spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු නගරාධිපතිට එරෙහිව ඇතුලෙන් කැරැල්ලක්….?

Must read

මීගමුව මහා නගර සභාවේ ආන්ඩු පක්ෂයේ ඇන්ටන් ජයවීර, නියෝජ්‍ය නගරාධිපති සේපාල මොරවක, ෆරීස් , ජීවාංග මිරැන්ඩෝ , සුනිල් සිල්වා , කි‍්‍රෂ්ටි ප‍්‍රනාන්දු සහ මාර්ක් සුජිත් යන නගරික මංතී‍්‍රවරු 07 දෙනා විසින් කල ලිඛිත ඉල්ලීමකට අනුව මහා නගර සභා අඥා පනතේ 18 වන වගන්තිය ප‍්‍රකාරව මීගමුව නගරාධිපති හර්මන් කුරේරා මහතා විසින් විශේෂ මහා සභා රැස්වීමක් මැයි මස 23 වැනි දින පෙරවරුවේදී කැඳවා තිබුණි. ඒ අනුව එම මංතී‍්‍රවරු කරුණු 07 ක් පිලිබඳව එහිදී සඳහන් කර තිබිණි. ඒවා නම් . . .

01. කැළි කසළ ක‍්‍රමවත්ව බැහැර කිරීම පිලිබඳව

02. නගරයේ කානු ශද්ධ කර ඉදිරි වැසි කාලයේදී ගංවතුර තත්වයකින් නගරය ආරක්ෂා කිරීම පිලිබඳව

03. මීගමු ආසනයේ සියළුම විදුලි පහන් ඉදිරි කාලය තුලදී ක‍්‍රමවත්ව පවත්වාගෙනයාම පිලිබඳව

04. මීගමු නගර සභාවට අයත් සියළුම අභ්‍යත්තර මාර්ග ක‍්‍රමවත්ව නඩත්තු කිරීම පිලිබඳව

05. මීගමුව නගරයේ සියළුම පොලවල් පවත්වන භූමි ප‍්‍රදේශ පිරිසිදුව තබාගැනීම පිලිබඳව සහ එම ආශී‍්‍රත සියළුම මාර්ග යහපත් තත්වයෙන් පවත්වාගැනීම පිලිබඳව

06. නගර සභා සියළු සේවකයන්ගේ ශ‍්‍රමය නාගරික ජනතාවගේ උන්නතිය සඳහා ක‍්‍රමවත්ව ලබා ගැනීම පිලිබඳව

07. නගර සභාවේ අභ්‍යන්තර කටයුතුවලට අවශ්‍ය සියළු භාන්ඩ ක‍්‍රමවත්ව ලබා ගැනීම පිලිබඳව යන කරුණුයි.

පහත පල වන්නේ එම විශේෂ මහා සභා රැස්විමේදී නාගරික මංතී‍්‍රවරු විසින් කල ප‍්‍රකාශ වල සංක්ෂිප්ත සටහනකි.

නාගරික මංතී‍්‍ර ඇන්ටන් ජයවීර මහතා (එ.ජ.නි.ස.) –

ගරු නගරාධිපතිතු‍මෙනී අපි ආන්ඩු පක්ෂ මංති‍්‍රවරුන් හැටියට මේ විශේෂ මහා සභා රැස්වීමේ ඉල්ලා සිටියේ යම් ආකාරයක ද්වේශයකින් හෝ විවේචනයකට හෝ යම් අභියෝගයක් ඉදිරිපත් කිරිමට හෝ නෙවෙයි.

විශේෂයෙන්ම තව මාස 02 කින් පමන මේ නගර සභා විසුරුවා හැරලා මැතිවරණය පවත්වනවා. ඒ නිසා ආන්ඩු පක්ෂය හැටියට අපිට අවශ්‍යයි  මේ ඡන්දය ජයග‍්‍රහනය කරන්න මේ පාරත්. එහෙත් න්‍යාය පත‍්‍රයේ සඳහන් කරුණු 07 ක් සම්බන්ධයෙන් මේ වෙද්දී ගැටළු මතු වෙලා තියෙනවා. ඒනිසා අද වන විට මහා නගර සභාවේ කි‍්‍රයාකලාපය පිලිබඳව ජනතාව යම්ආකාරයක අයහපත් විවේචනයක සිටිනවා. හැබැයි මේවා මේ කාලේ විතරක් සිදු වුනු ඒවා නොවේ. එහෙත් මේ කාලේ මේ කරුණු පිලිබඳව ප‍්‍රශ්ණ රැසක් මතු වෙලා තියෙනවා. මේවා සිදුවුනේ යම් යම් බලපෑම් අඩුපාඩු මත වෙන්න පුළුවන්. එහෙත් ආන්ඩු පක්ෂයේ සාමුහිකව සාකච්ඡා හරියාකාරව සිදු වුනා නම් මෙවැනි දේ සිදු වන්නේ නැහැ. අපි ඔබතුමාව නගරාධිපති කරන්න අපේ පක්ෂය ගත්තු තීන්දුවේදී ඔබතුමා වෙනුවෙන් එහිදී මමත් ඉස්සරහට ඇවිත් කතා කරපු කෙනෙක්. එතනදී අපේ ආන්ඩු පක්ෂයේ ෆරීස් මංති‍්‍රතුමාටත් සේපාල මොරවක නියෝජ්‍ය නගරාධිපතිතුමාටත් යම් ගැටළුවක් ඇති වුනා. ඒ නිසා අපි ඔබතුමාව පත් කෙරුවේ විශාල බලාපොරොත්තුවකින්. ඔබතුමා මේ නගර පාලනය කාර්යක්ෂමව කරයි නියලා හිතලා. එහෙත් අකැමැත්තෙන් හෝ අපිට අද කියන්න වෙලා තියෙන්නේ ඔබතුමාගේ දුර්වලකමක්ද නැත්නම් ඔබතුමා නිලධාරීන්ට යට වුනාද කියලා. මේ නිසා ආන්ඩු පක්ෂයේ සමහර මංතී‍්‍රවරු ඔබතුමා ගැන කලකිරීමෙනුයි ඉන්නේ. අපේ මේ සභාවේ ඉන්න සමහර මංතී‍්‍රවරු ඉන්නවා කමිටු වලට පත් කරපු , ඒ අයටවත් අඩුම තරමේ මංතී‍්‍රවරු හැටියට ඒ ඒ මහජන සේවා කටයුතු හෝ නගර සභාවට ඇවිත් කර ගන්න බැරිනම් අපේ මේ මංතී‍්‍රකමෙන් ඇති වැඬේ මොකද්ද. හැම වැඩකටම ඔබේ අවසරයයි අනුමැතියයි අවශ්‍ය නම් මොකක්ද මේ මංතී‍්‍රකමේ ඇති තේරුම. දැන් වැඩි දෙයක්  ඕනේ නැහැ බලන්න විදී ලාම්පු වැඩේ ගැන . ඔබතුමා කිව්වා එක රැස්විමකදි විදී ලාම්පු 470 ක් පත්තු වෙන්නේ නැහැ කියලා. ඒකයි මම කියන්නේ සමහර ප‍්‍රදේශ වලට නගර සභාවෙන් විය යුතු සුළු කාර්ය්‍යවත් අපි මංතී‍්‍රවරු හැටියට මේ නගර සභාවෙන් කරගන්න බැහැ කියලා. තමුන්නාන්සේ ඉදිරි මැතිවරණයකට ඉදිරිපත් වෙනවාද නැද්ද කියන්න අපි දන්නේ නැහැ.

