මීපුරට උතුම් වෙසඟේ අසිරිය රැගෙන එන “ධර්ම විජය වෙසක් කලාපය”  12 දා සිට 17 දා තෙක්

0
23
WhatsApp Image 2025 05 08 at 17.40.26 4de7b7df

අති ගෞරවනීය ,බුදු රඳුන්ගේ ගේ අති උත්තරීතර වූ තෙමගුල සිහිකෙ⁣රෙණ වෙසක් පොහොය නිමිති කරගනිමින් මීගමුව, පුරවරයේ මෙවර සුවිශේෂ වූ වෙසක් කලාපයක් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සංවිධානය කෙරෙමින් පවතී. ” මීපුර වෛශාඛ්‍ය මංගල්‍යය 2025,” ” ධර්ම විජය වෙසක් කලාපය”  යනුවෙන් මෙය නම් කර ඇත.  මෙම වෙසක් කලාපය එළඹෙන  12 වැනි සඳුදා දින සිට   17 වැනි සෙනසුරාදා දින දක්වා  පැවැත්වීමට නියමිතව තිබේ. මීගමුව. කොප්පරා හන්දිය, ශ්‍රී විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම වෙසක් කලාපය , මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය මූලික කරගනිමින් පවත්වනු ලබන ප්‍රථම වෙසක් කලාපයයි.
පසුගිය 05 වැනි දින සවස එම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවැති  විශේෂ මාධ්‍ය හමුවකදී  මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන ලදි.

මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ ශ්‍රී විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභික සහ මෙම වෙසක් කලාපයේ ප්‍රධාන අනුශාසක , ලෙස කටයුතු කරන ශාස්ත්‍රපති පූජ්‍ය දෙල්වල අංගීරස ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.
එහිදී උන්වහන්සේ සඳහන් කළේ  කතෝලික ජනතාව වැඩි වශයෙන් වාසය කරන සහ මුස්ලිම් මෙන්ම හින්දු ජනතාවද ඉතා එකමුතුවෙන් වෙසෙන මීගමු පුරවරයට බුද්ධාලම්භන ප්‍රීතිය සහ  වෙසක් අසිරිය  රැගෙන ඒම සඳහා මෙි වෙසක් කලාපය ප්‍රථම වතාවට මෙම බෞද්ධ මධ්‍යස්ථානය කේන්දු කරගනිමින් පැවැත්වීමට මුල පිරූ බවයි. එමෙන්ම උන්වහන්සේ එහිදී වැඩිදුරටත් අනාවරණය කලේ  මීගමුවේ ස්ථාපිත පාසල් සහ  රාජ්‍ය මෙන්ම පෞද්ගලික ආයතන ද මේ සඳහා  සම්බන්ධ කරගෙන ඇති බවයි. එමෙන්ම කතෝලික,දේවස්ථානවල පියතුමන්ලා සහ  හින්දු ආගමික කෝවිල් වල පූජකතුමන්ලාවත් එලෙසම මුස්ලිම් දේවස්ථානවල මවුලවි තුමන්ලා  ඇතුළු පූජක තුමන්ලාවද ද මෙම වෙසක් කලාපය පිළිබඳව දැනුවත් කර ඇති අතර ඒ සඳහා එතුමන්ලා ද මෙම වෙසක් කලාපය නැරඹීම සඳහා ආරාධනය කර ඇති බවත්, එම පූජක පිරිස් හරහා මීගමු ප්‍රදේශයේ වෙසෙන සියලුම ආගමික ජනතාවට මෙම වෙසක් කලාපය නැරඹීම සඳහා ඇරයුම් කර ඇති බවත්  පූජ්‍ය අංගීරස ස්වාමීන් වහන්සේ එහිදී වැඩිදුරටත් සඳහන් කලේය.
ඒ අනුව එලඹෙන 12 වැනි සඳුදා දින පෙරවරු 10.00 ට මීගමු මහා නගර සභා පරිශ්‍රයේ සිට කොප්පරා හන්දියේ, ශ්‍රී විජේපාල මෙන්ඩිස් බෞද්ධ මධ්‍යස්ථානය  දක්වා සියලු සංස්කෘතික අංගවලින් සමන්විත වන දර්ශණීය වෙසක් පෙරහැරක් ද සමගින් අති ගෞරවනීය සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කිරීම සිදු වේ. එම දර්ශනීය වෙසක් පෙරහැර අලංකාර කිරීම සඳහා විවිධ වූ නර්තන අංගයන්ගෙන් දායක වීමට මීගමුවේ රජයේ පාසල් කිහිපයකම  සිසු දරු දැරියන් විශාල පිරිසක්ද සහභාගී වීමට නියමිතව ඇති අතර එදින  පටන් 17 වැනි  සෙනසුරාදා දින දක්වා  ගෞරවනීය සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගන්නට සැදැහැවත් ඔබට අවස්ථාව සැලසේ.
WhatsApp Image 2025 05 08 at 17.42.47 b11a5dd0
එලෙසම   මෙම වෙසක් කලාපයට සමගාමීව මැයි මස 11  වැනිදා සවස 6.00  සිට රාත්‍රි 10.00 වන තෙක් ද මීගමුව මහා නගර සභා ශාලාවේදී ද ගෞරවනීය සර්වඥ ධාතූන් වහන්සේලා වැඳපුදා ගන්නට  සැදැහැවත් ඔබට අවස්ථාව හිමි වේ.

