spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුඛ ආවරණ පිළිබදව තවත් එක් සත්‍ය කතාවක් !

Must read

mask-web-825x412අද උදෑසන ගම්පහ සිට කොළඹට දුම්රියෙන් ගමන් කලෙමි..

සෑම පෙට්ටියකම පාහේ මාස්ක් එකක් දමා ගමන් කලේ 1%කටත් වඩා ඉතාමත් අඩු ප්‍රමාණයකි..මාස්ක් නොදැමූ බොහෝ දෙනා මාස්ක් දැමූවන් දෙස බලන්නේ විශ්මයකිනි..

දුම්රියේ ගමන් කලවුන් අතර පරතරය මීටරයක් තියා සෙන්ටිමීටර් ගණනක්වත්වත් නැති තරම්ය..කෙසේවෙතත් එවැනි පරතරයක් තබා ගැනීම ලංකාවේ දුම්රියක නම් හීනයක් පමණි..

මින් පෙනී යන්නේ කොරෝනා රෝගය පිළිබඳව මෙරට බොහෝ දෙනාගේ දැණුම අල්ප බවය..මෙම රෝගයෙන් ආරක්ෂා වීමට මූලික උපදෙස්වත් පිළිනොගන්නා බවය..

මේ කරුණු සැලකිල්ලට බලා පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ අගනුවරට හෝ වෙනත් නගරයකට පැමිනෙන පොදු ප්‍රවාහනය භාවිතා කරන අයට මාස්ක් එකක් පැලදීමවත් අනිවාර්ය කරන ලෙසටය..

කොරෝනා රෝගය ව්‍යාප්තවීම වැලැක්වීම සදහා අප සියලුම දෙනාට වෙන් වෙන් වූ වගකීමක් ඇත..එය රජයකට හෝ සෞඛ්‍ය බළධාරීන්ට පමණක් සිදු කල හැකි දෙයක් නොවේ..

මේ කොරෝනා රෝගය ජය ගැනීමට මගේ රටට ශක්තිය ලැබේවා..මගේ රටේ අහිංසක මිනිසුන් ආරක්ෂා වේවා..!!

තරිඳු අමිල..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article