spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෛත්‍රී, එස්.බී, සුසිල් කැබිනට්ටුවෙන් කැපේ – විජේදාස රාජ්‍ය ඇමතිකම එපා කියයි

Must read

linkedin sharing buttonwhatsapp sharing buttonwechat sharing buttonpinterest sharing button
නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්න ද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට හෝ හිටපු අමාත්‍යවරුන් වන සුසිල්

ප්‍රේම්ජයන්ත, විජේදාස රාජපක්ෂ, එස්.බී. දිසානායකට නව රජයේ කිසිදු ඇමති ධුරයක් හිමි නොවීම විශේෂ කාරණයකි.

ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන එස්.බී. දිසානායක නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීයා ලෙස පත්කර ඇති ජනාධිපතිවරයා මාතරින් මෙවර පාර්ලිමේන්තුව පත්වූ සිය බාල නැගෙනියගේ පුත් නිපුන රණවක මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරීයා ලෙස පත්කර ඇත.

ජනාධිපති කාර්යාලයෙන් ලැබුන ආරාධනයක් මත හිටපු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ අද උදැසන මහනුවර ගොස් ඇතත්, තමාට ලැබී ඇත්තේ කිසිඳු රාජ්‍ය ආයතනයක් නොමැති නාමමාත්‍රීක  රාජ්‍ය අමාත්‍ය ධුරයක් බව වාර්තා වීමත් සමග එය බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාථ්‍ය ධූරය ඒ මහතාට පිරිනැමීමට කටයුතු යොදා තිබී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහවැලි හා පරිසර අමාත්‍ය ධුරය අපේක්ෂාවෙන් සිටිය ද මේ අවස්ථාවේ එම අමාත්‍ය ධුරය ලබාදිය නොහැකි බව අගමැතිවරයා විසින් ඊයේ ඔහුට දැනුම් දී තිබිණ.

පසුගිය මහ මැතිවරණයේදී ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්ව, මනාප ඡන්ද 1,11,137 ක් ලබා ගනිමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු වැන්නා ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.
theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article