දැන් බලන්න පොලවල් සම්බන්ධ ප‍්‍රශ්ණය. දැන් අලියා පොල අපි බදු දුන්නා නමුත් ඒ පොලට නිසි විදිහට ලයිට් නැහැ. පොල බදු කරු කියනවා තිස්සේම ලයිට් නැහැ කියලා. අපි බදු දුන්නට පස්සේදී ඒවා සොයා බැලිය යුතුයි . නමුත් ඒ ඒ කාරනා නිසි පරිදි සිදු වෙන්නේ නැහැ.  ඒක නිසා ගරු නගරාධිපතිතුමෙනී  අපි ඔබත් සමග ද්වේෂයෙන් නෙමෙයි මේ ගැන මේ සභාවේදී කරුණු දක්වන්නේ ඔබතුමා දන්නාවානේ මම ඔබතුමාගේ පවුලේ කිට්ටුවන්තම හිතවතා. ඉතින් විපක්ෂය මොනවා කීවත් අපි මේ මීගමුවට විශාල සංවර්ධනයක් මේ වෙද්දී කර තිබෙනවා. ඒක නිසා අපිට මේ නගර සභාවේ ජයග‍්‍රහනය නැවත ලබා ගන්න තියෙන අවස්ථාව ගිලිහෙන්න දෙන්න බැහැ. ඒ නිසා කාරක සභාවලට අවශ්‍ය සහයෝගය දිලා ඒ වැඩ ක‍්‍රමවත් හා කාර්ය්‍යක්ෂම කර ගන්න. නැතිනම් තමුන්නාන්සේ ගැන තිරණයක් ගන්න අපිට සිද්ධ වෙනවා. මේ වෙද්දී නගරාධිපති කියන තනතුර යම් ආකාරයක උදාසීනත්වයක් පෙන්නුම් කරනවා. ජනතාව කියනවා හිටපු නගරාධිපති නිව්ටන් ගේ කාලය වාගේ කාලයක් මේක කියලා. ඒක නිසා  නගරාධිපති ධුරය කරන කොට තැන්පත් කම, නිහතමාණිත්වය තියෙන්න  ඕනේ. ඒ සියළුම දේ තමුනාන්සේට තියෙනවා. ඒනිසා අර වෙනත් කරන්නන් වාලේ කටයුතු කරන නගරාධිපතිවරයෙක් නොවී නිර්මාණශීලී පුද්ගලයෙක් විය යුතුයි. අද ගත්තාහම ප‍්‍රශ්ණ රාශියක් තියෙනවා.විසදන්න.

විශේෂයෙන්ම රාජපක්ෂ පාර්ක් එක හා බස් ස්ටෑන්ඞ් එක ඒවාට ඔබතුමාගේ කාර්ය්‍යය භාරය මොකක්ද. ඒක නිසා නගරයේ පොදු ප‍්‍රශ්ණ සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී අපිත් එක්ක එකට තීරණ නොගැනීම මතයි මේ විදිහට තමුන්නාන්සේ අපහසුතාවයට පත් වෙන්නේ. අපේ කන්ඩායම අතර ප‍්‍රශ්නයක් තියෙන්න  ඕනේ නැහැ. මෙතැන් සිට අපි මේ සියළු දේවල් අමතක කරලා ඔබතුමා අපිත් එක්ක වැඩ කල යුතුයි. කාරක සභා වලට බල තල දීලා නැතිනම් අපිට ඔබතුමා ගැන කි‍්‍රයාමාර්ගයක් ගන්න වෙනවා. ඒත් එක්කම මේකත් කියන්න  ඕනේ විරුද්ධවාදීන්ගේ ලණු කන්න යන්න එපා.

