spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමු සමුපේ ලොක්කෝ සමුපේ හප කරති ! බැංකුවලින් සහ සමුපාකාර කොමසාරිස්ගෙන් අවවාද ලිපි රැසක් !

Must read

මීගමුව සමුපකාරයේ ක්‍රියාකාරිත්වය පිළිබදව පසුගිය කාලය තුල අප විසින් හෙළිදරව් කිරිම් කිපයක්ම සිදුකරන්නට යෙදුණි.
ඒවායේදි ප්‍රධාන ලෙසින්  මතුව පෙනුනේ මිගමුව සමුපේ ප්‍රධාන ලොක්කන් සමුපකාර නිතියට පටහැනිව සිදුකරනු ලබන විවිධ අමන ක්‍රියා හේතුවෙන් සමුපාකාරය බරපතල අර්බුදයකට මුහුණ දෙමින් සිටින අයුරු ගැනය.
මෙහි ප්‍රධානියා මුළුමනින්ම කටයුතු කරමින් ඇත්තේද සමුපාකාර නිතියට පටහැනිවය. සමුපකාරය විසින් පවත්වාෙගන යනු ලබන ව්‍යාපාර වලට සමාන ව්‍යාපාර කිසිවක් අදාල ප්‍රධානින්ට පවත්වාගෙන යා නොහැකි බව සමුපකාර නිතියේ මුලධර්මයකි.coop letter 1Peoples Bank letter 1
එහෙත් ඒ සියල්ල දැනටත් කිසිදු ලැජ්ජාවකින් තොරව කඩා ඇත.
දැවැන්ත මුදලක් යටකරමින් සමුපකාර ගොඩනැගිල්ලේ සිදුකරන්නට යෙදුන අලුත් වැඩියාවන් සහ නව ඉදිකිරිම් සදහා විශාල මුදලක් මේ ලොක්කන් විසින් වැය කිරිම නිසා දැන් බරපතල මුල්‍ය අර්බුදයක් මතුව තිබේ.මේ සම්බන්ධයෙන්  ඉතා බරපතල ලිපියක් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් යොමුකරමින් කියා සිටින්නේ සිදුව ඇති අක්‍රමිකතා නිසා ඇතිවන පාඩුව සමුපේ ලොක්කන් විසින් දැරිය යුතුව ඇති බවය.එපමණක් නොව මහජන බැංකුව පවා ලිපියක් යොමුකරමින් කියා සිටින්නේ මේ ලොක්කන්ගේ මුල්‍ය අවභාවිතාවන් නිසා මතුව ඇති අර්බුදය ගැනය .
මේ නිසා විශාල මුදලක් බැංකු අයිරාවන් ලෙසින් ගොඩගැසෙමින් තිබේ. මේ ගැන බැංකු වලින් දැන් අනතුරු ඇගවිමේ ලිපිද ලැබෙන්නට පටන් ගෙනය. මේ සකලාකාර වැරදි සිදුකරමින් සිටින මේ ලොක්කෝ මේ සියල්ලෙන් ගැලවෙන්න හදන්නේ සමුප ඇමති පස්ස පැත්තේ හැංගි ගෙනය.
මේ සි්‍යළු දුෂිතයන් එක මිටට තබා පරාජය කිරිමට මිගමුවේ සමුපාකාරයට ඇත්තටම අාදරය කරන සැමගේ අද සැබෑ වගකිම වි තිබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article