spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දේදුණු නගරයක පොලිසියේ වගකිම ?

Must read

මිගමුව කියන්නේ දේදුණු නගරයක්,එකේ වැදගත්ම ගැන ලගදි තිබුන ඉෆ්තාර් උත්සවයකදි මිගමුව භාර පොලිස් අධිකාරි එරික් පෙරේරාත් හොදටම තේරුම් අරගෙන කතා කරල තිබුන.නීතිය හා සාමය රකින්න තියෙන ආයතන එක ආගමකට ජාතියකට පක්ෂපාති නොවි කටයුතු කලොත් තමයි කල්පවතින සාමයක් ස්ථාපිත වෙන්නේ.

නමුත් ආවාසනාව තමයි රටේ නිතිය හා සාමය රකින්න පොලිසියට මේ ගැන නිසි අවබෝධයක් නොතිබිම.ඒ හින්දම එයාල මහජාතිය කියල හිතාගෙන මහජාතියේ පාට් දානව අනෙක් ජාතින්ට වගේම ආගමිකයන්ට.

දිනපතා අපි උතුරු නැගෙනහිර දකින්නේ අහන්න ලැබනේ මේ ජාතික පාට්තමයි.හැබැයි මේව තමයි රටක සාමය ස්ථාපිත කරගන්න බැරි ගොන්පාට්.

මිගමුව කියන්නේ දේදුණු නගරයක් එකේ තියෙන ඒ සංහිදියාව දේශපාලකයන්ට හරි ඇතැම් ආගමික නායකයන්ට හරි විනාශ කරන තැනට කටයුතු නොකරන තත්වයක් නිරන්තරයෙන්ම පවත්වාගෙන යෑම තමයි පොලිසියේ වගකිම.

හැබැයි සමහර කාල වලදි මිගමුවේදි ඒක ක්‍රියාත්මක වුනේ නැ.එදා පොලිස් අධිකාරි එරික් පෙරේරා කියපු ස්ථාවරය තුල මිගමුව පොලිස් කොට්ඨාසය ක්‍රියාත්මක කරවන්න පුලුවන් නම් ඉතාමත් වැදගත්.හැබැයි ඒක අභියෝගයක්.

කලු මල්ලි පාලනයකට යටවෙලා ජරාජීර්ණ වෙච්ච මිගමුව වගේ නගරය ඇතම් ආගමික නායකයන් පවා ද්‍රව්‍යමය ආධාර නැත්නම් තවත් දේවල් හින්ද මේකේ ඉන්න මජර දේශපාලකයන් කිකරු ගෝලයෝ වෙලා උන්න.ඒකම මේ නගරයට හෙනයක්.

කලුසල්ලි කුඩු සල්ලි ආගම අස්සට වද්දගත්ත අයත් හිටිය.

දැන් මෙහෙම යථාර්ථයක් අස්සේ තමයි එරික් පෙරේරලට මේ දේදුණු නගරය රැකගෙන යන්න වෙන්නේ

එක දෙයක් කියන්න ඕනා.මිගමුවේ දුෂිත ක්‍රියාවලට උඩගෙඩි දුන්න කප්පම් ගත්තු පොලිස්කාරයොත් හිටියා.එයාල අද හෙටම පාලනය කර නොගත්තොත් මිගමුවට බඩුම තමයි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article