spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු රෝහලේ මෘතශරීරාගාරය ක්‍රියා විරහිතයි

Must read

(2.07pm) දින  ගණනාවක  සිට  මීගමුව  රෝහලේ  මෘතශරීරාගාරය  ක්‍රියාවිරහිතවීම නිසා   මිනී තැන්පත්කර  ඇත්තේ අයිස් දමා  බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට මීගමුව රෝහලේ තැන්පත්කර තිබූ නාඳුනන  මළසිරුරු කිහිපයක් භුමදාන කර ඇති අතර  මෙම ගැටලුව විසඳීම සඳහා මීගමුව රෝහලේ මෘතදේහයන් රාගම රෝහලට යැවිමට කටයුතු කර තිබේ. නමුත් වාර්තා වන අන්දමට රාගම රෝහලේ ද මේ වනවිට ශ්‍රීතාගාර වල ගැටළුවක් ඇති බැවින් රාගම රෝහලෙන් ද මාත ශරීර බාර නොගන්නා තත්වයක් පවතී. එබැවින්   පිටතින්  අයිස්  ගෙනැවිත්  මළ  සිරුරු  කල්තබා  ගැනීමට  සිදුවී  ඇති  බව වාර්තා වේ.
මීගමුව  රෝහලේ  සේවාව බලාපොරොත්තුවෙන්   එන  පිරිස  පටු  සීමිත  කලාපයකට  සීමාවී  නැත. ඉතා දුරබැහැරින්  මෙම  රෝහලට  ජනතාව  පැමිණේ.   එසේම  මීගමුව  සංචාරක කලාපයකි.  නිදහස්  වෙළදකලාපය,  ගුවන්තොටුපල     යන  ප්‍රධාන  කර්මාන්ත සහ  සේවා  ස්ථාන  ආසන්නයේ  පවතින   හෙයින්   රෝහලේ  අත්‍යවශ්‍යතාවය  කැපී  පෙනේ.

coolroom - ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නොවෙ
coolroom – ඡායාරූපය ප්‍රවෘත්තියට අදාළ නොවෙ
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article