spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව වෙරළටත් food festival එකක්!

Must read

Screenshot_20190807_164133ශ්‍රිලකාව සංචාරක ක්ෂේත්‍රය තුල පිමි පණිමින් ඉදිරියට එමින් තිබියදි ජනපති සිරිසේන සහ හිටපු මහින්ද රාජපක්ෂ විසින් දියත් කරන්නට යෙදුණු කුමන්ත්‍රණය හේතුවෙන් බරපතල පසුබෑමකට ලක්විය.
ඉන් අනතුරුව යළිත් ඉහල වර්ධනයක් ලබා තිබියදි මුස්ලිම් අන්තවාදින් විසින් එල්ල කරන්නට යෙදුන පාස්කු ඉරුදින ප්‍රහාරය හේතුවෙන් යළි බරපතල කඩාවැටිමකට ලක්විය.
විශේෂයෙන්ම මිගමුව යනු ලංකාවට පැමිණෙන බොහොමයක් සංවාරකයන්ගේ පළමුවම පැමිණෙන නගරය ලෙසත් එමෙන්ම රටින් පිටව යාමේදි පැමිණෙන නගරය ලෙසත් ප්‍රධාන තැනක් ගෙන තිබෙන්නකි.
මතුව ඇති අර්බුදය තුල එය පරයා යමින් මිගමුවට සංවාරක ආකර්ශණය තවත් වැඩියෙන් දිනා ගැනිම සදහා මීගමුව සංචාරක සංගමය දැවැන්ත කාර්යයකට උර දි තිබේ.
ඒ මිගමුව තුල ඉතිහාසයේ පළමු වරට ආහාර සැණකෙලියක් සංවිධානය කරමිනි.
මීගමුවේ ප්‍රධාන පෙළේ හෝටල් ගණනාවක්ම මෙයට දැනටමත් සම්මාදම් වි තිබේ.
මීගමුව වෙරළේ පැවැත්වෙන මේ සැණකෙලිය අගෝස්තු මස 10 වෙනිදා සහ 11 වෙනිදා අතර කාලය තුල  සවස 6 සිට රාත්‍රි 10 දක්වා පැවැත්වේ.හෙට ගැලපෙන සංචාරක පුරවරයක් බවට මීගමුව පත්කිරිමට මේ ගන්නා උත්සාහය ඉතාමත් වැදගත් ආරම්භයක් බව අප මෙහිලා සටහන් තබනු කැමැත්තෙමු

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article