ලෝක රතු කුරුස හා රතු අඩසද දිනය 2025 සැමරීමේ ගම්පහ දිස්ත්‍රික් වැඩසටහන

0
739

 

රතු කුරුස සංවිධානයේ නිර්මාතෘ තුමා වන සර් ජීන් හෙන්රි ඩුනාන්ට් මහතාගේ උපන්දිනය සිහිපත් කරමින් මැයි මස 8 වන දින ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ගම්පහ ශාඛාව විසින් ලෝක රතු කුරුස සහ රතු අඩසඳ දිනය සැමරීම සිදු කරන ලදී. ‘ මනුෂ්‍යත්වය අරමුණු කරගෙන’ යන තේමාව මූලික කරගෙන මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ දී උත්සවය පැවැත්විණි.

මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජාතික ලේකම් ගරු ඇන්ටන් වික්ටෝරියා මහතා සහභාගි වූ අතර සෙසු ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජාතික තරුණ ලේකම් සහ මීගමුව කොට්ඨාස සභාපති දුලිත ප්‍රනාන්දු මහතා, ගම්පහ ශාඛා විධායක නිලධාරී බුද්ධික මානවසිංහ මහතා ඇතුළු රතුකුරුස සමාජයේ සාමාජික සාමාජිකාවන්, ආවේ මරියා කන්‍යාරාමයේ විදුහල්පති කන්‍යා සොහොයුරිය ඇතුළු ගුරුභවතුන් සහභාගි විය.

මෙහිදී චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වමින් දරුවන්ගේ දක්ෂතා ඇගයීමට ලක් කළ අතර ඒ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයකම දරු දැරියන් සහභාගි විය. ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ගම්පහ ශාඛාවේ තරුණ අංශය විසින් මෙම අවස්ථාව සංවිධානය කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here