spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීපුර කතෘ ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයේ ගෞරවය !!

Must read

වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු මෙන්ම මිපුර වෙබ් අඩවියේ පුරෝගාමියා  වන ප්‍රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයේ ජනාධිපතිවරයා විසින් පිදෙන ගෞරව සම්මානය අද සවස නැගෙනහිර ටිමෝරයේ අගනුවර දිලී හිදී පැවති රාජ්‍ය උත්සවයේදී ලබාදෙන ලදී.
ප්‍රෙඩී ගමගේ මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ  ඉන්දුනීසියානු හමුදා පලානයෙන් බැට කෑ නැගෙනහිර ටිමෝරයට විමුක්තිය උදාකර ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලෙස ස්ථාපිත වීම පිනිස ලෝකය පුරා ගෙනගිය සහයෝගිතා අරගලයට ලබාදුන් සහයෝගය වෙනුවෙනි.

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මුලිකත්වයෙන් 1999 පැවැති ජනමතවිචාරනයකින් පසුව ටිමෝර ජනයා ඉන්දුනීසියාවේ ⁣පාලනය ප්‍රතික්ෂේප කරමින් නිදහස අවැසි බව ප්‍රකාශ කර තිබුණි ,පසුව පැවැති 2000-2002 සංක්‍රාන්ති පාලන කාලයකින් පසුව එක්සත් ජාතින් විසින් 2002දි සම්පුර්ණ ස්වාධින පාලනය නැගෙනහිර ටිමෝරය වෙත ලබාදෙන ලදි

. ‌ටිමෝරය නිදහස් කරගැනිම වෙනුවෙන් ක්‍රියාත්මක වු සහයෝගිතා කණ්ඩායම්  අාසියා පැසිපික් ටිමෝර් සහයෝගිතාවයේ (Asia Pacific solidarity  Coalition ⁣for East Timor (APCET)   ක්‍රියාකාරී කමිටු සාමාජිකයෙකු ලෙස ප්‍රෙඩී ගමගේ ක්‍රියාකාරී වූ අතර ටිමෝරයට සහය පළ කරමින් දියත්කළ විරෝධතා සංවිධානය කරමින්  ලංකාව තුළ ‘ තෙවන ලොව මිතුරෝ ‘ සංවිධානයේ කැදවුම්කැ ලෙස සහයෝගිතා වැඩ  ක්‍රියාත්මක කරන ලදි.

නැගෙනහිර ටිමෝරයට නිදහස ලබාගැනිම උදෙසා සිදුකළ දැවැන්ත ජාත්‍යන්තර සහයෝගිතා අරගලයේ කොටස්කරුවෙකු වීම හේතුවෙන් ඔහුට ඒරට ජනතාවගේ ගෞරවය සහ ප්‍රනාමය පුදකරමින් ප්‍රෙඩී ගමගේ ඇතුලු තවත් රටවල ක්‍රියාධරයන් කිහිපදෙනෙකු මෙම ගෞරව සම්මානය ජනාධිපති ජොසෙ රාමොස් හොර්තා විසින් පිළිගන්වනු ලැබිණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article