spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

පොලිසිය ඉවත් කළ SPA පුවරු ගහන්න මිගමුවේ අවසර දුන්නේ කව්ද ?

Must read

මීගමුව පොලිසිය ක්‍රියාත්මක කළ ස්පා ඉවත් කිරිමේ මෙහෙයුමේදි තොරන් මෙන් විදුලි බුබුළු සහිත  ස්පා පවත්වාගෙන යන ස්ථානවල  නාමපුවරු පහුගිය දිනවල  මිගමු පොලිසියේ ගොඩගසා තිබුනු අයුරු අප දුටිමු.

මාධ්‍ය විසින්ද මේවා ඒ දිනවල වඩාත් උලුප්පා දක්වමින් පෙන්වමින් තිබුණි.

දැන් ගැටලුව වන්නේ මේ නිති විරෝධි , කිසිදු නියාමනයකට යටත් නැති ව්‍යාපාරයක් ලෙසින් වත් මිගමුව මහනගර සභාවේ ලියා පදිංචි නැතැයි කොමාරිස්වරයා විසින් ම කියා සිටින තැන්වල නාම පුවරු එල්ලිමට අවසර දි තිබුනේ කව්ද යන්නයි

නගරයේ බැනරයක් එල්ලිමට පවා මිගමුව මහනගර  සභාවෙන් අවසර ගත යුතුව තිබේ.ඒවාට අදාල ගෙවිම්ද කළ යුතුව තිබේ. ස්පා අසල තොරන් මෙන් පාට පාට විදුලි බුබුලු  වලින්ද සරසා ඇති මේ පුවරු වලට අවසර දි ඇත්තේද නගර සභාව විසින්මය.එසේ නොවුන නම් ස්පා කරන ව්‍යාපාරිකයන් විසින් හිතුවක්කාර ලෙසින් ඒවා එල්ලාගෙන සිටියා විය යුතුය

ඉන් කියැවෙන්නේ කුමක්ද ? ඒවාට අවසර දෙන්නට යැයි අණ දිමට කව්රුන් හෝ සිටින නිසා නොවේද ? .මසාජ් පාලර් ඉතිහාසයේ පියවරුන් සිටින නගරයක ඔයිට වඩා දේවල් සිදුවෙමින් තිබෙන බව කිසිවෙකුටත් රහසක් නොවේ .
පොලිසිය සිටගත යුතුව ඇත්තේ මේ සකලාකාර අනීතික  මජර වැඩවලට එරෙහිවය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article