spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු මහරෝහළේ ගැබිනි වාට්ටුව අනතුරුදායකයි!

Must read

NGB hospital(7.45 am ) මීගමු  රෝහළේ  වාට්ටු  අංක  10  වෙන්කර  ඇත්තේ   ගර්භනී   මාතාවන්ටය.
මෙම  වාට්ටුවට  ආසන්නයේම  නොමේරූ  ලදරුඒකකය  සහ  සූතිකාගාරයද  ඇත.
ගැබිනි  වාට්ටුව  අංශ  දෙකකින්    යුක්තය.   එනම්  පූර්ව  ප්‍රසව  අංශය
සහ  පසු  ප්‍රසව  අංශය  යනුවෙනි.  පූර්ව  ප්‍රසව  අංශයේ  ඇතුළුවන
ස්ථානයේ  කාඩ්බෝඩ්   කැබැල්ලක  රතු  ප්ලැටිග්නම්   පෑනකින්   මෙම  ස්ථානය
අවධානම්  කියා  ලියා  එල්ලා  ඇත.
කුඩා  කනු  කිහිපයක්     මෙහි  වහලට මුක්කු  ලෙස  තබා  ඇත.  නමුත්  මෙම  මුක්කු  මෙකී  වහලයේ  අවධානම  වලක්වා ගැනීමට  ප්‍රමාණවත්  නැත .
මෙය  පැති  ගනනාවකින්   භයානක  වේ.   දරුවෙකු  මෙලොවට  බිහි  කිරීමට
සූදානම් වන  මව්වරු  ඉතා  නිදහස්  මනසකින්  යුතුව  එකී  කාර්්‍ය  සදහා
මනස  සකසා  ගතයුතුය.   පූර්ව  ප්‍රසව  අවස්ථාවේදී   මෙය  විශේෂයෙන්
සැළකිල්ලට  ගත යුතුව ඇත.   නමුත්  මේවනවිට  පූර්ව  ප්‍රසව  අවස්ථාවේ
සිටින  මව්වරුන්ට  අදාල  ස්ථානය  නිසි  පිළිවෙලකට  නැතිනම්  ඇතිවන  තත්වය
කෙබදු  එකක්දැයි  සිතාගත  හැක.  මන්ද  නිතරම  මෙහි  වහලය  කඩා
වැටේදෝහෝයි  සිතමින්  කල්  ගෙවීමට  සිදුව  ඇතිබැවිනි  ඒ.  රෝහළේ  සිටින
වගකිවයුත්තන්   සහ  ඉහළ  බලධාරීන්   මෙම  කාරණය  ගැන   දෙන   අවධානයේ
අඩුවක්  තිබේදැයි  සැකයක්  මතුව  ඇත.

එසේම   ස්ථිර  රෝහල්  අධ්‍යක්ෂක  වරයෙකු  නොසිටීමද   මේ   පිළිබදව  තීරණ
ගැනීම   කෙරෙහි  බලපා   ඇතැයි  සමහරු  අදහස්  පළකරයි.  කෙසේ නමුත්  දැනට
සිටින  කුමණ  හෝ  නිලදරුවෙකු  මෙම  වාට්ටුවේ  ප්‍රශ්ණය  විදීමට  කටයුතු
නොකළහොත්  ඉන්  පීඩාවට  පත්වන්නේ  මෙම   අසරණ  රෝගීන්  බව  සිතට
ගතයුතුය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article