spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු කොළඹ සුඛෝපභෝගි බස්වල කාන්තා හිංසනයක් ?

Must read

dav
dav

මීගමුව කොළඹ සුඛෝපභෝගි බස් රථ සිල්ලක්ම පාහේ දැන් 18 කණුව බස්නැවතුමේදි හිටගෙන යන්නට මගින් ගැනිම පුරුද්දක් කොට ගෙන තිබේ.
මෙසේ නංවාගන්නා මගීන්ට ඉදිගැනිමට ඇත්තේ ඇන්ජිම පෙට්ටිය මතය.ඒ අනෙකුත් මගින් දෙසට හැරිගෙනය.
අද දහවල්    මීගමුවේන් පිටත්වු බස් රථයක් සුපුරුද් පරිදි 18 කණුවෙන් මගින් දෙදෙනෙකු නංවා ගති.
ඒ අවස්ථාවේ ඉදිරි පෙළ අසුන් ගෙන සිටියේ කාන්තාවන් දෙදෙනෙකි.
මෙසේ හිටගෙන යන්නට ගත්තු එක් මගියෙකු මේ කාන්තාවනට මුහුණ ලා ඇන්ජිම පෙට්ටිය මත හිදගත් අතර මේ නිසාම අරකි කාන්තාවන් දෙදෙනා මහත් අපහසුතාවකට පත්ව තිබුණි.
මෙය පැහැදිලිව කාන්තා හිංසනකි. ඔවුන් වෙත එල්ල කරන ලද පිඩාවකි.
මේ පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දුන් බස් රථයේ හිමිකරු සිදුව තිබුණ වරද ඉතා නිහතමානිව පිළිගත්තේ අප මේ ගැන ඔහුගෙන් කළ විමසුකමදිය.
එහිදි ඔහු තවත් අපුරු කථාවක් කියා තිබුණි.,එනම් මෙසේ 18 කණුවෙන් නගින මගින් දෙදෙනාගේ මුදල රියදුරාට සහ කොන්දොස්තර වරයාට තේ බිමට බැවින් ඒ සදහා බොහෝ බස්රථවලදි එයට ඉඩ දි ඇති බවකි.
කෙසේ වෙතත් අදාල බලධාරින් වහා මැදිහත්ව මේ හිංසනයන් නවතා ලිමට වහා පියවර ගත යුතුව තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article