නාගරික මංතී‍්‍ර කි‍්‍රෂ්ටි ප‍්‍රනාන්දු මහතා (ආන්ඩු පක්ෂ)-

මීගමුව සංවර්ධනය එන්න එන්නම පිරිහෙමින් පවතිනවා. ඒක නිසයි අපි ආන්ඩු පක්ෂ මංතී‍්‍රවරුන් විදිහට මේවාගේ යෝජනාවක් මෙවැනි මහා සභාවකදී ගේන්න කටයුතු කලේ.  ජනතාව කියන්නේ මහා නගර සභාව එන්න එන්නම පිරිහෙනවා කියලයි. හිටපු නගරාධිපති නිව්ටන්ටත් වඩා අන්තයි කියලයි ජනතාව කියන්නේ. ඔබතුමා වැඩ කරලා තියෙනවා හැබැයි මදියි. ඒ නිසයි මේ අර්බුද මතු වෙලා ඒවා වැඩි වෙලා තියෙන්නේ.  අපේ ප‍්‍රදේශයේ වැඩි පුරම ඉන්නේ ධීවර ජනතාව ඒ මිනිස්සු ?ට හුගාක් එහේ මෙහේ ගමන් යනවා, ඒ ප‍්‍රදේශ වලට අවශ්‍යම විදී ලාම්පු. විදී ලාම්පු පත්තු වෙන්නේ නැති වුනාම ප‍්‍රදේශයේ මංතී‍්‍රවරයා වන මටයි ඒ අය දුවන් ඇවිත් කියන්නේ.  එහෙම වුනාම නගර සභාවෙන් අපි කියන ඒ විදී ලාම්පු දාගන්න අපිට පුළුවන් කමක් නැහැ. අපි මංති‍්‍රවරු හැටියට විදී ලාම්පුවක් පවා දාගන්න අපි ඔබතුමාව හොයලා ළගට එන්න වෙනවා. ගරු නගරාධිපතිතුමෙනී මම කී  වතාවක් ඔබතුමාගේ පස්සේ එන්න වෙලා තියෙනවාද . ඇයි එහෙම විශේෂයෙන් මේ නගර සභාවේ මේ ආන්ඩු පක්ෂ මංතී‍්‍රවරුන්ට කරන්නේ. මේ නගර සභාවේ කිසිම නගරාධිපතිවරයෙක් විදුලි අංශයේ වැඩකටයුතු වලට අතගසා තිබුනේ නැහැ. ඔබතුමා පමනයි මේ විදුලි අංශයට අතගැසු නගරාධිපතිවරයා. ඒක නිසා මේවාගේ දේවල් වලට ඔබතුමාව හොයා ගෙන එන්න ඉඩ තියන්න එපා මේ සභාවේ මංති‍්‍රවරුන්ට, එක් හරියට අර එළුවාගේ මොකක්ද එකක් වැටෙනකම් නරියා පස්සෙන් ගියා වාගේ වැඩක්.  මේ විදිහට අපිට ළග එන චන්දයට මුහුණ දෙන්න බැහැ. ඔබතුමා කරන්න  ඕණ යුතුකම් අපිටත් කරන්න. ඔබතුමා කේන්ති ගන්න එපා. අපි ඔයාට හරි ආදරෙයි. මේ නගරාධිපතිධුරය ඔබතුමාට හොඳට කරන්න පුළුවන්. එක්එක් අංශ ඔබතුමා මංතී‍්‍රවරුන්ටත් භාර දෙන්න. විදුලි අංශය ඔබතුමා වෙනත් මංතී‍්‍රවරයෙකුට භාර දෙන්න.

නාගරික මංතී‍්‍ර ශිරාන් ප‍්‍රනාන්දු මහතා (ජ.වි.පී-)

දැන් මේ මහා සභාව පටන් ගැන්මේදී කථා කරපු ආන්ඩු පක්ෂයේ ඇන්ටන් ජයවීර මංති‍්‍රතුමා කිව්වා මේ එයාලාගේම ආන්ඩු පක්ෂයේ නගරාධිපතිවරයා යටතේ මෙහෙම සභාව ගියොත් ඉදිරි මැතිවරණය ජයග‍්‍රහනය කරන්න හම්බ වෙන්නේ නැහැ, ඒක නිසයි මේ වාගේ මහා සභාවක් ඉල්ලලා මේ විදිහට මේ කරුණු කාරණා ගැන කථා කරන්නේ කියලා. ඉතින් බලාගෙන ගියහම මේක ගෙයි හට ගත්තු ගින්නක්. මේ ගෙදර ප‍්‍රශ්ණයක් . ගේ ඇතුලේ හටගත්තු ගින්න ඇයි පිටට දෙන්නේ. මේක ආන්ඩු පක්ෂයේ ඒ කියන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමකදී විසඳා ගත යුතු සාකච්ඡා කල යුතු ප‍්‍රශ්ණයක්. ඒක ඇයි මේ මහා සභාවට ගේන්නේ. මේ ප‍්‍රශ්නය මේ මහා නගර සභාවට වැඩක් නැහැ. දැන් කියවුනා ආන්ඩු පක්ෂ මංති‍්‍රතුමන්ලාගෙන්. මේ නගරාධිපතිවරයා වෙතින් මීගමුවේ සංවර්ධනය අඩාල වුනා කියලා. මේ නගරාධිපතිවරාගෙන් විතරද මීගමුවේ සංවර්ධනය අඩාල වුනේ.  දැන් මෙතනදී  කියනවා හිටපු නගරාධිපති දැන් පලාත් සභා අමාත්‍ය ගරු නිමල් ලංසා අමත්‍යතුමාගෙන් විශාල සංවර්ධනයක් සිදු වුනා කියලා. එතුමාගේ කාලයේ එහෙම සිදු වුනා තමයි.  හැබැයි ඒ පලාත් සභාවෙන් මධ්‍යම රජයේ අරමුදල් වලින් ලැබුණු මුදල් වලින් මිසක්, මේ නගර සභාවට ලැබුණු ආදායම් මුදල් වලින් නෙවෙයි. මෙවර අයවැය ගේද්දීත් මම කිව්වා මේ අයවැයේ තියෙන හු`ගාක් දේවල් කරන්න නගර සභාවට බැහැ. මොකද නගර සභාවට අදායමක් නැති නිසා කියලා.  එහෙම බලපුවාහම මේ හර්මන් කුරේරා කියන නගරාධිපතිවරයා පමනක් නෙවෙයි මීගමුවේ සංවර්ධනය අඩාල කරලා තියෙන්නේ.

ඒකට හිටපු නගරාධිපතිතුමාත් සමබන්ධයි. එතුමා තමයි මේ සේරම අනලා දාලා ගියේ. විශේෂයෙන්ම බලන්න අද මීගමුවේ බස් නැවතුම් පල සහ රාජපක්ෂ උද්‍යානය මේවා අනලා දාලා තියෙන්නේ හිටපු නගරාධිපතිතුමා යි. මේ නගර සභාවේ වටිනා සම්පත් අයාලේ යන්න දුන්නේ හිටපු නගරාධිපතිතුමා තමයි. අද බලන්න අපි එදා ඉඳලා කියපු දෙයක් තමයි මීගමුවේ ගී‍්‍රන් ෆාර්ක් එක. ඒකේ නීති විරෝධීව  කඩ හදලා මේවා උනේ කාගේ කාලයේදීද. ඒක නිසා මේ ප‍්‍රශ්ණ ගැන කතා කරලා ඉදිරි ඡන්දය දිනන්න නම් මෙවා කථා කරන්න තිබුනේ මෙතන නෙවෙයි, ආන්ඩු පක්ෂ රැස්විමේදීයි.  හිටපු නගරාධිපතිතුමාගේ කාලයේ කරනවා කියලා විශාල වැඩ පටන් ගන්නවා විතරයි, නමුත් ඒ වැඩ වෙන්නේ නැහැ. බොන්න වතුර නැතිව ඉන්න අපේ ප‍්‍රදේශයේ ජනතාවට බොන්න වතුර දෙනවා කියලා විශාල ජල යෝජනා ක‍්‍රමයක් පටන් ගන්නවා කිව්වා.බොන්න වතුර නැතිව තවමත් අපේ පැත්තේ මිනිස්සු සුසුම්ලනවා. නමුත් දුන්න වතුරක් නැහැ. ඒක නිසා ගරු නගරාධිපතිතුමෙනී මේ මහා ණගර සභාව, මීගමුවේ සංවර්ධනය තමුන්නාන්සේට පමනක් ගොඩ දාන්න බැහැ. තමුන්නාන්සේට විතරක් කරන්න බැහැ. තමුන්නාසේලාට ජනතාව චන්දය දුන්නේ වසර 05 කට. නමුත් මේනෙක් අවසන් වසරක් විතරක් කරපු තමන්නාන්සේ විතරක් නෙවෙයි හිටපු නගරාධිපතිතුමත් මේකට මුලිකවම වගකිව යුතුයි.

