spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“යුක්ති සහගත සාමය උදෙසා තරුන ක්‍රියාකාරීත්වය” ජාතික වැඩමුළුව නයිනමඩමේදී.

Must read

dav

යුක්ති සහගත සාමය ඇතිකිරීම සඳහා තරුණ ක්‍රියාදරයින් පුහුණු කිරීම උදෙසා පමුණුගම තරුණ ක්‍රිස්තියානි සංගමය විසින් සංවිධානය කරනු ලබන ජාතික වැඩමුළුවක් මේ වන විට නයිනමඩම චිංතන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ. වැඩමුළුව 2017 අප්‍රියල් 21 සිකුරාදා දින ආරම්භ වූ අතර අප්‍රියල් 23 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මෙම වැඩසටහන සඳහා මඩකලපුව, කල්ලාර්, යාපනය, කුරුණෑගල සහ පමුණුගම ප්‍රදේශ නියෝජනය කරමින් තරුණ තරුණියන් 23 දෙනෙකු සහභාගී වේ. මෙම වැඩසටහන අතර තුර දී තරුණ තරුණියන් නියෝජනය කරන ප්‍රදේශ වල පවතින විවිධ ප්‍රදේශීය ගැටළු පිළිබඳව ජාතික මට්ටමේ සංවාදයක යෙදෙන අතර එම ගැටළු සඳහා එක්ව විසඳුම් සෙවීමට උත්සාහ දරමින් සිටී.unnamed (8)unnamed (9)

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article