ඊට අමතරව මෙම ” මීපුර වෛශාඛ්‍ය මංගල්‍යය 2025,”” ධර්ම විජය වෙසක් කලාපයේදී චිත්තාකර්ශනීය මනරම් වෙසක් තොරන , සහ දර්ශනීය පහන් කූඩු රැසක්ද ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම වෙසක් පොහොය එළඹෙන 12  වෙනි සඳුදා දින සහ ඊට පසු දින එනම්  13 වැනි අඟහරුවාදා යන දෙදිනේම රාත්‍රී විශේෂිත වෙසක් භක්ති ගීත ගායනා වැඩසටහන් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.  ඒ සඳහා මීගමුව ප්‍රදේශයේ සහ තදාසන්න ප්‍රදේශවල සියලු පිරිවෙන් විහාරස්ථාන නියෝජනය වන දහම් පාසල් දරුවන් සහ  විශේෂයෙන්ම මීගමුව ප්‍රදේශයේ කතෝලික පාසල් ඇතුළු රජයේ පාසල් කිහිපයකම සිසු දරු දැරියන් සහභාගි වීමට නියමිතව ඇත. එලෙසම වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සියලු ජනතාව වෙනුවෙන්  දන්සැල්  පැවැත්වීමට ද මෙම වෙසක් කලාපය භාරව කටයුතු කරන එම සංවිධායක මණ්ඩලය මේ වන විටත් සියලු කටයුතු සුදානම් කර ඇත.
එමෙන්ම මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු විජයපාල මෙන්ඩිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ ශ්‍රී විජය මූලික පිරිවෙණෙහි, පරිවේනාධිපති සහ මෙම වෙසක් කලාපයේ සංවිධායක මණ්ඩලයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන රාජකීය පණ්ඩිත පූජ්‍ය බඳුරාගොඩ රාහුල ස්වාමීන් වහන්සේ අවධාරණය කළේ මෙම වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන සියලුම සැදැහැවත් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සැලසීම සඳහා පොලිසිය, ගුවන් හමුදාව වැනි ආරක්ෂක අංශයන්ගේ සහයෝගය හා දායකත්වය ලැබී ඇති බවයි. එමෙන්ම වෙසක් කලාපය නැරඹීම සඳහා වාහන වලින් පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ඔවුන්ගේ වාහන වඩාත් ආරක්ෂිතව නවතා තැබීම සඳහා විශේෂිත වූ ස්ථාන මේ වනවටත් සූදානම් කර ඇති බව ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේය.  මෙහිදී උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දුන්නේ කිසිදු ආකාරයක බියක් සැකක් නොමැතිව මෙම වෙසක් කලාපය තුළ සැරිසැරීමට හා වෙසක් කලාපයේ සියලු අංග බියක් සැකක් නොමැතිව නැරඹීම සඳහා මෙහි පැමිණෙන සැදැහැවත් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව සහ අනෙකුත් සියලු පහසුකම් ලබාදීමට ඉතා උපරිමයෙන්ම මෙම වෙසක් කලාපය භාරව කටයුතු කරන සංවිධායක මණ්ඩලය විසින් ඉතා මනාව කටයුතු කර ඇති බවයි.

WhatsApp Image 2025 05 08 at 17.35.37 69b73eb7

මෙම මාධ්‍ය හමුවේදී  ” මීපුර වෛශාඛ්‍ය මංගල්‍යය 2025,”
” ධර්ම විජය වෙසක් කලාප සංවිධායක මණ්ඩලයේ, ප්‍රධාන සංවිධායක සාමවිනිසුරු උපාලි මදුරප්පෙරුම මහතා ද අදහස් දැක්වීය. එමෙන්ම එම සංවිධායක මණ්ඩලයේ උප භාණ්ඩාගාරික නීතිඥ චතුර අනුෂ්ක අමරතුංග, උප සභාපති, රංජිත් ධර්මවංශ,  සම ලේකම් සිසිර කරුණාරත්න සහ එහි ප්‍රධාන සභාපති, ග්‍රාම නිලධාරී සරත් විජේරත්න යන මහත්වරුන්ද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූහ.
එසේනම් , මීගමුව, කොප්පරා හන්දිය, විජේපාල මෙන්ඩිස් අනුස්මරණ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 2012 වසරේදී බෞද්ධ මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කර , එදා මෙදා තුර ප්‍රථම වතාවට මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන මේ මහා වෙසක් කලාපයට  බැති සිතින්  පැමිණෙන මෙන් මීගමුව පුරවරයේ සහ  ඊට තදාසන්නව වෙසෙන ජනතාවටත්, සමස්ත රටවාසී සියලු දෙනාටත් මෙලෙස සුහද සිත් පෙරදැරිව බැතියෙන් යුතුව ආරාධනය කර සිටිමු..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here