දැන් මේ ආන්ඩු පක්ෂයේ ජයවීර මංතී‍්‍රතුමා කියනවා මේ ඉන්න නගරාධිපතිතුමා මේ කමිටු වලට බලය දෙන්නේ නැහැ කියලා. ඉතින් නිමල් ලංසා හිටපු නගරාධිපතිතුමාගේ කාලයේදී මම ත්  ප‍්‍රජා සංවර්ධණ කම්ටුවේ  හිටියා. නමුත් ඒ ප‍්‍රජා සංවර්ධන කමිටුවෙන් අපි කියාපු කිසිම දේකට නිමල් ලංසා හිටපු නගරාධිපතිතුමා අඩුම තරමින් සවන් දුන්නේවත් නැහැ.  දැන් බලන්න ඒ කාලයේ මේ නගර ශාලාව වායුසමනය කරන්න අවශ්‍යයි කියලා මේ සභාවට කිව්වාහම ඒකට විරුද්ධ වුණු එකම මංතී‍්‍රවරයා වුනේ මමයි. අද බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අද  මේ ශාලාවට ගෙවන්න වෙනවා වායුසමනය දාන එක පැයක් සඳහා ර.6500 ක මුදලක්. නාට්‍යක් පෙන්වද්දී මේ වායුසමනය දැම්මොත් ලංකාවේ ඉන්න කොටිපතියනිට පමනයි මේ ශාලවෙන් ටිකටි මීලදී ගෙන නාට්‍ය බලන්න පුළුවන් වෙන්නේ. ඒ කාලේ මට බැන්නා, මේ දේවල් කිව්වාහම. මේ විතරක් නෙමෙයි බලන්න නගර සභාවෙන් හදපු ටෙනිස් කී‍්‍රඩා පිටිය ඒවා වලින් අපිට ආදායමක් එනවාද, හොඳට තිබුණ බස් නැවතුම් පල කඩලා දාලාඒක අද අනලා දාලා තියෙනවා. දැන් මේ ආන්ඩු පක්ෂයේ අය කතා කරනවා කොච්චිකඬේ පොල ගැන. ඒක ගැන විතරක් කථා කරලා ඇතිද. ඇයි වෙරළ උද්‍යානය ගැන කථා නොකරන්නේ.  වෙරළ උද්‍යානය අපේ සභාවට තියෙන වටිනා සම්පතක්.කවුරු හරි ඒ සම්පත් කොල්ල කනවා. ඇයි ඒවා ගැන කථා කරන්නේ නැත්තේ. කෙසේ වෙතත් ආන්ඩු පක්ෂය තුල කතා කල යුතු සාකච්ඡාවකදී විපක්ෂයේ අපිටත් මේ පිලිබඳව කරුනු දක්වන්න අවස්ථාවක් ලබා දුන්න එක ගැන ස්තූතියි.

නියෝජ්‍ය නගරාධිපති සේපාල මොරවක මහතා (එ.ජ.නි.ස).

*ගරු නගරාධිපතිතුමෙනී.  ඔබතුමාට තමයි මේ සභාවේ විධායක බලතල තියෙන්නේ.  ඒ බලය අනුව ඔබතුමා මේ මංති‍්‍රවරුන්ගේ ගෞරවය ආරක්ෂා කල යුතු අතර ඒ ගෞරවය  රැකෙන පරිදි කටයුතු කල යුතු යි. දැන් අපේ මේ ශිරාන් මංතී‍්‍රතුමා කිව්වා හිටපු නගරාධිපති නිමල් ලංසා අපේ ඇමතිතුමා බස් ස්ටෑන්ඞ් එක, ගී‍්‍රන් ෆාර්ක් එක අයාලේ යනවා කියලා. නමුත් අද වෙද්දී ජේ.වී.පී. එක තමයි අයාලේ යන්නේ. ඒත් එක්කම එයා කියනවා හිටපු නගරාධිපතිතුමා මේවා අනලා දාලා ගියා කියලා. එහෙම අනලා දාලා ගියා නම් නිමල් ලංසා හිටපු නගරාධිපතිතුමා කොහොමද ඇමති කෙනෙක් වුනේ. අද වෙද්දී මීගමුවේ සංවර්ධනයෙන් සියයට අනුවක්ම හැදිලා ඉවරයි. තව ටිකයි තියෙන්නේ. දැන් බස් නැවතුම් පලත් තව ටික කාලයකදී හදලා ඉවර වෙනවා. ඉතින් ගරු නගරාධිපතිතුමෙනී මේ ආන්ඩු පක්ෂ මංති‍්‍රවරු ඔබතුමාව පත් කර ගත්තේ කොහොමද කියලා ඔබතුමා දන්න වානේ. මේ මංතී‍්‍රවරු ඔබතුමාව පත්කරගන්න අත්සන් කෙරුවේ බොනට් උඩ තියාගෙන. එහෙම අත්සන් කරලා පියතුමන්ලා අත්සන් කරලා තමයි ඔබතුමාට ඔය නගරාධිපතිධුරය ලැබුනේ. නැත්නම්  ඕක මටනේ ලැබෙන්න තිබුනේ. ඒවාගේම මට පොරොන්දු වුනානේ අවසන් කාලයේදී  ඕක මට දෙනවා කියලා. ඒත් ඒක මට දුන්නේ නැහැනේ. මගේ තුවාලත් අද වැඩි වෙනවා. මම මානසිකව ඇද වැටෙනවා. ඇයි මට දෙනවා කියනවා නමුත් ලැබෙන්නේ නැහැ.ඉතිං මම හිත හදා ගන්නවා. ආපු දේ ලැබෙන්නේ නැතිනම් ඔහේ ගියාදෙන් කියලා. ඒ වුනත් ටික කාලයකට හරි  ඕක මට දුන්නොත් මමත් වැඩ කොටසක් කරලා පෙන්නනවා. ඒක නිසා නගරාධිපතිතුමෙනී. නිමල් ලංසා අපේ ඇමතිතුමා නගරාධිපතිතුමා කාලයේදී මටත් යම් වැඩ කොටසක් පැවරුවා. ඒවාගේ ඔබතුමත් අපිටත් වැඩ කොටසක් පවරන්න අපිත් කරලා පෙන්වන්නම්. ඉතින් මම කියන්නේ අපි මේ සභාවේ වැඩ කටයුතු සුහදව කර ගෙන යමු. සුහදතාවයෙන් වැඩ කරමු. අපි ගෙට් ටු ගෙදර් එකක් තියලා අපේ සුහදතාවය වර්ධනය කර ගනිමු.

