spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යාපනේ මාදං මීගමුවට ආපු හැටි !

Must read

IMG_4012

මේ දිනවල බොහෝ තැන්වල පාර අයිනේ ඉටිරෙද්දක් දමා සකසා ගත් මේස කෑල්ලක නිල් පැහැයෙන් යුතු ගෙඩි වගයක් වෙළඳාම් කරන වෙළඳුන් දැකිය හැක. මේ අය අතර තරුණ පිරිස්ද ඇත. මේ ගෙඩි කෑ විගස කට දම්පැහැයට හැරෙයි. පැණි රස සමඟින් කහට රසයක්ද ඇති මේවා හඳුන්වන්නේ මාදං යනුවෙනි. අක්කර 50 ප්‍රදේශයේ එක් ස්ථානයක මෙසේ මාදං වෙළඳාමේ යෙදෙන තරුණයෙකු සමඟ තොරතුරු බිඳක් දැනගැනීමේ වුවමනාව මත මගේ යතුරු පැදිය එම ස්ථානයේ මඳක් නතර කළෙමි. මෙකී තරුණයාගේ නම අශේන්ය.

.මේ මාදං වෙළඳාම විවිධ තැන්වල මේ ආකාරයෙන්ම ඉදිරිපිට දැන්වීම් පුවරුවක් තබාගෙන විකුණන අයුරු දකින්න තිබෙනවා. කොහෙන්ද මේවා ගේන්නෙ? මේ ගැන විස්තර ටිකක් කියන්න පුළුවන්ද?

“අපිනම් මේව ගේන්නෙ කොළඹින්. මේව යාපනේ කැලෑවල හැදෙන මාදං කියලයි කියන්නෙ.දවසකට කිලෝ 10ක් 15ක් වගේ ප්‍රමාණයක් විකිණෙනව. ග්‍රෑම් 250 ක ප්‍රමාණයක් රු. 250/කටත්, 500ක් රු. 400/කටත්, කිලෝ 1ක් රු 700/ක් 800/ක් වගේ මුදුලකටත් විකුණනවා. මම වෙනත් රැකියාවක් ( A C අංශයේ) කරන අතර තමයි මේ පළතුරු වෙළඳාම කරන්නෙ. අපි ඉතින් සෙනසුරාදා සහ ඉරිදා යන දවස්වල මේ රස්සාව කරනවා. නමුත් එක තැනක නෙවෙයි.

දියවැඩියාව සහ වෙනත් රෝග සඳහා මෙකී පළතුර ගුණදායක බව සමහරු පවසති. ඒ නිසාමදෝ මේ මාදං මිලදී ගැනීමට මිනිස්සු වැඩි උනන්දුවක් දක්වන බව දක්නට තිබින.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article