spot_img
spot_img
Thursday, May 9, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ මාළු මිළ ඉහලට ! හුරුල්ලා කිලෝවක් රු 500 ඉක්මවයි !

Must read

ලෙල්ලම 1මේ දිනවල ඉහල යමින් ඇති එළවළු මිළ ගැන පමණක් නොව මාළු මිළ ගැනද කථාකරන්නට සිදුව තිබේ. එයට හේතුව වි ඇත්තේ මිගමුවට පිටපළාත්වලින් පැමිණෙන මාළු තොග දිගින් දිගටම පහල මට්ටමක පැවතිමය.
මේ හේතුවෙන් මංකුලිය ලෙල්ලමේ මාළු මිල දිගටම ඉහල යමින් තිබේ.වෙන කිසිදාක සිදුව නොවු අයුරින් හුරුල්ලා කිලෝවක මිළ රු 500 ද ඉක්මවා තිබුණි.එපමණක් නොව සාලයා කිලෝවක මිළ පවා රු 280 කට එහාය.එපමණක් නොව ලින්නා කිලෝවක මිළ ඊයේ දිනයේ තිරණය වි තිබුනේ රු 420ක් ලෙසිනි.
ලොකු ඉස්සන් වෙනදා රු 1000 ත් 1050 අතර මිළක තිබුණද එයද දැන් රු 1200 කි.බලයා රු 400 කි. පොඩි කෙලවල්ලා රු 650 කි.සුඩයා කිලෝවක මිළ පවා රු180 කි.
මේ පිළිබදව මිපුරට අදහස් දැක්වු ව්‍යාපාරිකයෙකු කියා සිටියේ මේ තත්වය මාර්තු මාසය දක්වා පැවැතිය හැකි බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article