නාගරික මංතී‍්‍ර සුනිල් සිල්වා මහතා (ආන්ඩු පක්ෂ)-

අද මීගමුව දිහා බලපුවාහම පාරවල්් ඒවාගේම වෙනත් යටිතල පහසුකම් මෙතරම් ලබා දුන් වෙනත් කලයක් නැහැ. මේ නගරාධිපති කියන තනතුර දරන පුද්ගලයා තමන්ගේ පෞද්ගලික සැප පහසුවට වඩා මේ ධුරයේ කටයුතු පිලිබඳව කි‍්‍රයා කල යුතුයි. අද මේ රට මහින්ද චින්තනය හරහා විශාල සංවර්ධනයක් කරන්න පුළුවන් . එහෙම තියෙද්දී මීගමුව තුල මහින්ද චින්තනය සෑම නිවසක් කරාම යායුතු වෙනවා. නමුත් ගරු නගරාධිපතිතුමෙනී,ඔබතුමා අසමත් වෙලා තියෙනවා, මහින්ද චින්තනය මීගමුවේ සෑම නිවෙසකටම යන විදිහට කටයුතු කරන්න. නමුත් ඒක ඔබතුමාගෙන් සිදු වුනේ නැහැ. ඒවාගේම මේ කමිටු හරහා ඒ දේ සිදු වුනේ නැහැ. අද නාගරික මංතී‍්‍රවරු හිගන්නන් වාගේ තත්වයට පත්වෙලා. එය එසේ නොවිය යුතුයි. ඒ ස`දහා අපි වැඩ පිලිවෙලක් ගොඩ නගමු .

නාගරික මංතී‍්‍ර ජූඩි ලැන්ටි‍්‍ර මහතා (එ.ජා.ප.)

මගේ මේ කථාවෙන් කිසිම පහර ගැසීමක් මම කරන්නේ නැහැ. අද මේ නගර සභාවේ අය නැහැ. වැය පමනයි තියෙන්නේ. ඒකට හේතුව තමයි අපි මහා ලොකු වියදමක් දරලා සමහර දේ හදනවා. නමුත් ඒවායින් අපිට කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ. දැන් බලන්න කුට්ටිදූව ප‍්‍රදේශයේ අපේ සභාවේ මුදලූත් යොදවලා හැදුවා මාළු විකූනන ස්ථානයක්. නමුත් ඒකෙන් අපිට ආදායමක් එනවාද. ඒක හදන්න මුදල් වියදම් කෙරුවෙත් අපියි. ඒක නඩත්තු කරන්නෙත් අපියි. ඒකේ දිනපතාම කැලි කසල අරං දාන්නේත් අපියි. මේවාට විශාල මුදලක් අපි තාමත් වියදම් කරනවා. නමුත් මේවා වලින් සභාවට කිසිම ආදායමක් නැහැ. මේ පිලිබඳව අපි එදත් කිව්වා. අපිට පෙනෙන විදිහට එක්සත් ජනතා නිදහස් සංධානයේ මේ අය හදන්නේ සියළුම ගැටළු ඔබතුමා පිට පටවලා අළුත් නායකත්වයක් යටතේ කියලා ඊළ`ග ඡන්දයට යන්නයි. එහෙම කරලා ජනතාව මුලා කරලා අපි නෙමෙයි නගරාධිපතිතුමයි මේ දේවල් කලේ කියලා ජනතාව මුලා කරන්නයි මේ අය මේ සැරසෙන්නේ. අද වෙද්දී ටෙනිස් පිටියෙන් සභාවට ආදායමක් නැහැ. ගෘහස්ත කී‍්‍රඩාංගනයෙන් ආදායමක් සභාවට නැහැ. ගී‍්‍රන් පාර්ක් එක ගැන ශිරාන් මංතී‍්‍රතුමා සභාවේදී නිතරම කථා කරනවා ඒත් තවම ඒ ගැන වැඩක් වෙලා නැහැ.

විපක්ෂනායක රොයිස් විජිත ප‍්‍රනාන්දු මහතා (එ.ජා.ප.)

