spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රටතුල ටයර් හිඟයක් ?

Must read

Tayer-825x412රජය විසින් බලාත්මක කර ඇති ටයර් ආනයනය සීමා කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ටයර් වෙළෙඳුන් හා ගැනුම්කරුවන් දැඩි අසීරුතාවට පත්ව ඇතැයි ද තවත් දින 30ක් ඇතුළත ‍වෙළඳපොළේ දැඩි ටයර් හිඟයක් උද්ගත වනු ඇතැයිද ආසියා ටයර් ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි. මේ පිළිබඳව අවධානය යොමු කරමින් කර්මාන්තය ආරක්ෂා කිරීමට මැදිහත්ව ආනයන සීමා ලිහිල් කරන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටින බව අරුණ වෙබ් අඩවිය විසින් වාර්ථා කොට ඇත

ටයර් ඇතුළු නිෂ්පාදන භාණ්ඩ 156ක් අත්‍යවශ්‍ය නොවන ආනයන භාණ්ඩ ලෙස රජය විසින් වර්ගීකරණය කර ඇති අතර විදේශ විනිමය රටින් පිටට ගලා යෑම වැළැක්වීම වෙනුවෙන් පසුගිය අප්‍රේල් මාසයේදී එම භාණ්ඩ මෙරටට ආනයනය තහනම් කළේය. අනතුරුව පසුගිය ජූලි මාසයේදී එම වාරණය සීමා යම් තරමකින් ලිහිල් කළ නමුත් අත්‍යවශ්‍ය ටයර් ප්‍රමාණ කිහිපයකටම තවමත් ආනයන සීමා පවතින බව ආනයනකරුවෝ පවසන බව වැඩිදුරටත් එම පුවතේ සදහන්ය

ශ්‍රී ලංකාවේ ටයර් ඉල්ලුමෙන් 50%ක් පමණ දේශීය නිෂ්පාදකයන් නිපදවන නමුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සහ පොදු ප්‍රවාහන සේවා සඳහා උපයෝගී කරගන්නා වාහන සඳහා අවශ්‍ය ටයර් වර්ග තවමත් ආනයනය කෙරෙන බව අානයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් පවසයි.
aruna.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article