spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

යුධ හමුදාපතිට එරෙහි ඇමරිකානු තිරණය විසා අයදුම් පත්‍රයක් පිළිබද ප්‍රශ්ණයක්ද ?

Must read

yq-ssilva2-19082022ඇමෙරිකා එක්සත් ජනපදය අද ශ්‍රී ලංකාවේ යුද හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වාට එරෙහිව සම්බාධක ප්‍රකාශයට පත් කරන ලදි. ‌ශ්‍රී ලංකාවේ යුද නිලධාරියකු සම්බන්ධයෙන් කවර රටක් ‌‌හෝ  විසින් පනවන ලද ප්‍රථම සම්බාධාකය මෙය වේ. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පේ විසින් නිකුත් කරන ලද පුවත් පත් ප්‍රකාශණය කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින් ලේඛනගත කර ඇති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇති දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනා බරපතල හා විශ්වසනීය බවයි. එබැවින් ඔහුට සහ ඔහුගේ පවුලේ අයවලුන්ට එරටට ඇතුළු වීම අද සිට තහනම් වේ. මේ අනුව ඉදිරියෙහි දී තවත් බටහිර රටවල් විසින් මෙවැනි සම්බාධක පැනවීමට ඉඩ ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.
මේ අතර ඇමරිකාවේ මේ තිරණය ගැන විදේශ කටයුතු අමාත්‍යංශය සිය විරෝධය පළකරමින් ඒ ගැන නැවත සලකා බලන ලෙසත් එවැනි තිරණයකට පැමිණ ඇත්තේ ස්වාධිනව තහවුරුකරගත් සාක්ෂි මත පදනම්දැයි ප්‍රශ්ණ කොට තිබේ.
එමෙන්ම යුධහමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියා තිබුනේ තමන් ඇමරිකාවට යාමට ඉල්ලා නැති බවත් යන්නේ නැති බවත්ය.
මේ ප්‍රකාශය ගැන සලකා බලද්දි ඇත්තටම මෙහි ඇත්තේ විසා අයදුම් පතක් පිළිබද ප්‍රශ්ණයක් නොවන බව තේරුම් ගත යුතුය. පසුගිය දිනක ජනපති ගෝඨාභය රාජපක්ෂ පවා කියා සිටියේ යුධ සමයේ අතුරුදන් වුවන් ජිවතුන් අතර නැති බවය.
ඒ ප්‍රකාශය සමබන්ධයෙන් සුමන්තරින්ද ඇතුළු දමිළ දේශපාකයන් විමසා තිබුනේ එසේ නම් යුද්ධයේ අවසන් අදිරයේදි හමුදාවට භාර වු 3000 කට ආසන්න පිරිසකට සිදුවුයේ කුමක්දැයි ජනපති ගෝඨාබහ රාජපක්ෂ ප්‍රකාශ කළ යුතු බවය.
මෙසේ හමුදාවට බාරවුන අය කතෝලික පියතුමෙකුද විය.

තවත් සතියකින් ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 43 සැසි වාරයේදීද මෙම කරුණ කෙරෙහි ප්‍රධාන අවධානයක් යොමු වෙතැයි දේශපාලන විචාරකයේ පවසති.
ජිනිවා මාර්තු සැසිය පෙබරවාරි 24 වෙනිදා ආරම්භ වන අතර එය මාර්තු 20 වෙනිදා දක්වා පැවැත්වේ .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article