නිමල් ලංසා හිටපු නගරාධිපති තුමාගේ සහ ඔබතුමා නගරාධිපතිවුවාට පසුවත් ඇති වුන ඒ මහා ගංවතුර ව්‍යසන වලදී පනතාව දහස් ගනනක් අනාථ වෙලා අවතැන් වෙලා නගරයට ලොකු ප‍්‍රශ්ණයක් සිද්ධ වුනා, නමුත් ඒකට මේ වාගේ හදිසි විශේෂ මහා සභා කැදෙව්වේ නැහැ. පසුගිය කාලයේ මේ මීගමුවේ ඩෙංගු ව්‍යවසනය පැතිරිලා ඒ ව්‍යවසනයෙන් 04 ක් 05 ක් මිය ගිහින් මීගමුව අනාරක්ෂිත ප‍්‍රදේශයක් බවට පත් වෙද්දී මේ වාගේ හදිසි විශේෂ මහා සභා කැදෙව්වේ නැහැ. ඉතිං මේ කාරණා 07 ඔබතුමාලගේ කාමරෙයේ සිට සාකච්ඡා කල යුතුව තිබුනා,  මෙහෙම විශේෂ මහා සභා කැඳවන්නේ නැතිව. තමුන්නාන්සේලා මෙතන මොන යෝජනා ගෙනාවත් ඒවා මේ සභාව තුල කි‍්‍රයාත්මක කරන්න බැහැ. කවුරු යෝජනා ගෙනාවත් ඒවා කි‍්‍රයාත්මක කරන්න බැහැ. මෙතන තියෙනවා අදිසි බළල් හස්තයක්.  දැන් නියෝජ්‍ය නගරාධිපති සේපාල මොරවක මැතිතුමා කියනවා ඊළග චන්දේදි කියන්නේ ආන්ඩුවත් අපේ , ජනාධිපතිතුමත් අපේ , පාර්ලිමේන්තුවත් අපේ , පලාත් සභාවත් අපේ, කියලා. නමුත් අමතක කරන්න එපා හොඳට තිබුන බස් නැවතුම් පල බිමට සමතලා කලේ මේ සේරම තමුන්නාන්සේලා ගාව තියාගෙන කියලා. ඒවාගේම අමතක කරන්න එපා රාජපක්ෂ උද්‍යානය  අද වෙද්දී ඉබි යතුරු දාලා වහලා තියෙන්නේත් මේ සේරම තමුන්නාන්සේලා ගාව තියාගෙන. මේ නගර සභාවට අයත් වටිනා දේපල සම්පත් එක එකාට  ඕන විදිහට විනාශ කරන්න ඉඩ දීලා තියෙන්නෙත්   ආන්ඩුවයි , ජනාධිපතිතුමයි , පාර්ලිමේන්තුවයි , පලාත් සභාවයි කියන මේ සේරම තමුන්නාන්සේලා ගාව තියාගෙනයි. ඉතින් මෙහෙම තත්වයක් තියෙද්දී කොහොමද තමුන්නාන්සේලා මිනිස්සු ඉස්සරහට ගිහින් ඡන්දේ ඉල්ලන්නේ. රෙදි ඇ`දගෙනද එහෙම ගිහිං ඡන්දේ ඉල්ලන්නේ.

අද බලන්න මේ සභාවට අයිති රාජපක්ෂ උද්‍යානය , එදා  ඕක බදු දන්නේ හිටපු නිමල් ලංසා නගරාධිපතිතුමාගේ කාලයේදී .එදා මිලියන 05 අය වෙන් න තිබුන ඒ රාජපක්ෂ උද්‍යානයට. ඒක අද වෙද්දී මිලියන 15 ක් විතර වෙලා ඇති මේවෙන කොට.  සමාන්‍ය බදු නීතිය අනුව සභාවේ යම් දේපලක් බදු දෙද්දී බැංකුවකින් බැංකු ඇපකරයක් ලබා ගත යුතුයි.  නමුත් එදා මේ උද්‍යානයට බදුදෙද්දී එහෙම ඇපකරයක් අරගෙන නැහැ. එහෙම බැංකු ඇපකරයක් අරගෙන තිබුනා නම් අද මේ විදිහට ඒ බදු දුන් ආයතනයෙන්න් අපිට අයවිය යුතු මුදල් ලබා ගන්න අධිකරනයට යන්න වෙන්නේ නැහැ. ඒවාගේම නිමල් ලංසා හිටපු නගරාධිපතිතුමා,  රාජපක්ෂ මැතිතුමා මේ උද්‍යානයට  නගර සභාවට පවරලා දීපු ඔප්පුව නැහැ කියලා ඒ කාලයේ බදු දුන්නේ ප‍්‍රකාශිත ඔප්පුවක් හදලා. හැබැහි එහෙම ප‍්‍රකාශිත ඔප්පුවක් හදන්න හිටපු නගරාධිපතිතුමා මේ මහා සභාවෙන් කිසිම අවසරයක් ගත්තේ නැහැ. මේ නීතිවිරෝදී දේවල් සිදු වුනේ නිමල් ලංසා හිටපු නගරාධිපතිතුමාගේ කාලයේදී. ඒත් එක්කම මේ උද්‍යානයට  තීන් පාර්ක් එන්ටර්ටේට්මන්ට් එකට බදු දීලා ඒ අය ආපසු ඒක පී.ජී. මාර්ටින්ලාට බදු දීම කලේ මේ මහා සභාවේ අවසරය ගෙනද. නැහැ. කිසිම අවසරයක් මේ මහා සභාවෙන් ගත්තේ නැහැ. අනෙත් එක මේකේ නම වෙනස් නොකල යුතුයි කියලා නීතියක් තිබුනා. නමුත් රාජපක්ෂ උද්‍යානයට  ඩයිනෝ පාර්ක් කියලා නම දැම්මා. ඒක විවෘත කරන්න හිටපු නගරාධිපතිතුමත් ගියා . පීත්ත පටිය කපන වේලාවේ ඔලූවට උඩින් ඩයිනෝ පාර්ක් කියලා ගහලා තිබුනා එයා ඒක දැක්කේ නැද්ද. අද මේ න්‍යාය පත‍්‍රයේ තියෙනවා කුණු කසල අරංදාන වැඩේ ක‍්‍රමවත් විය යුතුයි කියලා. ඒවා නෙමෙයි අද මේ මීගමුවේ තියෙන ප‍්‍රශ්ණ. ඒ ප‍්‍රශ්න කුණු වෙලා පනුවෝ ගහලා  ඕජස් ගලලා පැත්ත පලාතම විනාශ කරලා ගඳ ගස්සලයි තියෙන්නේ.  ඉතිං අපි තියෙන ගෞරවයට කට වහගෙන හිටියා. දැන් බලන්න බස්නැවතුමට එහා පැත්තෙන් තියෙන හෝටලය. ඒක නගර සභාවට අයිති දේපලක්. ඒකේ අයිති කාරයා නඩුවක් දැම්මා නඩුව අපි දිනන්න ඔන්න මෙන්න කියා තිබියදී මේ ඒක සභාවට යෝජනාවක් විදිහට ගෙනල්ලා සම්මත කරගෙන  ඒ හෝටල් අයිතිකාරයට ඒක පවරලා දුන්නා. ඒවාගේම රහිමිය හෝටලය . පාර පලල් කරන වේලාවේ, ඒ මහා පාරේ මධ්‍ය ලක්ෂයත් වෙනස් කෙරුවා. මම මේ කියන සෑම දෙයක්ම වගකීමක් ඇතිව සාක්ෂි සමගයි මම කියන්නේ. ඒවාගේම නගර සභාවේ සංවර්ධන ගිනුමෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලකින් හැදුවා තලවාදූව ටෙනිස් පිට්ටනියක්. අපිත් සතුටු වුනා අපේ කොල්ලෝ කෙල්ලන්ට ටෙනිස් ගහන්නනේ කියලා. නමුත් අද මොකද වෙන්නේ

