spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන වසාදමන ලෙස ඉල්ලා සිටියේ සාමය ආරක්ෂා කිරිමටයි ! මංජුල නිරෝෂන් පියතුමාගෙන් පැහැදිලි කිරිමක් !

Must read

මුස්ලිම් ව්‍යාපාරිකයෙකු බිත්තර කඩයක් වහන්න යැයි බලකරන කණ්ඩායමක්

බියටපත් මුස්ලිම් ව්‍යාපාරිකයා බිත්තර කඩය වසාදමයි

පසුගියදා  කටුවාපිටිය ප්‍රදේශයේදි ඇතිව තිබුණ නොසන්සුන්තාව පිටුපස කිසියම් සැගවුන දේශපාලන කල්ලියක උවමනාවක් තිබුනේද යන්න ගැන පුළුල් කථාබහක් මේ වන විටත් මතුව තිබේ.
එය වඩාත් දැන් ඉස්මතුව ඇත්තේ මේ නොසන්සුන්කාරි පරිසරය තුල සිටි අතිබහුතරයක් දෙනා කටුවාපිටිය ගමේ දන්නා කියන අය නොවන බව කටුවාපිටිය මීසම්වාසින් පවසා සිටිමත් සමගින්ය.
එබැවින් මේ තත්වය අවුල් කිරිම සදහා කිසියම් සංවිධානාත්මක පිරිසක් මෙයට සම්බන්ධවි දැයි සොයා බැලිමේ වගකිම දැන් පැවරි ඇත්තේ පොලිසියටය.
පිටස්තර අයවලුන් ද සිටින පසුබිමක ඒ ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ වැඩි ආරක්ෂාව සහ සාමය පතා එකි ස්ථාන වසා දමන්නට කටයුතු කළ බව මිපුර වෙබ් අඩවියට අදහස් දක්වමින්  කටුවාපිටිය පල්ලියේ මංජුල නිරෝෂන් පියතුමා කියා සිටියේය.
පියතුමන්ගේ මේ පැහැදිලි කිරිමත් සමගින් මතුවන කරුණු  කිපයක් වේ
එනම් කලබල කිරිම සදහා පිටස්තර පිරිසක් පැමිණ තිබුනේද යන සැකයයි.
මන්ද මිපුර අමතා අදහස් දැක්වු ඇතැම් මිසම්වාසින් මෙන්ම ගිහි නායකයන්ද කියන්නට උත්සාහ කළෙ තමන් දැක නැති පිරිස් ඒ නොසන්සුන් වතාවරණය තුල සිටි බවය.
අනික් කරුණ වන්නේ රටේ හදිසි නීතියක් ක්‍රියාත්මකව පොලිසියට මෙන්ම හමුදාවට පවා වැඩි බලතල පැවරි ඇති මොහොත අයුතු ජනරාශියට එරෙහිව ඒ අවස්ථාවේ නීතිය රකින බලධාරින්ගේ වගකීම කුමක් විය යුතුව තිබුනේද යන්නයි .
කෙසේ වෙතත් අදාල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානවලට සැලකිය යුතු පිරිසක් යමින් ඒ ව්‍යාපාරික ස්ථාන වසා දමන ලෙස පවසා තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වු මුස්ලිම් ව්‍යාපාරිකයෝ  ඒ මාවතේ වු ස්ථාන 6 කට ආසන්න ගණනක් වසා දමා තිබුණි.
සැලකිල්ලට ගතයුතු අනෙක් කරුණ නම් පවතින නොසන්සුන් වතාවරණය සමනය කිරිම සදහා කාර්දිනල් හිමියන්ට තකහනියක්ම කොළඹ සිටම පැමිණිමට සිදුවුයේ මන්ද යන කරුණයි.
කෙසේ වෙතත් කාර්දිනල් හිමියන්ගේ පැමිණිම මෙහිදි වඩාත් වැදගත් විය .
එහෙත් රටක සාමය හා ක්‍රමවත් භාවය ස්ථාපිත කිරිම ආගමික නායකත්වයේ නොව ඒ සදහා රාජ්‍යය විසින් පත්කොට ඇති ආයතනවල වගකීමකි.
ඒ අනුව ඒ වගකිම අදාල බලධාරින් විසින් ක්‍රියාවට නැගිය යුතුව තිබේ.
කාර්දිනල් හිමියන් රටේ නොසිටියේ නම් සිදුවනු ඇත්තේ කුමක්දැයි අප අමතා අදහස් දැක්වු ඇතැම් බුද්ධිමතුන්ගේ මතය විය.
.පුද්ගල චරිත මත නොව සිස්ටම් එක විසින් අපරාධ මැඩලිම කලබල පාලනය කිරිම කළ යුතුව තිබේ.
මේවා ගැන පුළුල් සංවාදයක් බුද්ධිමත් පුරවැසියන් අතර මතුවිය යුතුව තිබේ.අප ස්ථාපත කළයුතුව ඇත්තේ මේ රටේ කල්පවතින සාමයක් සදහා වන දියුණ මැදිහත්විම්ය. දියණු ප්‍රතිසංස්කරණයන්ය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article