආදී ප්‍රශ්ණ කිහිපයක් මතුවුනත් කව්රුත් දන්නෙ නෑ ආ⁣වෙ කොහෙන්ද කියල.

හැබැයි කොහෙන් ආවත් මෙයා අපේ අමුත්තෙක්. ඒ නිසා එයාව රැකගැනීම හැමෝගෙම වගකීම. අපි කතා බහ කරන අතර තුර එයා නිදහසේ වටයක් යනව. අනෙක් සුදු කොක්කු , කළු දියකාවො සමග මේ අමුත්ත කිසි ආරවුලක් නැතිව නිදහසේ කලපුවේ ගතකරනව. ඒක අපූරු දසුනක් . කාටත් ආදර්ශයක්
සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article