බී.එම්.ඩබ්ලියූ වලින් බෙන්ස් වලින් ඇවිල්ලා අද එතැන ටෙනිස් ගහලා යනවා. නමුත් නගර සභාවට කිසිම ආදායමක් නැහැ. ඉතිං මේවා හිටපු නගරාධිපතිතුමා භාර ගත යුතුයි. ජලය ලබා දෙනවා කියලා ජල ව්‍යාපෘතියක් වෙනුවෙන් අවශ්‍ය වුනේ පර්චස් 100 ක භූමි ප‍්‍රමානයක් නමුත් ඒ පර්චස් 100 වෙනුවට රැය ගෙවිලා එලිවෙලද්දී සශී‍්‍රක කඩොලාන අක්කර 08 ක් කපලා දාලා විනාශ කරලා.  පස්සේ ඒ ජල පිරිපහදුව එතැන හැදුවේත් නැහැ. කාමච්චෝඩයට අරගෙන ගියා . එතැනත් ආසාර්ථක වුනා. දැන් මහා ආන්ඩුවෙන් වෙනත් ව්‍යාපෘතියක් හරහා මීගමුවට ජලය ලබා දෙන්න කි‍්‍රයාත්මක වෙනවා. ආන්ඩු පක්ෂය නම් කියනවා අද මීගමුවේ පාරවල් සංවර්ධනය වෙලා තියෙනවා කියලා. පාරවල් සංවර්ධනය වෙන එක හො`දයි නමුත් අද මේ නගර සභාව නයබරින් මිරිකිලා. අපි එදා විරුද්ධ වුනා ආසියානු සංවර්ධන බැංකුවෙන් ගිනි පොලියට නය අරගෙන පාරවල් හදනවාට. අද කොච්චිකඬේ පොල ගැන කථා කරනවා. අපි එදා ඒකටත් විරුද්ධ වුනා. හැබැයි ගරු නගරාධිපතිතුමෙනී ඔබතුමා මාසයක් පමන කාලයකදී ඒ පොල සම්බන්ධයෙන් මේ අරගෙන නිවරදි කි‍්‍රයාමාර්ගය ගැන අපි ඔබතුමාට ස්තූතිය ප‍්‍රකාශ කරනවා. මේ පොල විතරක් නෙමෙයි දැන් මීපුර හෝල් එක ළග තියෙන පොල, මාළු වෙළඳ පොල ඒත් එක්කම බීච් පාර්ක් එක. දැන් බීච් පාර්ක් එකේ රථ ගාල සහ වැසිකිලි පවත්වා ගෙන යන්න පමනයි ටෙන්ඩර් කරලා තියෙන්නේ. නමුත් ඊට මැදින් තියෙන ප‍්‍රදේශය. ඇයි ඒ ගැන කවුරුවත් සොයා බලන්නේ නැත්තේ. ඊයේ පෙරෙදා ඒ වෙරළට මැරිලා ගොඩ ගහපු තල්මහා බලන්න ආපු අයගෙනුත් ප‍්‍රවේශ පත‍්‍ර දීලා බීච් පාර්ක් එකෙන් මුදල් ගත්තා. මැරිච්ච තල්මහා ගොඩ ගැහෙව්වෙත් එතනටමනේ. ඉතිං මෙවා ජනතාවට කිව්වාහම නැවත ආන්ඩු පක්ෂයට බලය ලබා ගැනීම සිහිනයක් පමනයි. ඒවාගේම පසුගිය කාලයේ නගර සභාවේ තිබුණු සම්පත් වලට අන දේඅපි හොඳින්ම දන්නවා. නගර සභා බල ප‍්‍රදේශයට හයි කරන්න තිබුණ ලයිට් පසුගිය පලාත් සභා ඡන්දේ වෙලාවේ දිවුලපිටියට හයි කරපු ඒවත් අපි දන්නවා. ඒක නිසා මේ නගර සභාවේ පරිපාලනය එදත් අදත් අන්තීමයි කියලා තමයි කියන්න තියෙන්නේ. ඉතිං මේ නගර සභාව කනත්තට ඇතුළු කරන්න ඔන්න මෙන්න කියා තිබියදී තමයි මේ විශේෂ මහා සභාව  කැ`දවා තියෙන්නේ.

නාගරික මංතී‍්‍ර මාර්ක් සුජිත් මහතා (ආන්ඩු පක්ෂ)

පරිපාලනයේදී අපි සැවොම එකට එකතු විය යුතුයි. විපක්ෂයද එකතු කර ගනිමින් විශේෂයෙන් මේ නගර සභාවේ සියළුම අංශ ප‍්‍රධානීන්ද කැඳවා රැස්වීමක් කැඳවිය යුතුයි. ඒ ඒ අයට ඒ ඒ අංශ වලට අදාල වගකීම් ලබා දීමට කටයුතු කරන්න. අපි සියළු දෙනා මේ පිලිබඳව එක්ව සාකච්ඡා කල යුතුයි. අපි කවුරු කවුරුත් එකතුව මේ සභාවේ කටයුතු කල යුතුයි.

නාගරික මංතී‍්‍ර ප‍්‍රදීප් පීරිස් මහතා (එ.ජා.ප.)

මේ න්‍යාය පත‍්‍රයේ සඳහන් වන කරුණු නගර සභාවක් විසින් තම ජනයාට ඉටු කල යුතු මුලික සේවා. ඉතිං මේ මුලික කරුණුවත් ඉටු කිරීමට මේ ආන්ඩු පක්ෂ මංතී‍්‍රවරු මුලසුන ගන්න කමිටු වලට බැරි නම් , එයින් ප‍්‍රකාශ වන්නේ ඒ අයගේ අසමාර්ථ භාවය. නැතිනම් අපොහොසත් කම. ඒකට ඉතිං මේ නගරාධිපතිවරයාම පමනක් වගකිව යුතු නැහැ. මම කියන්නේ එහෙම ඒ මුලින කරුණුවත් මේ නගර සභාවෙන් කරන්න බැරිනම්. කරුණාකරලා අර කොළඹ මහ නගර සභාව වාගේ මේ මීගමුව මහා නගර සභාවත් විශේෂ කොමසාරිස් කෙනෙකු යටතට පත් කරන්න . නගරාධිපතිතුමෙනී, අපි ඔබතුමාට කඬේ යන්නේ නැහැ.  මෙතෙක් කලක් නොතිබ්ච්ච පිරිස් කලඹනාකරණයක් ගෙන්න කියලයි මේ ආන්ඩු පක්ෂ මංතී‍්‍රවරු නගරාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. නිමල් ලංසා හිටුපු නගරාධිපතිතුමා ඉන්න කාලේදී නම් මෙහෙම ඉල්ලීම් නැහැ. මෙහෙම කෙරුවොත් හිට ලන්න  ඕනා. මෙහෙම කෙරුවොත් ඉඳ ගන්න  ඕනා.  මේ හදන්නේ ගරු නගරාධිපතිතුමෙනී ඔබතුමාව තනි කරන්නයි. තමුනාන්සේව යුදාස් කරලාජනතාව ඉදිරියේ මේවාට වගකියන්න  ඕනේ නගරාධිපතිතුමා කියලා මේ අය නිදහස් වෙන්නයි හදන්නේ. නගරාධිපතිතුමෙනී ඔබතුමාව පාවාදීලා මේ අය ජයග‍්‍රහනය ලබන්නයි මේ සුදානම් වෙන්නේ.

