යුද්ධයේදි මිය ගිය අය කොළඹදීත් සැමරේ …

0
299

2009 යුද්ධයේ අවසන් අදියරේදී මියගිය, තුවාල ලැබූ සහ අතුරුදහන් වූ පුද්ගලයින් සැමරීම සඳහා අද කොළඹ පැවති උත්සවයේ ඡායාරූප කිහිපයක් මෙහි ඇතුලත්ය.

කිහිප දෙනෙකු බාධා කිරීමට උත්සාහ කළද, බොහෝ දෙනෙක් අනුස්මරණය කිරීමට සහ සහයෝගීතාවයෙන් එක්රැස් වූ බව සිවිල් සමාජ ක්‍රියාකාරිණියක වු භවානි පොන්සේකා සිය ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබුණි.
මේ අතර මෙම සැමරුම ආචාර ධර්ම නැති ඇතැම් යුටියුබ්කකරුවන්ව හිට් වැඩි කර ගැනිමම අරමුණු කොට ගෙන ශිර්ෂ පාඨය  යොදා තිබුනේ කොටි සැමරුමක් ! වැලවත්තේ උණුසුම් යැයි කියාය.
සැබැවින්ම සයිබර් මාධ්‍ය කලාව ශත පහට දමා ඩොලර් හොයන ඇතැමුන් ගැන අපට නම් ඇත්තේ පිළිකුලකි

යුද්ධයේදි මිය ආදරණිය සැමරිම උතුරු නැගෙනහිරදි ආරම්භ වන්නේ මැයි 12 වනදාය. සතියක් පුරා මේ සැමරුම් ක්‍රියාත්මක අතර ප්‍රධාන සැමරුම අද දවස පුරා මුල්ලිවයිකාල්හිදි පැවැත්වේ.

මේ අතර මෙම සැමරුමට බාධාකරමින් ගැටුමක් ඇතිකිරිමට සුදානම් ව  පැමිණියා යැයි සැක කල හැකි ඉතා සුළු පිරිසකට එ සදහා  කිසිදු අවස්ථාවක් ලබා දිමට නොදිමට පොලිසිය දැඩි අවධානයකින් කටයුතු කරමින් සිටි බවද නිරික්ෂණය විය

.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here