spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ටැංකි සැකසීම සහ ස්වභාවික පරිසරයක් ඇති කිරීම

Must read

 45410541_399207720908102_6882608860465463296_n

අද අපි කතා කරන්න යන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් එනම් ටැංකි සැකසීම හා ස්වභාවික පරිසරයක් ඇති කිරීම

මසුන් ඇති කිරීමේදී අප මූලික ව අවබෝධ කරගත යුතු කරුණකි ටැංකි සැකසීම එයට ප්‍රධානම හේතුව නම් අප ස්වභාවික පරිසරයෙන් ඉවත් කර ගන්නා මසුන් අපේ සුරතලය සහ විනෝදය සඳහා ඇති කිරීමේදී ද ඔවුන් ජීවත් වූ ස්වාභාවික පරිසරයට ආසන්නතම ස්ථානයක් සූදානම් කර දීමයි
අපේ යුතුකම වන්නේ එමෙන්ම මසුන්ගේ ස්වාභාවික හැසිරීම යහපත් පැවැත්ම සහ වර්ධනය අභිජනනය වැනි සෑම කටයුත්තක් සඳහාම ස්වාභාවික පරිසරයට ආසන්න පරිසරයක් සැකසීම අත්‍යවශ්‍යය.
ටැංකි සැකසීම කොටස් දෙකක් වශයෙන් දැක්වෙන්නේ ුරතලයට මසුන් ඇති කරන අයගෙ සහ ව්‍යාපාරික වශයෙන් මසුන් ඇති කරන අය අනුගමනය කළ යුතු විවිධ කරුණු විවිධත්වයක් ගන්නා බැවිනි

අංක 1 සුරතලයට නිවාසයක මසුන් ඇතිකරන්නන් ටැංකි සැකසිය යුතු ආකාරය

සුරතලයට නිවාසයක මසුන් ඇති කරන්න මුලින්ම නිවසේ අනෙකුත් සාමාජිකයන් සමඟ සාකච්ඡා කර තීරණයකට පැමිණිය යුතුයි.
වැඩිදෙනෙකු. ප්‍රියකරන මසුන් ඇතිකිරීම මගින් සැමගේ අවධානයට ටැංකිය part වීම නිසා මසුන්ගේ පැවැත්ම නිවසේ අයගේ අමන්දානන්දයට ටැංකිය භාජනය වීම බෙහෙවින් වැදගත්ය එවිට නිවසේ සැමගේ නිරීක්ෂණයට ටැංකිය නිතර පත්වීම නිසා ආහාර සැපයීමත් ටැංකිය පිරිසිදු කිරීම සහ රෝගාබාධ වැළඳී ඇත්නම් වහාම හඳුනාගැනීමට හැකි වීමත් සිදුවේ . එම නිසා නිවසේ මත්ස්‍ය ටැංකියක් ස්ථානගත කිරීමට පෙර පවුලේ අනෙකුත් සාමාජිකයන් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් වේ පසු ඇති කිරීමට තීරණය කරන මත්ස්‍ය වර්ගය අනුව මසුන් ගණන අනුව තැබිය හැකි ඉඩ ප්‍රමාණය අනුව සහ ඔබට ඒ සඳහා වැය කළ හැකි මුදල් ප්‍රමාණය යන කරුණු සැලකිල්ලට ලක්කර ටැංකියේ ප්‍රමාණය තීරණය කළ යුතුයි.
ටැංකියේ ප්‍රමාණය තීරණය කළ පසු ටැංකිය ප්‍රමාණයට අනුව එහි ඝණකම කොතෙක් විය යුතුද දැනගෙන සාධාරණ මිලකට ටැංකි නිර්මාණය කරගැනීමට හෝ කරවා ගැනීමට සිදුවේ ටැංකියක් නිවසේ ස්ථානගත කිරීමේදී සැලකිය යුතු තවත් ප්‍රධාන කරුණක් වන්නේ එය උදෑසන හිරු එළිය පැය දෙකක් තුනක් පවතින ස්ථානයක ස්ථානගත කිරීමට වඩාත් සුදුසු බවය .
වැඩි කාලයක් දැඩි හිරු එළිය පවතින ස්ථානයක ඇඟේ ස්ථානගත කළ හොත් නිතර නිතර ටැංකියේ ජලය කොළ පැහැති වීමත් වීදුරුවල දියසෙවල බැඳීම සිදු වනු ඇත එවිට ටැංකිය අලංකාර භාවය නැති වී යයි එම නිසා ඉහත සඳහන් කළ ආකාරයට අඩු හිරු එළිය සහිත ස්ථානයක එය ස්ථානගත කරන්න මසුන් රැගෙන ඒමට දින කිහිපයකට පෙර ටැංකිය සැකසිය යුතුයි

කියා සකස් කර මසුන් රැගෙන ඒමෙන් පසු ඒ සඳහා සුදුසු ස්ථානයක් හෝ උපකරණයක් ඇත්නම් rigifoam sheet එකක් එය මත අතුරා ටැංකිය තැබීම වඩාත් සුදුසුයි ටැංකිය සඳහා පෙරණයක් ක් සවි කිරීම අත්‍යවශ්‍යය එවිට ටැංකියේ ජලය වැඩි කාලයක් හුවමාරු නොකර තබා ගත හැකි වේ සාමාන්‍ය graval ෆිල්ටරයක් සවි කළහොත් ජලය හුවමාරු නොකර සති දෙකත් හතරත් අතර කාලයක් තබාගත හැකි වෙයි biofilters සවි කළහොත් මාස හයක් පමණ කාලයක් ජලය හුවමාරු නොකර තැබිය හැකි වේ gavel ෆිල්ටරයක් සවි කරන්නේ නම් එය ටැංකි පතුලේ අතුරා ඒ මත කුඩා ගල් කැබලි අඟල් දෙක තරම් ඝණකම ඇති විය යුතුයි ඉන්පසු ජලජ ශාක ශාක සිටුවා ට ස්වභාවික පරිසරයක් වන ආකාරයට අලංකාරවත් කළ යුතුයි
එවිට මසුන්ට මෙන්ම අපටද ඒ දෙස බැලීම ප්‍රිය උපදවන දර්ශනයක් වෙනවා මෙන්ම ශාක සිටුවීම නිසා ටැංකියේ ස්වාභාවික ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලිය වීම නිසා මසුන්ගෙ බහිස්‍රාවිය ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් ශාක වර්ධනය සිදුවන අතරම ටැංකියේ ජලය ප්‍රමාණය වැඩි වීම සිදු වේ……..

ස්තුතියි
සුරතල්-මසුන්-ඇතිකිරීම-හා-දැනුම-150893279072882/
ඡායාරූප සියල්ල අන්තර්ජාලය මගිනි…

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article