නගරාධිපති හර්මන් කුරේරා මහතා (එ.ජ.නි.ස.)

කන්ඩායම් හැගීම . විනය, වාගේ දේවල් අපි අතර බෙහෙවින්ම තිබිය යුතුයි. මේ වාගේ දෙයක් අපේ කන්ඩායම් රැස්විමේදී සාකච්ඡා කලා නම් තමයි හොඳ . මේක විපක්ෂයට හොඳම අවස්ථාවක් වුනා. ඇත්තෙන්ම මේ ගැන මම ඉතාම කනගාටු වෙනවා.

මම මේ නගරාධිපතිධුරය භාර ගන්න කොට මේ නගර සභාවේ ආදායම් තත්වය ඉතා අඩු මට්ටමක තමයි තිබුතේ. මට අවශ්‍ය වුනේ ඉක්මනින් මේ නගර සභාවේ ආදායම වැඩි කර ගන්න එක. සභාවේ මුදල් හිගය ඉතා තදින්ම තිබුනා. මේ මුදල් හිගය නිසා සමහර අපේ කොන්ත‍්‍රාත්කරුවන් පවා කරපු වැඩ නතර කරලා යන්න ගියා අවස්ථා තිබුනා. මේ හේතූන් නිසා සභාවේ මුදල් බොහෝම අරපරිස්සමින් තමයි වියදම් කලේ. බස් නැවතුම් පල ඉතා ඉක්මනින්ම නිම කරන්න තමයි බලාපොරොත්තු වුනේ. නමුත් නගර සභාව ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්ත ණය ගෙවන්න තියෙනවා. ඒක නිසා සෑම වැඩක්ම කරන්න උනේ සභාව අතේ තියෙන මුදල් බලාගෙනයි. මේ වෙද්දී බස් නැවතුමේ වැඩ සියයට අසුවක් පමන ඉවරයි. හිගවරිපනම් නැති හොඳම නගර සභාව , මේ මීගමුව නගර සභාවයි. ගෘහස්ත කී‍්‍රඩාංගනය මේ වෙද්දී සභාවට අදායමක් ලබා ගත හැකි පිලිවෙලට යම් වැඩ පිලිවෙලක් හදලා තියෙනවා. ටෙනිස් පිටියටත් ඒ ආකාරයේ වැඩ පිලිවෙලක් මේ වෙද්දී යොදලා තියෙනවා. මේ සභාව වෙලා තියෙන ණය තමයි අපිට තියෙන ලොකුම ප‍්‍රශ්නය . මම සෑම පක්ෂ විපක්ෂ මංතී‍්‍රවරයෙකුටම මේ ලයිට් දැමීම වාගේ දේවල් වලින් එයාලාට යම් විදිහකට සේවාවක් පසුගිය කාලයේ කරලා තියෙනවා. මම මේ සභාවට තියෙන අදායම අනුව මේ විදිහට මෙච්චර වැඩ කරලා තියෙද්දී මේ ආකාරයේ රැුස්වීමක් කැ`දවපු එක ගැන ඇත්තෙන්ම කනගාටු වෙනවා. බස් නැවතුම් පල හදලා ඉවර වුන ගමන් ඒක නඩත්තු කරන්නත් අපි මුදල් හොයන්න  ඕනේ. සෞඛ්‍ය අංශයෙන් අපි මෙවර බස්නාහිරෙන් ප‍්‍රථම සහ ලංකාවෙන්ම 05 තැන අරගෙන තියෙනවා, මේ අඩුපාඩු මෙච්චර තියෙද්දීත්. මු`ඵ ලංකාවේම නගර සභාවල් මහා නගර සභා අතරින් මීගමුව මහා නගර සභාව තමයි ඊ-ගවර්න්මන්ට් කියන සංකල්පය යටතේ මේ නගර සභාවේ වැඩ කටයුතු පරිඝනක ගත කරලා තොරතුරු තාක්ෂනය සම`ගින් නව සේවාවක් අරඹන්න තෝර ගෙන තියෙන්නේ. අපි ළ`ඝදීම ඒක මෙහේ අරඹනවා.  රාජපක්ෂ පාර්ක් එක සම්බන්ධයෙන් අපි පක්ෂ විපක්ෂ කොමිටියකුත් පත් කලා. නමුත් එක එක ප‍්‍රශ්න ඇති වුනා. ලක්ෂ 45 ක් අපිට ලැබෙන්න තියෙනවා නමුත් මෙතෙක් අපිට ඒවා ලැබිලා නැහැ.

පොලවල් සම්බන්ධයෙන් ගත්තාහම කාමච්චෝඩය පොලට අපි පක්ෂ 45 වියදම් කරලා පාරවල් හදන්න , වැසිකිලි හදන්න වෙන් කරලා තියෙනවා.තවත් විස`දා ගත යුතු ල‍්‍රශ්ණ රාශියක් තියෙනවා. ඒවා අපි කොමසාරිස්තුමා හරහා ඉතා ඉක්මනින්ම විස`දා ගන්න බලාපොරොත්තු වෙනවා. මේවා මහා සභාවට ගේන්න අවශ්‍ය නැහැ. මේවා අපේ පක්ෂ රැස්විමේදී සාකච්ඡා කල හැකියි. ඒ අවස්ථාව පැහැර හැරලා, මේ විදිහට විපක්ෂයට අවස්ථාව දුන්නා ඒ අයට. මේ අදහස් හොඳින් හිතට අරගෙන අපි ඉදිරියේදී වැඩ කරමු.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article