spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මෝර වරල් ලඟ තබා ගත්තැයි රු. 15000/ ක් දඩකයි.෴

Must read

මෝර වරල්

ජාඇල , දික්ඕවිට ධීවර වරාය අසලදී පොල්කොල මෝරු නමින් හඳුන්වනු ලබන මෝර වර්ගයේ මතස්‍යයින්ගේ වරල් ලඟ තබාගත් අයෙකු අත්අඩංගුවට ගෙන අැත . ඉතා දුර්ලභ මතස්‍ය වර්ගයක් වන මෙම මෝර වර්ගය ඇල්ලීම තහනම්ය.
ධීවර හා ජලජ සම්පත් පනතේ නියෝගයන්ට අනුව මෙය නීති විරෝධී කටයුත්තක් බව ප්‍රාදේශීය ධීවර අධ්‍යක්ෂක මාරසිංහ මහතා අප සමඟ පැවසීය .
මේ අනුව අත්අඩංගුවට ගත් මෙම සැකකරු දෙසැම්බර් 13 වන දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත .මෙහිදී අධිකරණය විසින් රු. 15000/ ක දඩයක් නියම කරන අතර නඩු භාණ්ඩ අධිකරණය බාරේ තබා ගනිමින් ඒවා විනාශ කිරීමට යොමු කරන ලදී .
මෙකී මෝර වර්ගය ඉතා දුර්ලභ මතස්‍ය වර්ගයකි.
එසේ දුර්ලභ වන්නේ පැටව් බෝවීම අඩු නිසා බව මාරසිංහ මහතා පවසයි .
මෙම මෙහෙයුම සඳහා දිස්ත්‍රික් ධීවර කාර්‍යාලයේ නිලධාරීන් සහ දික්ඕවිට වෙරල ආරක්ෂක බලකායේ නිලධාරීන්ගේ මැදිහත් වීමෙනි.

පසුගිය කාලය තුල ලංකාවේ විවිධ පළාත් වලින් මෙසේ දුර්ලබ ගණයේ මෝර විශේෂයන්ගේ වරල් විකිණිමට සුදානම් කර තිබියදි අත්අඩංගුවට පත්ව ඇත.

මෙම මෝර වරල් ලබා ගැනීමට විශාල ලෙස මෝරුන් ඇල්ලීම හේතුවෙන් මෝර විශේෂ වඳ වී යෑමේ තර්ජනයකට ලක් වි ඇති අතර, මෝර වරල් ලබා ගැනීම සඳහා ලෝකය පුරා මෝරුන් විශාල ප්‍රමාණයක් මරා දමනු ලබයි.
එමෙන්ම මෝර සුප් සඳහා මෝර වරල් හා සම්බන්ධව පවතින මාංශ පේශියේ කාටිලේජීය කොටස යොදා ගන්නා බැවින් අල්ලාගන්නා මෝරුන් ප්‍රධාන වරල් කපා සාගරයේදීම ඉවත් කර ගැනීමට ධීවරයන් කටයුතු කරන අතර, වරල් ඉවත් කර ගත් පසු මෝරුන් නැවතත් මුහුදට මුදාහරින අවස්ථා ද ඇත.
අතවද, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් වඳවි යන මෝර විශේෂයන් ලෙස සැලකෙන මිනිමුතු මෝරා, පොල්කොල මෝරා සහ කස මෝරා යන මෝර විශේෂයන් ඇල්ලීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.
ඡායා- අන්තර් ජාලයෙනි ( වන්නි රොමේස් )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article