spot_img
spot_img
Wednesday, May 1, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

රට යුද්ධයකට තල්ලු කළ වම දැන් තරඟෙට උතුරු නැගෙනහිර මර්ධනය ගැන කතා කරති.

Must read

රාජපක්ෂ රෙජිමය යුද්දයකට තල්ලුකරමින් බරඅවිය ප්‍රහාර වෙනුවෙන් නෙළුම් මල් පුජාවලින් ජයපැන් ඉසූ රිනියා වම දැන් තරඟෙට මෙන් උතුරේ සහ නැගෙනහිර මර්ධනය ගැන කතා කරන්නට පටන් ගෙනය

උතුරට ගිය අනුරලා මර්ධනය ගැන කියති.ගැටලුව වන්නේ ජාතික ජනබලවේගයේ අතිබහුතරයකට උතුරු නැගෙනහිර මර්ධනය ගැන ඇත්තටම පසුගිය කාලය තුල හැඟිමක් තිබුනේද යන්නයි.

ලංකාවේ රැඩිකල් යැයි කියන වම විසින් මෙහෙයවන ශිෂ්‍ය ව්‍යාපාරය දේශපාලන සිරකරුවන් ගැන කතා කරන්නට පටන්ගත්තේ ඔවුන් ගේ නායකයන් ත්‍රස්ත පණත යටතේ අත්අඩංගුවට ගත් පසුවය.

එතෙක් මික් කියන්නට බැරිවුන පෙරටුගාමින් මෙන්ම ඔවුන් ශිෂ්‍ය බලය ඇනිය පමණක් නොව ජාතික ජනබලවේගය දැන් උතුරට ගොස් දක්ෂිණාංශික දේශපාලකයන් මෙන්ම කඳුළු විකුණන්නට පටන් ගෙන තිබේ.අනුරලා උතුරට ගොස් මර්දනය ගැන කථා කරන නිසා දැන් පෙරටුගාමින්ගේ උද්ගෝෂණවලටද උතුරු නැගෙනහිර මර්ධනය ගැන සටන් පාඨ ඇතුල් වි තිබේ

මොරටු සරසවියේ දමිල සිසුවෙකු වු අරුරන් දශකයකටත් වඩා වැඩි කාලයක් දේශපාලන සිරකරුවකු ලෙසින් සිටියදි ඒගැන මික් කිවේ නැත.දමිල විශ්වවිද්‍යාල සිසුන් ගැන අන්තරේට ඇලජික්ද?

වරක් අන්තරේ මඩකලපුවට ගොස් සිංහල ශිෂ්‍ය නායකයන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින් විරෝධතා පැවැත්වුහ.එහෙත් එකදු දමිල දේශපාලන සිරකරුවෙකු ගැන ඒ සටන්පාඨ අතරේ නොවුනි

අනුරකුමාර නිතර කියන්නා සේ ඒ භාෂවෙන් මේ සැමට අපටද කියන්නට ඇත්තේද “ලැජ්ජයි ” කියාය.

දෙමළ ජනතාව මර්ධනයයට එ⁣රෙහිව අරගල කරද්දි,හර්තාල් පවත්වද්දි ඒවාට සහය දෙනවා තබා මේ රිනියා වාමාංශිකන් විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි වල පවා ඒවාට දි තිබුන තැන ගැන ඒ අය හොදින්ම දනි.

.ඉතින් දැන් උතුරේ නැගෙනහිර දෙමළ ජනයාගේ අයිතිවාසිකම් ගැන කථා කරන්නට පටන් ගෙන ඇත්තේ ඡන්දයක් කටේ තබාගෙන නිසා බව දේශාපලනිකව තේරුම් ගන්නට බැරි දේශපාලන බබාලා ඒ පළාත් වල නැත.

දේශපාලනයේදි ප්‍රතිපත්තිමුලික කරගත යුතු ප්‍රධාන කරුණු කිසිලෙසකින්වත් උපයෝගිතාවාදි ලෙසින් මගහැර යන්නේ නම් එය තක්කඩි කමක් මිසක් අන්කිසිවක් නොවේ මේ දිනවල මාධ්‍ය සංදර්ශන ලෙසින් එලියට පැමිණෙමින් ඇත්තේ මේ තක්කඩි කමය

යුධ සමයේ ඉතාමත් ශ්‍රිලංකා හමුදාවන් වල හැසිරිම ගැන ජගත් මානව හිමිකම් සංවිධාන තවදුරටත් අවධානයෙන් සිටි.

දෙමල ජනතාව ඉදිරියට ගොස් ජාතික ජනබලවේගයට හමුදා ම්ලේච්ඡත්වය ගැන අද කතා කල හැකිද?නැත .ඒ මන්දයත් විශ්‍රාමික හමුදා නිලධාරින් රැසක් දැන් ජාතික ජන බලවේගය තුලට ගොනුවෙමින් සිටින නිසාය.

….
citizenpostlk.com

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article